'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු.
හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉතා හිතකර විසඳුමක් පිළිබඳවයි.
නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි. මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි.
1. ගඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය.
![]() |
අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්... |
2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ.
3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම.
4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ.
මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම මාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ගඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා.
![]() |
බිත්ති බඳිමින්... |
මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි.
![]() |
ගඩොල් නිෂ්පාදනය... |
මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි.
මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා.
සිරා වැඩක් අයියේ. උණුසුම් සුභ පැතුම්!!
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteඔන්න උඹත් නිර්මාණාත්මක පැත්තට හැරිලා. මේක තමා වෙන්න ඕනි. ඔය පොටෝ කෙරුවාවෙන් උඹට නැට්ජියෝ, ඩිස්කවරි වගේ එකක් වුණත් කළහැකි. සුබ ගමන්! ඔහොම යං...
ReplyDeleteස්තූතියි මචං. උඹලගෙ මෝටිවේෂන් මාර වටිනවා
Deleteඉතාම වටින අදහසක්...
ReplyDeleteස්තූතියි....
Deleteදෑහින් බලලා, දෑතින් අතගාලා බලපු නිසාම නෙවෙයි මම මෙහෙම කියන්නේ, නදීෂ් අය්යා මේ කරලා තියෙන වැඩේ තියෙන මම ඉගෙනගනිපු හොඳම දේ තමයි අලුතින් දෙයක් කරන්න ඔනේ වෙන්නේ සැබෑ අවශ්‍යයතාවයයි, තමුන්ගේ උනන්දුවයි විතරයි කියන එක. ඒ දේවල් තියේනම් අනිත් ඕනේම දෙයක් nothing ! Superb Nadeesh ayye !!!
ReplyDeleteස්තූතියි කසුන් මල්ලි. ක්ෂේත්රයෙ ප්රවීණයො හැටියට උඹලගෙ උපදෙස් මට අවශ්‍යයි.
Deleteසුබ පැතුම් දිලෝ... මොනා උනත් අලුත් දෙයක් කරන සතුටයි තමන්ම මේ දේවල් කලා කියන ආඩම්භරයයි තියෙනවා... මං පොඩි දවස් වල පරණ ගෙදර ඉතුරු ටික හදන්න ගඩොල් කපපු හැටි මතක් උනා. මැටි පාගලා අච්චුවෙන් හදපු පුච්චපු නැති මෝඩ ගඩොල් බැන්දෙ මැටි වලින්මයි. පස්සෙ කාලෙක බිත්ති කඩද්දි තමයි තේරුනේ සිමෙන්ති වලින් බැඳපු බිත්ති මෙච්චර හයිය නෑ කියලා.
ReplyDeleteස්තූතියි සහෝදරයා. මම පුදුම කට්ටක් කෑවා මේ ගඩොල් හදන දවස් වල. හැමදාම වැඩ ඇරිල ඇවිල්ලා රෑ 12 විතර වෙනකම් මමයි වයිෆුයි පස් හැලුවා පහුවෙනිදට වැඩ කරන්න.
Deleteකොහොමටත් මැටි ගඩොලක ශක්තිය සිමෙන්ති ගලකට වඩා ගොඩක්ම වැඩියි
උඔට උපදෙසක් දෙන්න තරම් දනුමක් නැතත් එල ද බ්‍රා වැඩක්.
ReplyDeleteචාරිකා සටහනක් ලියහන්කො.
ස්තූතියි මචං. උපදෙසක් නැතත් උඹේ දිරිමත් කිරීම කෝටියක් වටිනවා.
Deleteචාරිකා සටහනකුත් ඉක්මනට දාන්නම්.
මේ යන්ත්‍රයක් ගන්න කොහේද තියෙන්නේ?
ReplyDeleteමම ගත්තේ නිවාස අධිකාරියෙන්. වාණිජ භාවිතයට එකක් ගන්නවා නම් මීගමුවේ සේරම් එකෙන් ගන්න පුළුවනි
Deleteමමත් මේ බිත්ති වලින් හදපු ගෙවල් දැක්ක අමුතුම ලස්සනක් තිබුන. කොහොමද වයර් එලන්න බිත්ති හාරල වහන්නෙ ,?
ReplyDeletehttps://www.youtube.com/watch?v=yNTpmUQfVe0
Delete@කම්මල - ගඩොලෙ සිදුරක් තියෙනවා. හැබැයි වයරින් ප්ලෑන් එක කලින් හදා ගන්න වෙනවා. මට ඒ ප්‍රශ්නෙ ආවෙ නෑ. මම ගේ ඇතුළ ප්ලාස්ටර් කළ නිසා
Delete@නිරාජ් - බොහොම ස්තූතියි. මගේ ගෙදර ඊළග කොටස හදන කොට ඔය මෙතඩ් එක පාවිච්චි කරනවා.
ස්තූතියි නිරාජ්.
Deleteඩිලා මමත් කොටේජ් එකක් හදන්න ඉන්නෙ අපේ ගමේ. මෙහෙම බිත්ති , බිමට සිමෙන්ති වගේ දේවල් දාල මේක හොද ඔත්තුවක්.
හැබැයි පස් හලන්ඩනම් බෑ මචෝ ඒකටත් මැසිමක් හොයා ගන්ඩ ඕනෙ
This comment has been removed by the author.
Deleteබිමට සිමෙන්ති දාන්න එපා.ගොම.හුබස් මැටි.පස්.සිමෙන්ති දාලා interlock හදලා අල්ලන්න.seram එකේ යන්ත්‍රය 150000යි 0312220557
Deletehttps://www.youtube.com/watch?v=xFAXzma--lE
Deleteමචං කොහොමද නිවාස සංවර්ධන අධිකාරියෙන් මැශින් එක ගන්නේ සේරම් එකේ ගණන් වැඩී.වෙන ගන්න තැනක් තියනවද?
ReplyDeleteමිත්‍රයා මම මේ යන්ත්‍රය නිවාස අධිකාරියෙන් කුලියට ගත්තේ මාසෙකට රුපියල් 3500ක කුලියකට. අපි ලිඛිත ඉල්ලීමක් කලාම ඒ අය යන්ත්‍රය ලබාදෙනවා. මම ගාල්ලට ආසන්න නිසා යන්ත්‍රය ගත්තේ නිවාස අධිකාරියේ ගාල්ල ශාඛාවෙන්
Deleteස්තුති මචං. මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා.
Deleteහදපු ගඩොල් ගන්න තිබෙන තැනක් දන්නේ නැද්ද ?
ReplyDeletedan kohomada gedara thathwe ? awasi ehema mukuth awe nadda
ReplyDeleteවිශේෂයෙන් සැලකිය යුතු අවාසියක් නම් නෑ. දැන් අවුරුදු කීපයක් වුණානෙ
Deleteමචන් ගලකට යන වියදම ගැන අදහසක් දෙන්න පුලුවන්ද? වයරින් කරනකොට බිත්ති කඩලද ඒ වලවල් වැහුවේ කොහොමද?වැඩි විස්තර දැනගන්න කැමතියි.
ReplyDeleteමමත් කොටේජ් එකක් හදන්න ඉන්නෙ අපේ ගමේ. මෙහෙම බිත්ති , බිමට සිමෙන්ති වගේ දේවල් දාල මේක හොද අදහසක්..පොඩියට හදන්න උදවු කරනවද...
ReplyDeleteනියමයි අයියේ. 👍
ReplyDeleteMathale awatin ganna thanak nadda
ReplyDelete