සිංහරාජය කියන්නේ ලංකාවේ අපිට උරුම වෙච්ච අපූරු සම්පතක්. නමුත් ඒ ගැන මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මොකද බොහෝ දෙනෙක් සිංහරාජය ගැන අහලා, දැකලා, කියවලා තියෙන නිසා. මම ඒ වෙනුවට කරන්න යන්නේ පසුගිය දවසක මම සිංහරාජයේ කරපු සංචාරයකින් ලබපු අත්දැකීම් ටිකක් සහ මගේ තෙවන ඇස දැකපු සොඳුරු දසුන් කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න. අඩුපාඩු එහෙම තිබුනොතින් කියන්න ඕන ඕං...
සිංහරාජයට ඇතුළු වියහැකි නිලලත් මාර්ග තුනක් තියෙනවා. ප්‍රකටම මාර්ගය තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, වැද්දාගල හරහා කුඩව පිවිසුමෙන් සිංහරාජයට ප්‍රවිෂ්ට වීම. මේ මාර්ගය සාපේක්ෂව පහසු එකක්. අනිත් මාර්ගය තමයි දෙනියාය මෙදේරිපිටිය හරහා පිටදෙනිය පිවිසුම. මේක තරමක් දුෂ්කර මාර්ගයක්. දෙනියාය එන්සල්වත්ත හරහා මෝනින්සයිඩ් මාර්ගයත් ඉතා සුන්දර නමුත් අතිදුෂ්කර මාර්ගයක්. මේ මාර්ග තුන අතරින් මගේ වඩාත්ම සිත්ගත් මාර්ගය තමයි දෙනියාය-පිටදෙනිය මාර්ගය. මේ මාර්ගය හරහා මම දෙවරක් සිංහරාජය තරණය කර තිබෙනවා. අද ලියන්නේ ඉන් එක අත්දැකීමක්. සෙස්ස පස්සට...
මේ මාර්ගය හරහා යනවා නම් නවාතැන් සඳහා පිටදෙනිය වන නිවහන තෝරාගත යුතු වෙනවා. මහා කැලේ මැද ගිං ගං කොමලියගේ ඉවුරේ පිහිටි මේ සුන්දර නවාතැනේ දිනයක් ගත කිරීමත් ජීවිතයේ අමතක නොවන මිහිරි අත්දැකීමක්.
පිටදෙනිය වන නිවහන |
අපි ගමන පටන් ගත්තේ උදේ 5.00 ට විතර ගාල්ලෙන්. මේ ගමනට මාත් එක්ක හැමදාමත් කන්කෙඳිරි නොගා ඕනෑම කැලෑවක, කටු අකුලක යන්න එන මගේ ආදරණීය හාමිනේත්, තව මේ වගේ ගමන් වලට කැමති මිතුරන් කීප දෙනෙකුත් එක් වුණා. මේ ගමන යන අතරමග දකින්නට ලැබෙන දිය ඇලි කීපයකුත් නැරඹීම අපේ එක අරමුණක් වුනා. බොහෝ දෙනෙක් නොදන්නවාට දකුණු පළාතේ බොහොම සුන්දර දිය ඇලි කීපයක්ම තියනවා. ඒවා අතරින් 10 කට ආසන්න ප්‍රමාණයක් මේ ගමනේදී දැක ගන්න තරම් අපි වාසනාවන්ත උනා. මේ පලවෙනි එක. මේක දකින්න ලැබුනේ අකුරැස්ස පහු කරලා ටිකක් දුර යන කොට. තේ වතු යායක් මැදින් වැටුණු දුෂ්කර පාරක කිලෝ මීටර් තුනක් විතර ගියාම මේ සුන්දර ඇල්ල දැක ගන්න ලැබුණා. අපි මේක බලන්න ගියේ වැහි කාලෙක. එක නිසා මේ ඇල්ලේ වතුර හොඳටම බොර වෙලා තිබුනේ. ඒ වගේම මේ ඇල්ල අසල ජලවිදුලි බලාගාරයක් ඉදිවෙමින් තිබුනා. වතුර බොර වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇතී. එහෙනම් කතා ඇතී ඔන්න බලන්න මේ ඇල්ලේ ලස්සන. ආ... මේ ඇල්ලේ නම කියන්න අමතක උනා නේ. මේ තමයි "ඇතාමල ඇල්ල"
ඇතාමල ඇල්ල |
ඇතාමල ඇල්ලේ සැඩවර (rapids) |
ඉතින් මේ කියපු සේරම දේවලුත් අරගෙන අපි දෙනියායෙන් පල්ලේගම බලා පිටත් උනා. පල්ලේගම හන්දියෙන් මෙදෙරිපිටියට හරවන්නේ නැතුව කොලවෙනිගම පාරේ ටික දුරක් යන්නට අපි තීරණය කළේ ලෝක ප්‍රකට හත්මාලේ ඇල්ලත් බලාගෙනම යන්න ඕන නිසයි. ගිං ගඟේ ඉහල කොටසේ දකින්නට ලැබෙන මේ අතිසුන්දර දිය ඇල්ල, මාල හෙවත් තට්ටු හතකට ඇද හැලුණු බව කියවෙනවා. දෙනියායේ ගංවතුර පාලනය කිරීම සඳහා ඒ කාලේ මේ ප්‍රදේශ පාලනය කරපු සුද්දන් විසින් දිය ඇල්ලේ මාල කීපයක් බෝර දමා කඩා දැමූ බවයි මෙහෙ ගම්වැසියන්ගේ අදහස. මේවා අපිට කිව්වේ අපිත් එක්ක මේ ඇල්ල බලන්න ආපු කොලවෙනිගම දීපාල් මල්ලි.
හත්මාලේ ඇල්ලේ ලස්සන... |
දුෂ්කරක්‍රියාව |
මග දිගට දුටු සුන්දරත්වය... |
පාරුවේ පුවක්... |
මගදිගටම මේ ගොල්ලන්ගෙන් නං අඩුවක් තිබ්බෙ නෑ... |
පු...හ්... මනස්‌කාන්තයි....මාරයි , ලස්‌සනයි, අති ඊරිසියයි....මාත් යනව අද හෙටම.....හ්....ම්ම්....
ReplyDeleteඉරිසියා කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මේක බලන්න යන්න. ඔයගොල්ලෝ වගේ සොබාදහමට ආදරේ කරන මිනිස්සු කොච්චර ගියත් මේ වගේ තැන් වලට හානියක් වෙන්නේ නෑ. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා දෙන ධෛර්යයට. පිටදෙනිය පැත්තේ යනවා නම් කියන්න. උදව්වක් එහෙම ඕන නම් කරන්න පුළුවන්.
Deleteමාරම ලස්සන තැනක් මමත් මැරෙන්න කලියෙන් එක වතාවක් හරි සිංහරාජ කැලේ රවුමක් යන්න මාරම ආසාවෙන් තමා ඉන්නේ මම ඉන්න දිහාවේ තියෙන බුද්ධංගල ලැලේ ඇතුලේ යාලුවොත් එක්ක සවාරි ගිහින් මම දවස් ගනං ඉඳලා තියනවා ඒත් වැසිවනාන්තරේක පයගහපු කාලයක් මතක නෑ
ReplyDeleteපින්තූර ටිකත් මාර ගති
ඇත්තමයි සඳරු මේ නම් මැරෙන්න කලින් එක වතාවක් වත් යායුතුම තැනක් තමයි. මමත් හරිම ආසාවෙන් ඉන්නවා බුද්ධංගල, නිල්ගල පැත්තේ කැලෑවල ඇවිදින්න. හැබැයි දැන් තියෙන තත්ත්වයන් එක්ක ඒ හීනේ කවදා හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නෑ.
Deleteලංකාවේ බොහෝ දෙනෙක් සිංහරාජයට ගියා කියල එහේ තිබෙන නියම සුන්දරත්වය විදින්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් කුඩව පාරෙන් සිංහරාජයට ඇතුල් වෙලා සැමදාම වැටෙන සිරිපොද වැස්සේ කූඩැල්ලොන්ට එරෙහිව සටනක් වගේ නවද ගහ බලන්න දුවන්න යනවා ඊට පස්සේ research එක ගාවට ගිහින් Jeep රථ මාර්ගයෙන් ඉක්මනට ගමන ඉවර කරනවා. ඒත් ඊට හාත්පසින් වෙනස් වූ නියම සුන්දරත්වය විදින්න පුලුවන් පිටදෙනිය මාර්ගයෙන් තමයි.
ReplyDeleteසිංහරාජේ යනවා නම් දවසක් වත් සම්පුර්ණයෙන්ම එහෙ ගත කරන්න බලාගෙන යන්න ඕන. ඔයා කිව්වා වගේ බොහෝදෙනෙක් කරන්නේ කඩිමුඩියේ යෝධ නවඳ ගහයි, මුලාවැල්ල කන්දයි නැගල අපි සිංහරාජේ ගියා හැබැයි මෙලෝ දෙයක් දැක්කේ නෑ කියන එක. ඇත්තටම එහෙම ගිහින් මෙලෝ දෙයක් දකින්න බෑ තමයි. නමුත් සැනසිල්ලේ පරිස්සමෙන් ලංවෙලා බැලුවොත් කොයිතරම් නම් දේවල් දකින්න තියෙනවද? මම ඊළඟ පෝස්ට් එකෙන් ඒ විස්තර සේරම දාන්නම්. ස්තුතියි මේ පැත්තේ ආවට.
Deleteලස්සන චාරිකා සටහනක්...මමත් සිංහරාජෙ යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඒක නිසාමයි මම පහුගිය අප්‍රේල් නිවාඩුවට යාලුවෙක් එක්ක රක්වානෙ ගියෙත්..ඒත් සුරියකන්ද පැත්තෙන් සිංහරාජයට ඇතුල්වීමට පන්සලෙන් අවසර නෑ..සිංහරාජෙ බලන්න තිබ්බ දැඩි ආසාව හින්දම අපි අනවසරයෙන් කැලේට ඇතුල් උනා..කැලේ ඇතුලේ පාරවල් නෑ..අපි කලේ පන්සල ලගින් ගලාගෙන යන දියපාර ඔස්සේ මාලිමාවට අනුව ඉහලට ගිය එකයි.දියපාරවල් තැන් තැන් වලින් බෙදෙනවා.ඒක නිසා මාලිමාව සැහෙන වැදගත්....අංශක 70 ක විතර ආනතියකින් අපි දියපාර දිගේ ඉහලට ගියා සැහෙන දුරක්.... ආරණ්‍ය සේනාසනයට පේන දිය ඇල්ල පාමුලටම යන්න පුලුවන් උනා..එතනින් එහාටත් උඩට යන්න පුලුවන්කම තිබුනත් මාත් එක්ක හිටපු අනිත් දෙන්නා යන්න කැමති උනේ නැ..ඉතින් ඒක හින්දා අපිට ආපහු එන්න උනා..ඊලග වතාවෙ මේ චාරිකා සටහනේ කියලා තියෙන ඉසව්වෙනුත් සිංහරාජයට යන්න බලාපොරොත්තු වෙනවා..වැද්දාගල පාර අහලා තිබුනත් මේ පාර ගැන මම දැනගත්තේ අද..බොහොම ස්තුතියි අත්දැකිම් බෙදාගත්තාට.....
ReplyDeleteසූරියකන්ද පැත්තෙන් ඇතුළු වෙන්න පාරක් තියෙනවා. එනසාල්වත්ත මොර්නින්සයිඩ් හරහා. ඒ පාර ටිකක් දුෂ්කරයි. හොඳ ෆෝවීල් වාහනයක් නැත්නම් කිලෝමීටර් හතක් විතර පයින් යන්න වෙනවා. ඒකත් අපූරු අත්දැකීමක්. කොහොමවුනත් පිටදෙනිය හරහා ඇතුළු වුනාම දියඇලි සැහෙන ප්‍රමාණයක් බලන්න පුළුවන්. මම ඒ විස්තර සේරම ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්. බොහොම ස්තුතියි
Deleteලස්සන පින්තූර ටිකයි වටිනා විස්තර ටිකයි. කවදා හරි අපිට උන උනොත් මෙතනින් උපුටා ගත්තට කමක් නැද්ද?
ReplyDeleteඅවශ්‍ය වේලාවකදී විස්තරයක්, පින්තූරයක් උපුටා ගත්තට අමනාපයක් නෑ. හැබැයි ඉතින් ගත්තේ මෙතනින් කියලා කියනවානම් හොඳයි. ස්තුතියි මේ පැත්තේ ආවාට.
Deleteමාත් ගියා මෙතනට...
ReplyDeleteකොහොමද තැන? සුපිරියි නේද?
Deleteනිවාඩුවට ලංකාවට ආවා! යන්න තැනක් හොයනවා! මේකත් දාගන්නම් ලිස්ට් එකට!
ReplyDeleteඅනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕන තැනක්. හැබැයි මේක බොහොම සංවේදී පරිසරයක් කියලා නම් මතක තියාගන්න.
Deleteලස්සන පරිසරයක් දුෂ්කර වුනත් යන්න ආසයි...මේව දකිනකොට....
ReplyDeleteඅපූරුයි සහෝ
ReplyDeletemethana no ekak thiyanawada?kohomada thawa wadi wisthara labaaganne?
ReplyDelete