නිල්ගල වන උයනට සමුදී අපි ඊළඟට පිටත් වුණේ උඩවලව ජාතික වනෝද්‍යානයට එන්නටයි. ඇත්තටම අපේ ප්ලෑන් එකේ උඩවලව තිබුණේ නෑ. ගමනේ දෙවැනි දවසේ හිතුණ තැනක යනවා කියන අදහසිනුයි අපි පාරට ආවේ. මඳ පොද වැස්සේ ආශිර්වාදයත් ලබමින් බිබිල, වැල්ලවාය හරහා තණමල්විලට ආපු අපි එතැනින් උඩවලව ජාතික වනෝද්‍යානයේ පිිවිසුමට ප්‍රවේශ වුණේ සවස හතරට ආසන්නවයි.
වැව් පිටියේ |
මොණරින්දු |
කෘතිම පොකුණුවල තුන්පත් රෑන් |
වනය පුරා විසිරී තිබෙන ජලාශයන් සිඳී පැළි වළං සේ තිබුණේ නියඟයේ තරම කියාපාමින්.
පැළි වලං පැලුණු පොළව |
කිඹුල් මොටා |
කරවැල් කොකා |
මල් පිළිහුඩුවා - Common Kingfisher |
ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher - Ceryle rudis |
Black winged stilt - කළුපිය ඉපල්පාවා ඉතා ඈතක සිට ගන්නා ලද රූප රාමුවක් බව සලකන්න. කුරුල්ලන්ගේ කූඩු ඡායාරූපයට නැගීම අතිශයින් නරක ක්‍රියාවක්. නමුත් මෙය ජීප් රථයක සිට බොහෝ ඇතින් ගන්නා ලද්දකි. |
කෑදැත්තා |
දුම් බොන්නා - Indian Roller - Coracias benghalensis |
White Bellied Sea Eagle - කුසඇලි සයුරුකුස්සා Haliaeetus leucogaster |
ගල්අමුණ වැව |
භාවනා |
පණු දළයෙක් |
වැව් පිටියේ ගමන් බිමන් |
අම්මා පසුපස |
මල් පිළිහුඩුවා -Common Kingfisher - Alcedo atthis |
තවුසෙල මේ ළඟටම ඇවිල්ලනෙ හෙනං.
ReplyDeleteසංඛපාලෙත් ආව හිටං
Deleteගොඩකවෙලට එන්න වෙලා මදි වුණා නෙව
ලස්සන..
ReplyDeleteස්තූතියි
Deleteබලන්න තාත්ති මේ අන්කල්ගේ වැඩෙම රටවටේ ඇවිදිනවා...
ReplyDeleteපොඩි මෙන්ඩා
හුඟ දවසකින් යන්න ලැබුණෙ නෑ පුතේ
Deleteමල්ලි මේ බලන්න අලි...මේ බලන්නකෝ..
ReplyDeleteපොඩි මෙන්ඩා ( අම්මගේ ඔඩොක්කුවේ ඉදගේන කුක්කු බොන මල්ලිට ලැපෙක පෙන්වයි)
ඒ පාර තාත්තගේයි පුතාගෙයි ලෙඩේ පොඩි එකාටත් බෝ කරන්නද හදන්නේ..
සදු
චුට්ටා ටිකක් ලොකු වුණාම එක්ක පලයං සේරම ටික මචං
Deleteසුන්දර සටහනක් සමග පිංතූර එකතුවක්. ඔබගේ ලිවීම හරිම සුන්දරයි ලගන්නා සුළුයි. මෙතරම් කලක් මා නොදුටුවේ ඇයි?
ReplyDeleteසංචාරය කියන්නේ පුරුද්දක්, ඇබැහියක් ඉක්මණින් බෝ වන් සුළු රෝගයක් හිතට සුව ගෙනෙන!
මා සෑම විටෙකම විශ්වාස කරණ දෙයක් වේ.
මිය යා යුත්තේ සිහින සමග නොව මතක සමග කියා!?
මතක එක්වන්නේ විවිධත්වයත් සමග.
ජීවිතයට සොඳුරුවූ විවිධත්වයක් එක් කරණ සීමිතවූ කරුණු කාරණා අතර එක් කරුණක් සංචාරය.
බොහෝ දෙනා තුල ජීවිතයක් තිබුනද ජීවයක් නොමැත.
ජීවත් වූවද සංචාරයට යොමුවන්නේ ඉන් අතලොස්සකි.
සංචාරයට යොමු වූවද තමා දකින දේ ලියා තබන්නට හැකියාව ඇත්තේද ඉනුත් එක් කුඩා කුලකයකට පමණි.
ලියා තැබූ දෙයට පිංතූර සාක්ෂි සටහන් තබන්නට හැක්කේ තවත් කුඩා කොටසකට.
ඔබගේ බ්ලොගය හා ඔබ මේ සියල්ල අතික්‍රමණය කොට ඇත.
යන්න.! ලියන්න...! අපට කියවන්න.....!
ස්තූතියි ලොකු අයියේ... අපූරු දිරි ගැන්වීමක්
Deleteතොට අලි ගහලද
ReplyDeleteමේ ඉන්නෝ
Delete