Monday, August 5, 2013

තොටුපොළ කඳු තරණය දෙවන කොටස...

ගිය පාර මම සටහන අවසන් කලේ හෝර්ටන් තැන්නේ පට්ටිපොළ පිවිසුම් දොරටුව ලඟින්. ඒ සටහන බලාගන්න බැරිවුණු උදවිය මෙතනින් ඒක බලාගන්න.
පිවිසුම් දොරටුවෙන් එපිට තියෙන්නේ මොනවද කියලා පේන්නෙත් නැති තරමට මීදුම ගනව තිබුනා. ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් අදාළ අවසරපත් ලබාගත් අපි තෙරක් නොපෙනෙන මිහිදුම් ප්‍රවාහයේ ගිලී ගියා.
ප්‍රවේශපත්‍ර කවුළුවෙන් එහා ලෝකය...
ප්‍රවේශපත්‍ර කවුළුව පසුකර මීටර කීපයක් ගමන්කළ විට පාරේ වම් පැත්තේ තොටුපොළ කන්ද මංපෙත මුණගැහුණා. මේ වනවිටත් ඉතාම විචල්‍ය කාලගුණික තත්ත්වයකුයි අපි අත්විඳිමින් හිටියේ. විටෙක ඉතා පැහැදිලි වන පරිසරය ඒ ක්ෂණයෙන්ම මීදුමේ ගිලී ගියේ ඡායාරූප සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්.
නාම පුවරුව...
නාම පුවරුවේ සඳහන් අන්දමට තොටුපොළ කන්දත් රාවණා පුරාවෘතය හා බැඳුණු තැනක්. රාවණාගේ දඬුමොණරය ගොඩබාන ලද තොටුපොළක් වීම නිසා මෙය තොටුපොල කන්ද වූ බව එහි දැක්වෙනවා. නමුත් කඳු මුදුනට ගොස් එහි සැඩ සුළං ප්‍රවාහයේ මහිමය මනාව අත්දුටු අපට නම් එය පට්ට කෙප්පයක් බව මනාව තේරුම් ගියා. මේ තරම් වැදගත් පරිසර පද්ධතිය ගැන වචනයක් වත් සඳහන් නොකර පුරාණ කෙප්ප කතා හයිලයිට් කරන මේ පුවරුව ගැන අපට ඇතිවුණේ කණගාටුවක්.
මංපෙත ඇරඹුම...
කඳු මුදුන තෙක් වනගහනය අතරින් වැටී තිබුණු අඩි පාරේ දිගටම අපි ගමන් කළා. බොහෝ සංචාරකයන් පිරිසක් හෝර්ටන් තැන්න නරඹන්න ආවත් එයින් බහුතර පිරිසක් තොටුපොළ කන්ද ගැන අසාවත් නැති බව අපට හැඟුණේ සෑහෙන දවසකින් මේ පාරේ සංචාරකයෙක් ගමන් කර නැති බව වැටහුණු නිසා.
වන වදුලේ සුන්දරත්වය...
අතරමග හමුවන බොහෝ සුන්දර දසුන් කැමරාවේ සටහන් කරගනිමින් ඉදිරියට ගිය අපි කුඩා හැඩයා ශාකයක් දැක මදකට නතර වුණා.
අධික මීදුම නිසා තරමක් හොඳ ඡායාරූපයක් ලබා ගැනීම මහා අභියෝගයක් වුණා. Huperzia pulcherrima යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන කුඩා අපිශාකයක් වන මෙය තරමක් දුර්ලභ, ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක්. කලබලයෙන් තොරව අවට පරිසරය ගැන විමසිල්ලෙන් පසුවන සංචාරකයෙකුටනම් මේ වගේ පුංචි නමුත් වැදගත් දේවල් මගහැරෙන්නේ නෑ. ක්‍රමයෙන් ඉහළට ගමන් කරන අපට ශාක පද්ධතියේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුණා.
කුරු ශාක...
ඉහළ පවතින අධික සුළං තත්ත්වය නිසා ශාක කුරු බවට පත්වී තිබීම එම කැපී පෙනෙන වෙනසයි. 
වැඩි වෙහෙස මහන්සියකින් තොරවම ලංකාවේ උසින් තෙවන ස්ථානය ගන්නා මුදුනට ලං වෙන්න අපිට හැකි වුණා.
කඳු මුදුනේ සිට....
නමුත් පැවතුණු අධික මීදුම නිසා පහළ මෙලෝ දෙයක් බලාගැනීමේ වාසනාව නම් අපිට තිබුණේ නෑ.
ඒ මදිවාට දැඩි සුළං සමග ඇදහැළුණු මුරුගසන් වරුසාව ඡායාරූප ශිල්පීන් හඬවන්නට සමත් වුණා. කඳු මුදුනේදී කැමරාව එළියට ගන්නටවත් අවස්ථාවක් නොලද අපි මද වෙලාවකින් ආපසු ගමන ආරම්භ කළා. මේ වලිකුකුළා දැක්කේ එන ගමනේදී...
වලිකුකුළා...
සවස් වෙද්දී අපේ නවාතැනට ආ අපි එදා රාත්‍රිය සීතලෙන් ගැහෙමින් පහන් කළා. පර සුද්දෙකුගේ විනෝදාස්වාදය සඳහා දිවිදුන් මේ කඳුකර ගෝනාගේ හිස අප දුටුවේ අපේ නවාතැනේ බිත්තියක සවිකර තිබියදී...
ෆන් එක වෙනුවෙන් බෙල්ල දීම...
පසුවදා උදෑසන උඩරට මැණිකේ දුම්රියෙන් ආපසු කොළඹ පැමිණි අපි අපේ අතිසුන්දර මතකයන් පිරි චාරිකාව නිමා කළා. උඩරට මැණිකේගේ ලස්සන පින්තූර ඊළඟ ලිපියෙන්...

14 comments:

  1. පලවෙනි ෆොටෝ එක ෆෝකස් වෙලා D.O.F. එක තව අඩු උනානම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. ඔයා හැමදාම දෙන්නේ බොහොම වටිනා උපදෙස්...!

      Delete
  2. ලස්සන පිංතූර ටිකක්.
    හෝටන් තැන්නට මමත් කීප වතාවක් ගිහිල්ල තිබුණත් තවම ඔය කන්ද නගින්න පුලුවං උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. එක පාරක් හරි යන්න ප්‍රසන්න... හරිම ලස්සන තැනක්.

      Delete
  3. මං හිතන්නෙ මේ වලි කුකුලා කිලෝ දෙකක් විතර ඇති වගේ.. අපේ පැත්තෙ ඉන්නවා මහ නාටු ගැහිච්චි වලි කුකුලෝ. උන්ගේ නම් මස් ග්‍රැම් පන්සියක් විතර ඇත්තෙ..

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ට් එක මචන්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලස්සන ගමනක් මචන්. මමත් හොර්ටන් තැන්නට කීප සැරයක් ගියත් මේ ගමන ගිහිල්ල නැහැ. අනිවා යන්න ඔනි ගමනක්. එල.

    ReplyDelete
    Replies
    1. උඹට මේ ගමන යන්න ආරාධනා කරන්න බැරි වෙච්ච එකට සමාවෙයන් මචං. ඊළඟට කිරිගල්පොත්තේ යමු.

      Delete
  6. ලස්සන පින්තූර ටිකක්.ගමනේ සුන්දරත්වය අපි එක්ක බෙදාගත්තාට ගොඩක් ස්තුතියි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක. උඩරට මැණිකෙගේ පින්තූර ටික බලන්නත් එන්න.

      Delete
  7. නියමයි දිල්ෂාන්. මමත් කලින් සතියේ තොටුපලකන්ද නැගල අවේ. එදානම් මිදුම තිබුනේ නැහැ. පරිසරය හොඳට පෙනුන. එත් හෝටන් තැන්නේ ලස්සන ඔය තෙත මිදුමත් එක්ක එන සීතලෙත් එක්ක එකතු උනාම එතනටම අවේනික වෙච්ච සුන්දරත්වයක් අත්විඳින්න පුළුවන්.

    ReplyDelete
  8. අපි ගිය පෙබරවාරියේ ගිය කන්දට. එත් කිසිම තද හුලගක්වත් මීදුම පොඩ්ඩක්වත් තිබ්බේ නෑ. ඒ නිසා හුළග පදනම් කරගෙන රාවනා හෝ දඬුමොනරය පට්ටපල් බොරුවක් කීම මහා මෝඩ කමක්.

    ReplyDelete