Thursday, May 10, 2012

වීසා නැතුවම ලංකාවට ආ ඉන්දියන් අමුත්තා - Indian Pitta - The uninvited guest




අවුරුද්දකට මාස කීපයක් පමණක් අපේ වත්තේ දක්නට ලැබෙන සුන්දර පක්ෂියෙක් ගැනයි අද මම ලියන්නේ. Pitta brachyura යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ අපූරු කුරුල්ලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ අවිච්චියා යන නමින්. ඉන්දියාව නිවහන කරගත් මේ අපූරු කුරුල්ලා හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව වාර්තා වෙනවා. ඒ වගේම නේපාලය, පාකිස්ථානය වැනි රට වලිනුත් අවිච්චියා වාර්තා වෙනවා. හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වලට ශීත ඍතුව උදා වන විට මොහු ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙන් අවිච්චියා වාර්තා වන අතර වියළි කලාපයෙන් වාර්තා වී නැහැ.


අවිච්චියාගේ අභිජනන සමය උදා වන්නේ ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළයි. ශ්‍රී ලංකාව තුළ අභිජනනයේ යෙදෙන බවක් නම් මෙතෙක් වාර්තා වී නෑ.



කෙසේ නමුත් අවිච්චියා පිළිබඳව අපූරු ජනකතාවක් ලක්වාසීන් අතර තිබෙනවා. මම ඒකත් කියල ඉන්නම්. ඔන්න ඉස්සර කාලෙ මොණරාට දැන් තරම් ලස්සන පිල් කළඹක් තිබුනේ නැතිලු. එක තිබිල තියෙන්නේ අවිච්චියාට. ඉතින් දවසක් මොණරා ඇවිල්ලා මගුල් ගෙදරක යන්න තියෙනවා කියලා අවිච්චියාගෙන් ඇඳුම ටිකකට ඉල්ලුවලු. අවිච්චියත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ කියලා අරූට කිට් එක දුන්නලු. මුගේ තියන බලුකම කියන්නේ මූ මගුල් ගෙදර ගිහින් ඇවිත් කිට් එක ආපහු නොදී මග ඇරියාලු. ඉතින් එදා ඉඳල අවිච්චියා "ආයෙත් දියාන්-ආයෙත් දියාන්" කියා කියා කෑගහනවලු. ඇත්තටම උගේ සද්දේ නම් ඒ වගේ තමයි ටිකක්. මූට අවිච්චියා කියලා නම වැටුනෙත් මේ සීන් එකෙන් පස්සේ කියලයි මම අහල තියෙන්නේ. දැනටත් මෙයා ඉගිල්ලෙන කොට පියාපත් අස්සෙන් ලස්සන මොනර නිල් පාටක් දකින්න ලැබෙනවා. මෙයා පියාඹන පින්තූරයක් නම් මට ගන්න බැරි උණා.


මෙයා වැඩිපුරම හැසිරෙන්නේ බිම කොලරොඩු අවුස්සමින් කෑම සොයමින්. බිම් ස්ථරයට ගොඩක් සමීපව හැසිරෙන නිසා මෙයා පූසන් වැනි විලෝපිකයන්ට හසුවීමේ අවදානම ටිකක් වැඩියි. කොහොම උනත් මූ බොහොම විමසිලිමත් සතෙක්. ලඟට කිට්ටු කරන එක ලේසි නෑ. ඔය මම දාල තියෙන ෆොටෝ දෙක ගත්තෙත් සෑහෙන අමාරුවෙන්.
   

3 comments:

  1. සිරා photo 1 ක් මචන්.අවිච්චියා කියන්නේ මමත් හරිම ආස කුරුල්ලෙක්, හරිම කලාතුරකින් තමා දකින්නෙ.මෙහෙම පොටෝ ගන්න උබට පට්ට ඉවසීමක් වගේම මාර Luck එකකුත් තියෙන්න ඔනෙ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. Thanks a lot මචන්. මේ ෆොටෝ එකට නම් බලපෑවේ තනිකරම luck එක තමා.

      Delete
  2. හොද ලිපි පෙළක් සහෝ දිගටම ලියන්න ඔබට දිරිය ලැබේවා

    ReplyDelete