Monday, August 10, 2015

Safe foods for a healthy lifestyle - සුව දිවියකට වසවිස නැති ආහාර

වම්බටු - Brinjal - Solanum melongena
අදත් තරමක් වෙනස් මාතෘකාවක් සාකච්ඡා කරන්නටයි ‍'සොබාරූ' අදහස් කර‍න්නේ. වෙළඳපොළේ දක්නට ලැබෙන බහුතරයක් එළවුළු, පළතුරු ආදියට විෂ රසායන ද්‍රව්‍යයන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් යොදන බව නිරන්තරයෙන් අසන්නට ලැබෙන කාරණයක්. නිකමට හිතා බලන්න දීර්ඝ කාලීනව එම රසායන ද්‍රව්‍යයන් යෙදූ ආහාර පරිභෝජනය නිසා ඇති වීමට ඉඩ ඇති රෝගාබාධ පිළිබඳව.

මේ තත්ත්වයන් මගහරවා ගැනීමට හොඳම විසඳුම ලෙස මා දුටුවේ ගෙවත්තේ ඉඩ තිබෙන තැන් වල තමන්ට හැකි ආකාරයට යමක් වගා කර ගැනීමයි. වාණිජ වගාවකදී මෙන් ඉතා සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුණත් අවම වශයෙන් මාගේ දරුවාගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම්වත් යමක් වගා කර ගන්නට මා සමත් වුණා.

ගෝවා කොළ යනු මා ඉතාම ප්‍රිය කරන ආහාරයක්. නමුත් නුවරඑළි ගිය වතාවකදී ගෝවා පාත්ති වලට රසායන ද්‍රව්‍ය යොදන අයුරු ඇස්දෙකින්ම දුටු දා පටන් මම ගෝවා කෑම අතහැරියා. ගෝවා ගෙඩියට යොදන රසායනයන් ඉවත් නොවී බොහෝ කාලයක් රැඳී තිබෙන බව නිරීක්ෂණය වුණු කාරණයක්. නමුත් ගෝවා කෑමට මගේ ඇති පෙරේත කමත්, ගෝවා ඉතා හොඳ ‍පොටෑසියම් ප්‍රභවයක් වීමත් නිසා මා ඊට විකල්පයක් සොයා ගත්තා. එනම් කුඩා බඳුන් කීපයක ගෙවත්තේ ගෝවා පැළ කීපයක් වවා ගැනීමයි. නුවරඑළියේ ගෝවා තරම් රවුමට ලොකුවට නොවැඩුණත් මැල්ලුමකට ගෝවා කොළ කීපයක් කඩා ගන්නට එය ප්‍රමාණවත්.

ගෝවා - Cabbage - Brassica oleracea
මේ තියෙන්නේ කුඩා බඳුන් කීපයක වවා ගත් තක්කාලි ගස් කීපයක්. පළතුරක් හැටියට වුණත් හිතේ බයක් නැතිව කඩාගෙන කන්නට පුළුවනි.

තක්කාලි - Solanum lycopersicum
තක්කාලි ගස අවට බිම කල්පනාවෙන් බැලුවොත් වගා කර ඇති ගොටුකොළ සහ අනෙකුත් පළා වර්ග දකින්නට පුළුවනි. ඇත්තටම දැන්නම් පළා වර්ග වෙළඳ පොළෙන් මිලදී නොගන්නා තරම්. මේ තියෙන්නෙ තවත් මා ප්‍රිය කරන පළා වර්ගයක් වන කතුරු මුරුංගා..

කතුරුමුරුංගා - Sesbania grandiflora
කොයිතරම් පරිස්සමෙන් සාත්තු සප්පායම් කරත් අසාර්ථක වෙච්චි බෝගයක් තමයි රාබු. කොළ ලස්සනට හැදුනට අලය එතරම් විශාලව වැඩුණේ නෑ. ඒත් ඉතින් කමක් නෑ. අපිම පැළ කරගත්තුවා නිසා බොහොම ආඩම්බරෙන් තමයි ආහාරයට ගත්තේ...

රාබු - Raphanus sativus
වියළි කලාපයේ සාර්ථකව හැදෙන තුඹ කරිවිල විශාල වැලක් අපේ වත්තේ සාර්ථකව හැදුණා. කොළයක් ගානෙ මල් පිපිලා පුංචි පුංචි ගෙඩි ආවත් ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. කෘෂිකර්ම උපදේශක තුමාටවත් ඒකට විසඳුමක් දෙන්නට බැරි වුණා.
තුඹ කරවිල - Momordica cochinchinensis
ගෙවත්තේ තියෙන පුංචි ඉඩකඩ කළමනාකරණය කරගෙන මේ දේවල් කරන්නට වෙන නිසා බොහෝ පැළ වගා කළේ බඳුුන් තුළයි. මේ තියෙන්නේ එහෙම බඳුන්ගත කළ මාළුමිරිස් වගාවක්.

මාළුමිරිස් - Capsicum annuum 
මේ තියෙන්නෙ අපේ නිවිති මැස්ස. පරිප්පු හොද්දකට නිවිති කොළ දෙක තුනක් දාල ගත්තම හරිම රසයි. මගේ පුංචි දරුවාගේ ආහාර වේලට හැමදාම මොනයම් ආකා‍රයේ හෝ පළා වර්ගයක් එකතු කරන්නට මගේ පුංචි ගෙවත්ත සෑහෙන්න උපකාර කරනවා.

නිවිති - Talinum paniculatum
එළවුළු, පළා වර්ග වලට අමතරව අපි පළතුරු හා ඖෂධීය වටිනාකමින් යුතු පැළ වර්ග කීපයක්ම වගා කර ගෙන තියෙනවා. මේ තියෙන්නෙ නමිනං (නංනං) ගහක්. හැබැයි ඉතින් වැඩිපුරම මේක පරි‍භෝජනය කරන්නෙ අපේ වත්තට එන කුරුල්ලෝ තමා...
නමිනං - Cynometra cauliflora
දැන් මේ සටහන දැක්කම හිතන්න එපා මට අක්කර ගණනක ගෙවත්තක් තිබෙනවා කියා. ඇත්තටම පර්චස් කීපයක ඉඩක් වුණත් ඉඩකඩ කළමනාකරණය කර ගත්තොත් මේ වගේ යමක් වගා කර ගැනීම අසීරු නෑ. ආහාරවලට වස විස කවලම් කරනවා කියමින් කෑගහමින් සිටීම පලදායක නෑ. අඩුම වශයෙන් දරුවන් වෙනුවෙන් වත් යමක් සිටුවා ගැනීමයි වැදගත්. 

‍මගේ ගෙවත්ත ගැන පෙර ලිපි :






25 comments:

  1. කඩෙන් ගන්න එලවළු නොකන තරමට හොඳයි. නුවරඑලියෙ එලවළු වවන කට්ටිය තමන්ගෙ පාවිච්චියට වෙනම ගෙදර වවාගන්නවා. ඒ අයම විකුනන්න වවන ඒවා කන්නෙ නෑ. මම ඒක ඇහැටම දැක්ක නුවරැලියෙ ගිහින් අපි නතර වෙන්න ගත්තු ගෙදර. ඒ අයම කිවුවා එයලා අරවා කන්නෙ නෑ කියලා. පුළුවන් විදිහට එදිනෙදා පාවිච්චියට ඕනෙ ඒවා පොඩ්ඩ පොඩ්ඩ ගෙදරම වවාගන්න එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත යශ්‍යන්ත (හක්ක පැන්නා නම කියන්න ගිහින්) මගේ ඥාතීන් කීපදෙනෙක්ම නුවරඑළියේ ඉන්නවා. ඒ ‍අය එළවුළු හදන හැටි දැක්කම ජීවිතේට කන්න හිතෙන්නෙ නෑ. ටිකක් අමාරුයි වගේ හිතුණත් හොඳම දේ තමයි පුළුපුළුවන් හැටියට යමක් වවා ගන්න එක. නුවරඑළි එළවුළු විතරක් නෙවෙයි. ගමේ පළා කොළ වලට පවා දැන් බෙහෙත් ගහනවා.

      Delete
  2. උඔ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිසරයට ආදරය කරන මනුස්සයෙක්..ඇයි දන්නවද? මේ උඔගේ ගෙවත්තෙ වගා කරලා තියන ඒවා කියලා දැන ගත්තෙ ලිපියේ අන්තිමට.
    අනිත් දේ මේ හැම දෙයක්ම අපේ දරැවන්ටයි...
    මේ ලිපිය සදුටයි පොඩි මෙන්ඩටයි පෙන්නවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා. ඇත්තටම මේකෙ ක්‍රෙඩිට් එක යන්න ඕන ම‍ගෙ නෝනට. එයා තමයි මේ වගා කටයුතු වලට බොහොම උනන්දු. කොටින්ම මේ පින්තූර ටික ගත්තෙත් එයා.
      සදුට පෙන්නල විතරක් මදි මචං. පුංචි එකා වෙනුවෙන් මොනව හරි ඩිංගක් පෝච්චියක හරි හිටවන්න උත්සාහ කරපං. එතකොට තමයි මගේ උත්සාහය සපල වුණා වෙන්නේ

      Delete
  3. කියන්න වදන් නෑ. මචං සුපිරිම තමා. පට්ට ආසාවක් ඇතිවුනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියෙ. මගෙ අම්මේ කාලෙකින් ඔයා දැක්කම තියෙන සංතෝසෙ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඇත්ත කතාව. ඔය කන බොන දේවල් වලට දාන රසායනික ද්‍රව්‍ය දීර්ග කාලයක් පුරා ශරීරයේ තැන්පත් වෙලා එකපාරටම භයානක ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.
    දිල්ශාන්ගෙ වැඩේ හරිම අපූරුයි. තමන්ගෙ ළමයි ගැන හතල හෝ හැම කෙනෙකුටම මේ වගේ දෙයක් කරන්න පුලුවන්නං ඉතාම වටිනව.

    ReplyDelete
  6. වවන්නෝ දිනන්නෝ කියලා අපේ එකෙක් වවලා පොලිසියෙන් අරන් ගියා...උසාවි දාලා දඩයකුත් ගහලා එව්වේ

    ReplyDelete
  7. ඇයි බාං... ඕවාට එන්නැද්ද එතකොට පළිබෝධකයෝ? උන්ට මක්කැයි කොරන්නෙ?
    (එළවළු මගුලක් නෙමේ යකෝ... බොට ලමයෙකුත් ඉන්නවද? මං අපේ ලොකු කෙලීට කිව්වා උඹ අයියා කෙනෙක් කියලා. ඒකිත් කොමෙන්ටුව ඒ විදිහට දැම්මා. ෂැක්)

    ReplyDelete
  8. @ප්‍රසන්න - අනිවාර්යයෙන්. ඩිංග ඩිංග හරි දීර්ඝ කාලයක් රසායන ද්‍රව්‍ය එකතු වුණාම වෙන දේ හිතා ගන්නත් අමාරුයි. අපිට නම් මේ සිස්ටම් එකෙන් මිදෙන්න ටිකක් අමාරුයි. අඩුගානෙ පොඩි එවුන් වත් බේර ගන්න පුළුවන් වුණොත් මදැයි
    @මෙන්ඩා - ඌ වවලා තියෙන්නෙ මක්කද කියල මට හිතාගත්තැකි
    @මධුවා - පළිබෝධකයො එනව බං. ඒ වුණාට වවල තියෙන්නෙ ටිකක් නිසා අතින් අයින් කෙරුවැකි.
    හත්තිලව්වෙ ළමයෙක් උන්නට මං තෝ වගෙ නාකියෙක් නෙවෙයි බොල. අයියෙ කිව්වට කමක් ‍නෑ කියල කෙල්ලට කියාපිය. හැක්

    ReplyDelete
  9. රූප ටික නම් පංකාදුයි..... ඔය ඒළවලුම තමා බහුතරයක් ලෙඩ වලටත් හේතුව... අපි ඒළවලු කියලා කන්නම වහනේ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කුරුටු... ඒකනෙ දැන් පිළිකා රෝග එහෙම හෙම්බිරිස්සාව ගාණට වැටිල ‍තියෙන්නෙ

      Delete
  10. බොහොම අලංකාරයි මේ පින්තූර දකිනකොට...මමත් හාමිනේ කෙනෙක් ගෙදරට ගෙනාපු දවසක එයාගෙ සහයෝගය ඇතිව එළවළු වවන්නයි කල්පනාව. අපි වවලා අපි කනකොට ඒකෙ තියෙනවා නේද අමුතු සතුටක්...ගෝවා කියන්නෙ විටමින් K ලබාදෙන ප්‍රධානතම ආහාරයක්. විටමින් K රුධිර වහනයකදි රුධිරය ඉක්මනින් කැටි ගසන්න උපකාරී වෙනවා. ඒ කියන්නෙ හදිසියේ තුවාලයක් උනා කියන්නකො...විටමින් K තමයි තුවාලයෙන් රුධිරය ගලායාම නවතාලන්නෙ.

    තුඹ කරවිල මම ඉන්නෙ මැලේසියාවෙත් තියෙනවා. ඒ වගේම මිළෙන් වැඩි එළවළුවක්....මේ ලගදි මම නම්දරාපු ආපන ශාලාවකට ගියා අගනුවර...මෙන්න බොලේ බුෆේ එකට තුඹ කරවිල වෑංජනයකුත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තුඹ කරවිල මෙහෙත් ඉතාම මිළ අධික එළවුළුවක්. තියෙන්නෙත් කාලෙකට විතරයි

      Delete
  11. උඹ මේ සැබෑ කරගෙන තියෙන්නේ මම හැමදා දකින සිහිනයක්ම පමණක් වූ සිහිනයක්. මම ඒ සිහිනය සැබෑ කරගත් මිනිස්සුන්ටත් කැමතියි. දැං අහපං ඇයි යකෝ ඔය ඉන්න තැන ඉඩ කඩ තියෙන හැටියට මොකුත් වවාගන්න බැරි ඇයි කියලා. මම නොකරනවා නෙවෙයි. නමුත් වැඩේ අසාර්ථකයි.

    උඹේ කමෙන්ට් වලට පින්තූර දාන්න පුලුවන්ද? පුලුවන් නම් මම උඹට පින්තූරකක් අලවන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝසයි අයියන්ඩි මේ පැත්තෙ ආවට.
      මාත් කරපු වගාවන් හැම එකක්ම සාර්ථක වුණේ නෑ.
      පින්තූරයක් දාන්ට බලන්න

      Delete
  12. Replies
    1. හිතවත් මිත්‍රයා උඹට ‍බොහෝම පිං මෙහෙම හොයලා බලන එක/ධෛර්යමත් කරන එක ගැන. මේ දවස්වල අධික කාර්ය බහුලත්වය නිසා මගේ බ්ලොගයවත් වෙන කාගෙවත් බ්ලොගයකටවත් ගොඩ වෙන්න බැරිවුණා. ඉක්මනට ලියනවා.

      Delete
    2. වැඩ ටික ඉවරකරගෙන චාරිකා සටහනක් ලියපන්

      Delete
  13. උඔ ඉන්නවා නේද?
    අකුරැ දෙකක් කොටලා පලයන්කෝ

    ReplyDelete
  14. හරිම සතුටක් දැනුනා මේක දැක්කම. ඇත්තටම ලංකාවෙනම් මුළු අවුරුද්ද පුරාම වවන්න පුළුවන්. ඒක කොයි තරම් දෙයක්ද. නිවිති මැස්ස හරිම ලස්සනයි. ඔව්, මහා ලොකු ඉඩක් ඕනේ නැහැ වවන්න. ගොඩක් දේවල් බඳුන් වල වවන්න පුළුවන්. ගොටුකොළ වගේ දේවල් පවා.

    ReplyDelete