Saturday, January 19, 2013

හොඳටම වැඩිවුණ ලේනා....

ලේනා..Indian Palm Squirrel (Funambulus palmarum)

අපේ මිදුලේ කුරුල්ලන් වෙනුවෙන් කෑම, වතුර සපයන ලැල්ලක් සවි කරලා තියෙන බව මම කලින් පෝස්ට් එකක කියලා ඇති. මෙතනින් බලන්න ඒක. අපි පසුගියදා කුරුලු ලෑල්ලට පොඩි ස්ථාන මාරුවක් දුන්නා. කලින් තිබ්බ තැන චුට්ටක් පාත වැඩියි. ඉතින් පූසෝ වගේ විලෝපිතයන්ගෙන් කුරුල්ලන්ට ඇතිවන අවදානම සලකලා අපි කුරුලු ලෑල්ල ඇඹරැල්ල ගහේ ටිකක් උඩින් හයි කළා.
මේ වෙනස කල දවසේ වෙනදා එන කුරුල්ලෝ වැඩිය ආවේ නෑ. උන්ට තැන නුහුරු නිසා වෙන්න ඇති. හෙට අනිද්දා වෙනකොට ඒක හරියයි. එදා මුලින්ම කෑමට ආපු මේ තුන් ඉරි අප්පු මූණ දීපු අබග්ගය තමයි මේ.

ආ... මේ තියෙන්නේ රස කෑමක්.... කිට්ටු කරලා බලමු....

ලෝකෙ තියෙන අන්තිම කෑම මේක වෙන්න බැරි නෑ ඒක හින්දා හොඳට කන්න ඕන.  
තවත් කාගන්නත් බෑ ඒත් බෑ කියලත් බෑ.....
අන්තිමේදී....
කන්න දීපු එවුන් මාව නැගිට්ටවපල්ලා....

5 comments:

  1. ලස්සනයි, ඔතන ඔයාට හොඳ ෆොටෝ ටිකක් ගහගන්න කියාපු තැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මීට කලින් කුරුලු ලෑල්ල තිබුණු තැනත් මම ගොඩක් ෆොටෝ ගත්තා.

      Delete
  2. ලේනා දන්නවා නම් අපහාස නඩු දායි... :D

    අපේ ගෙදරත් වටේට ඉන්නව ඔන්න ඔහොම සත්තු. කොන්ඩ කුරුල්ලෝ එහෙම පුරුදු වෙලා මං වෙන මොකක් හරි විසි කලත් එතනට ඉගිලිලා එනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං... ඌ දන්නවානම් ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ. කුරුළු ලෑල්ලට එන සත්තු දිහා බලන් ඉන්න එකත් අපූරු වැඩක්.

      Delete