ජීවිතයේ තවත් එක හීනයක් පහුගියදා හැබෑ කරගත්තා. බදුලු දුම්රියේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පහු කරගෙන යන වාරයක් පාසා දුම්රිය ස්ථානයට ඉහළින් පෙනෙන මේ උත්තුංග කඳු වැටිය තරණය කරන්න හීනයක් මගේ හිතේ තිබුණා. ඒ හැබෑ වු හීනයේ කතාවයි මේ....
ඒතරම් ප්‍රසිද්දියක් නැති උනත් ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ කඳු අතර උසින් හය වෙනියා... හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 2216ක්. සුප්‍රකට බදුල්ල දුම්රිය මාර්ගයේ වටගොඩ හා රදැල්ල දුම්රිය ස්ථාන අතර ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පිහිටා තිබෙනවා. නොඉඳුල් වනගහනයකින් හෙබි මෙම කඳු වැටිය ප්‍රදේශයේ ප්‍රධානතම ජල මූලාශ්‍රයද වනවා.
පුරුදු පරිදි මෙම චාරිකාවටත් අපි යොදා ගත්තේ කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත් වන තැපැල් දුම්රියයි. මෙවර ගමනට පරිසර ලෝලීන් අට දෙනෙක් එකතු වී සිටියා. ගී රසෙන් පිරුණු දුම්රිය ගමන අපූරු අත්දැකීමක්. අපි එක තැනකට එකතු වී සිහින් සරෙන් ගී ගැයූ නිසා නිදන මැදිරියේ නිදා උන් අයට එය බාධාවක් වුණේ නෑ. නැළවිල්ලේ ගමන් කල දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළට ළඟා වෙද්දී පාන්දර තුනට ආසන්න වුණා. පසුගිය චාරිකාවේදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී තරම් නොවුණත් දුම්රියෙන් බැස්ස වහාම දැනුනු සීතල තරමක් කටුක බව නොකියාම බැහැ.
මදක් එළිය වැටෙන තුරු දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ රැඳෙන්න අපි තීරණය කළා. හිරු එළිය වැටෙද්දීම අපි එළියට බැස්සේ උදෑසන හිරු කිරණින් බැබළෙන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නටයි. දුම්රිය වේදිකාවේ හිඳ බලන විට පෙනෙන දර්ශනයේ සුන්දරත්වය වචනයට නගන්නට නොහැකි වීම ගැන මට සමා වන්න...
උදෑසන අසිරිය... |
සිරිපාදේ සමනල කන්ද පෙනේ... |
දුම්රිය ස්ථානයට හරි කෙළින් කඳු වැටිය පැතිරී තිබුණත් ඒහි සෘජු නැග්ම නිසා ඒතැනින් නැගීම කල නොහැකි වැඩක්. ඒ නිසා අපට කන්ද වටේ දුම්රිය මාර්ගය දිගේ කිලෝමීටර 2ක් පමණ යන්නට සිදු වුණා.
කන්ද වටේ... |
හිමිදිරි උදෑසන මෙවන් සොඳුරු පරිසර පද්ධතියක් හරහා වැටුණු දුම්රිය මගක ගමන් කිරීම ඉතා අපූරු අත්දැකීමක්..
පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳිමින්, තැන තැන නතරවී ඡායාරූප ගනිමින් අපි හෙමින් හෙමින් අපේ ගමනේ අාරම්භක ස්ථානයට අාවා...
ගල් මුල් වල පය පැකිළී වැටි වැටි... හතර ගාතෙන් කන්ද නැග්ග හැටි ඊළග කොටසින්....
ඔන්න දෙවනි කොටස දැම්මා... මෙතන කොටන්න
ටර්පන්ටයින්... |
පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳිමින්, තැන තැන නතරවී ඡායාරූප ගනිමින් අපි හෙමින් හෙමින් අපේ ගමනේ අාරම්භක ස්ථානයට අාවා...
ගල් මුල් වල පය පැකිළී වැටි වැටි... හතර ගාතෙන් කන්ද නැග්ග හැටි ඊළග කොටසින්....
ඔන්න දෙවනි කොටස දැම්මා... මෙතන කොටන්න
උඹ වාසනාවන්ත මිනිහෙක්
ReplyDeleteස්තූතියි අටං... මෙච්චර ලස්සන රටක ඉපදිච්ච අපි හැමෝම වාසනාවන්තයි මචං.. කරුමෙට ඒ ලස්සන දකින්න අපිට අවස්ථාව අඩුයි.
Deleteඅටමා හරි..උඔ ගැන ඉරිසියයි..
ReplyDeleteඑල ද බ්‍රා
ඉරිසියා කර කර ඉන්නැතුව වරෙං මාත් එක්ක ට්‍රිප් එකක් යන්න....:D
Deleteඅනිවා..ඔයාගෙන් ගතයුතු දේ ගොඩයි...මෙවැනි සටහන් තව තවත් ඉදිරිපත් කිරිමට ඔබට ශක්තිය ලැබේවා..
Deletehow can you contact Morgan? truly I would like to join you all as I like these type of things very much. But my age will not suit for you I hope) . I am 58 now.
ReplyDeleteHere's the contact No. of Morgan - 0770791002
DeleteWhat matters is not the age but the attitude... Thanks a lot for the enthusiasm. I'll give you all the details of the trail in the next part.
සිංහරාඡ චාරිකාව කියෙව්වා..එල ද බ්‍රා අයියන්ඩි..
ReplyDeleteකියන්න වදන් නෑ පට්ටයි සුපිරි...එල ද බ්‍රා අනික ඔයාගේ පිංතුර ගැනිමේ හැකියාව පොස්ටුවට ලොකු වටිනාකමක් දිලා..
මමත් දවසක යනවා එදාට මට උපදෙස් අවශ්‍යයි..
ස්තූතියි මලයා... උඹලා මෙහෙම සපෝට් කරන කොට දාහක් වැඩ තිබුණත් ආටිකල් එකක් ලියන්න මාර ගටක් එනවා. ට්‍රිපක් යන දාක කියපං. පුලුවන් උදව්වක් බොක්කෙන්ම කරනවා....
Deleteඅපූරු ගමනක්නේ මලයා. ඔය දුම්රිය පොළේ ස්ථානාධිපති නිල නිවසේ දින කීපයක්ම ගත කළත් මේ කන්ද නං තරණය කරන්න නොහැකිවුණා.
ReplyDeleteඅපරාදෙ නලින් අයියෙ.. නිකමට හරි යන්නයි තිබුණෙ....
Deleteමමත් මීට මාස 6කට විතර කලින් ඔය Hike එක ගියා. මම ගියපු අමාරුම Hike එක තමයි ඒක.
ReplyDeleteඇත්ත... එ් හයික් එක නං ටිකක් අමාරුයි තමයි. ඔයාගෙ අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්න සතුටු නැද්ද?
Deleteහරිම ලස්සනයි මේ පින්තූර...ලංකාව කොයි තරම් සුන්දර රටක්ද කියලා හිතෙනවා මේවා දැක්කම...අපූරු අත්දැකීමක් බවට සැකයක් නෑ ඔබේ මේ චාරිකාව..
ReplyDeleteස්තූතියි සිරා... ඇත්තටම හරිම අපූරු අත්දැකීමක් මේ චාරිකාව...
Deleteකලින් වගේම සුන්දර චාරිකා සටහනක්. ස්තුතියි...
ReplyDeletesupiriiiii
ReplyDelete