සෑහෙන කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන ඉඳපු ගමනක් යන්න පහුගිය සතියේ අවස්ථාව උදා වුණා. ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වන තොටුපොළ කන්ද තරණය කරන්න අපට හැකි වුණා. මේ ඒ පිළිබඳව ඔබට ගෙන එන සටහනයි.
තොටුපොළ කන්ද පිහිටා තිබෙන්නේ පට්ටිපොළ සිට හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ. හෝර්ටන් තැන්නේ පට්ටිපොළ අන්තයේ ප්‍රවේශපත්‍ර කවුළුව පසුකර මීටර් කීපයක් ඉදිරියට යනවිට මාර්ගයේ වම් අත පැත්තේ තොටුපොළ කන්දට පිවිසෙන මංපෙත මුණගැහෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2360ක් පමණ උසින් පිහිටා ඇති තොටුපොළ කන්ද ඊටම ආවේණික ජෛවීය හා භූගෝලීය ලක්ෂණ වලින් හෙබි ඉතාම අපූර්ව පාරිසරික පද්ධතියක්.
මා සමග මේ ගමන යන්නට මගේ කාර්යාලීය මිතුරන් තිදෙනෙකුත් එකතු වුණා. ජුලි මස 25 වැනිදා රාත්‍රී 8ට කොළඹ කොටුවෙන් පිටත් වන තැපැල් දුම්රියේ නිදන මැදිරිය වෙන් කරගත් අපි 26වනදා උදේ පාන්දර 4.30ට පමණ ලේ කැටි ගැස්වෙන තරම් සීතලකුත් තුරුළු කරගෙන පට්ටිපොළට ගොඩ බැස්සා.
සීතල උදෑසන පට්ටිපොළ දුම්රිය පොළ... |
රොටී.... |
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ සංචාරක බංගලාව... |
පටන් ගැන්ම..... |
මග දිගට..... |
අහෝ..! අපේ වගකිවයුතු සංචරණය.....(අඹේවෙල යෝගට් කෝප්ප) |
මීදුම මැදින්.... |
අනන්තයට යන පාර දිගේ..... |
වනමලක සුන්දරත්වය... |
ගල මත ජීවය.... |
බෝවිටියා... |
එතැන් පටන් මීදුම මැද්දෙන් තොටුපොළ කන්ද නැගපු හැටි හැකි ඉක්මණින් ලියන්නම්.
Goda kaaleka idan apith yanna hithagena inna thanak.......thaama beriuna dawasak daaganna wadeta........
ReplyDeleteමේක නම් බලන්න වටිනා තැනක්. කවද හරි යන්න. මමත් ආයේ කාලගුණය පැහැදිලි දවසක යන්නයි හිතාගෙන ඉන්නේ.
Deleteපට්ටම තමා සහෝ කතා කරන පිංතුර ටිකත් එක් වුණාම මරුම තමා. ඉතිරිය දාපන් ඉක්මනට ලියල තියන විදියත් සජීවියි.
ReplyDeleteස්තූතියි නලින් අයියේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්.
Deleteනියමයි මල්ලි, අනන්තයට යන පාර දිගේ කියන ෆොටෝ එක මරු..
ReplyDeleteඑතකොට මේ දුර පයින්මද ගියේ?
ෆොටෝ එකකට ඔයාගෙන් අගය කිරීමක් ලැබෙන එක බොහොම සංතෝසයට කාරණයක්. කිලෝමීටර් 18ක් විතර පයින් ගියේ. හරිම අපූරු අත්දැකීමක් ඒක.
Deleteනියම ගමනක්, ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න ෆොටෝත් එක්කම.
ReplyDeleteස්තූතියි තාරක. ඉතිරියත් .ඉක්මනටම දාන්නම්.
Deleteකොච්චර කට්ට වුනත් (හීතල වගෙ දේවල් නිසා) හරිම සුන්දර වැඩක් නෙ වන සුන්දරත්වය විඳින එක.. පින්තූර ටිකෙන් පේනව තිබුනු තත්ත්වය කොහොමද කියල. අනෙක් ටිකත් දාමුකො දිල්ශාන්..
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඉක්මනටම දානවා. ස්තූතියි දෙන සපෝර්ට් එකට.
Deleteසුපිරි මචන්.. මමත් ගියා හෝටන් තැන්නට... නමුත් තොටුපල කන්ද නැග්ගෙ නෑ.... එල කොල්ලෙක්...
ReplyDeleteමේ මම ගියපු චාරිකාව....
http://jeevithayasundharai.blogspot.com/2012/12/blog-post_13.html
සාදරයෙන් පිළිගන්නවා මචන්. ඒ පැත්තෙත් ගියා...
Deleteවෙනදා වගේම ඔයාගෙ චාරිකා සටහන රස වින්දා... බොහොම රසවත්...
ReplyDeleteස්තූතියි මධුර.
Deletepatta machan...!! Thotupola kande gihin naa thawama, yanna ona welawaka..
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවට. තොටුපොල කන්ද ඒ තරම් අමාරු ට්‍රේල් එකක් නෙවෙයි. කවදාහරි යන්න.
Deleteබොහොම රසවත්...ස්තුතියි..
ReplyDelete