මේ වගේ ලස්සන දියපාරවල් රාශියක් මේ මංපෙත ඔස්සේ සංචාරය කරන උදවියට දකින්නට ලැබෙනවා. මේ නොඉඳුල් දියදහරා වල ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ රාශියක් දැක ගන්නට පිළිවන්. රතු පැහැ වල්ගයක් සහිත තල්කොස්සා (Belontia signata), හල්මල් දණ්ඩියා (Rasboraides veterifloris), කොළ කනයා (Channa orientalis), හීතමස්සා (Puntius oleurotaenia), බුලත් හපයා (Puntius nigrofasciatus) ආදී දුර්ලභ එමෙන්ම ආවේනික මත්සයන් මේ දියදහරා වල ඉතාම සුලබව වාර්තා වෙනවා. ගල් තලා මතින් ගලා බසින මෙම දියදහරා වල සුලබම මත්ස්‍යයා වන්නේ ගල් පාඩියාය (Garra ceylonensis).
Ahatulla nasutus |
Ahatulla nasutus |
Adenomus kelaartii |
යෝධ පුස් වැල |
යෝධ පුස් වැල |
නාරන්ගස් ඇල්ල |
නාරන්ගස් ඇල්ල |
ඇහැටුල්ලාගේ දෙවෙනි පින්තූරය හරිම දුර්ලභයි.... ඒක ඔයාට ගන්න ලැබුනානම් ඔයා හරිම වාසනාවන්තයි... ඕක විවිධ මත වලට දුඩු දුන් කාරණයක්...
ReplyDeleteඅර ඇහැටුල්ලෝ අතින් අල්ලන එකනම් එච්චර විශේශයක් නෙවෙයි දිල්ශාන්, එයාලා දන්නවා කොතනද සර්පයා ඉන්නේ එයාගේ ගතිගුණ මොන වගේද ඒවා... ටිකක් මතක් කලොත් එක පාරට කල්පනාවට එයි මග පෙන්වන්නා එක පාරටම ගිහින් ගහකින් මෙයාව ගත්තනේ කියලා.. මොකද එයාලට ඔය වැඩේ පුරුදුයි.. බැරි වෙලාවත් එතන පොළගෙක් වගේ හිට්යොත් කොච්චර චන්ඩි උනත් එයාලා අතක්වත් තියන්නේ නෑ.... :
ස්තූතියි අභීත මේ පැත්තේ ආවට.
ReplyDeleteඇහැටුල්ලගේ දෙවෙනි ෆොටෝ එක නම් ගත්තේ ටිකක් වෙලා එතන බලන් ඉඳලා. ඇත්තටම එක නම් වාසනාවම තමයි.
සර්පයා ඇල්ලීම ගැන මම අදහස් කලේ ඒකෙන් එයාගේ ස්වභාවික හැසිරීම් වලට බාධාවක් වෙයි කියලා. පොළඟා වුනත් ආරක්ෂාකාරීව අල්ලන මිනිස්සු මම දැකලා තියෙනවා. මම හිතන්නේ රක්ෂිතයක නිවී සැනසිල්ලේ ඉන්න සත්තු මිනිස්සුන්ගේ ආතල් වෙනුවෙන් ප්‍රදර්ශන භාණ්ඩ නොවිය යුතුයි කියලා. (අභීත අයියා මම හිතනවා උඹට මාව මතක ඇති කියලා.)
මට හිතෙන්නෙම උඹ විභාග දෙපාර්තමේන්තුවේ එකා කියලා... එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :D :D
Deleteහරිම ලස්සනයි අනර්ගයි.පිංතූර ටිකත් මරේ මරු
ReplyDeleteස්තූතියි සහෝ!
Deleteවැදගත් තොරතුරු බොහොමයක් දැනගත්තා. ඊළඟ අගෝස්තුවෙ ලංකාවට ආවම යන්න හිතාගෙන ඉන්න නිසා, හැම තොරතුරක්ම මට ගොඩක් වටිනවා. බෙදාගත් වටිනා ඡායාරූප වලටත් බොහොම ස්තුති!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා සහෝදරයා! කන්නෙලියේ යනදාක උදව්වක් ඕන වුනොත් කියන්න.
Deleteපින්තුර ටිකනන් පට්ට මචන්... යන්න හොද පැත්තක් වගේ ..... හිතල බලන්න ඕනේ ..... :D :D :D
ReplyDeleteමම මේ බ්ලොග් එකට ආවේ බොහොම කාලෙකින් .. පුදුමයි බං මට හිතාගන්න බැරි තරමට උඹ දියුණු වෙලා . දැන් මාර ලස්සනට ලියනවා මාරම ගති පින්තූරත් එක්කම .. ජය වේවා මචං .
ReplyDeleteතෑන්ක් යූ මචන්. උඹේ සපෝට් එක මම මේක පටන් ගත්ත දා ඉඳලම තිබුනා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
DeleteLovely Trip report !!1
ReplyDeleteI have never been to Kaneliya,
should try to visit next year.
What is the best time to got there?
Thanks a lot for visiting Rajiv. February to April is the best period as the lack of the rain.
Delete//ඇහැටුල්ලගේ සිරුරේ මේ වගේ වෛරම්// ඇහැටුල්ලෝ දැකල තිබුනට මේ විදිහට ඉන්නවා නම් දැක්කම යි. ඇහැටුල්ලා මරු බඩුවක්. ඌට හය මාසෙකට වත් කන්න බැරි තඩි ගෙම්බෙක් ව වෙලාගෙන ඉන්නවා මං දැක්ක දවසක්. පැය ගාණක් හිටිය. පස්සේ නම් මොනවා උනාද දන්නේ නෑ. :D
ReplyDeleteගෙම්බාට ඌ වැඩේ දෙන්න ඇති. මුන් කොච්චර හීනියට හිටියත් ඌ වගේ දෙකක් විතර මහත සතෙක් වුනත් අල්ලාගෙන ගිලින්න පුළුවන්. උන්ගේ හකුපාඩා ගොඩක් ප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ හොඳට ඇදෙන සුළුයි.
Delete