සෑහෙන කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන ඉඳපු ගමනක් යන්න පහුගිය සතියේ අවස්ථාව උදා වුණා. ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වන තොටුපොළ කන්ද තරණය කරන්න අපට හැකි වුණා. මේ ඒ පිළිබඳව ඔබට ගෙන එන සටහනයි.
තොටුපොළ කන්ද පිහිටා තිබෙන්නේ පට්ටිපොළ සිට හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ. හෝර්ටන් තැන්නේ පට්ටිපොළ අන්තයේ ප්‍රවේශපත්‍ර කවුළුව පසුකර මීටර් කීපයක් ඉදිරියට යනවිට මාර්ගයේ වම් අත පැත්තේ තොටුපොළ කන්දට පිවිසෙන මංපෙත මුණගැහෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2360ක් පමණ උසින් පිහිටා ඇති තොටුපොළ කන්ද ඊටම ආවේණික ජෛවීය හා භූගෝලීය ලක්ෂණ වලින් හෙබි ඉතාම අපූර්ව පාරිසරික පද්ධතියක්.
මා සමග මේ ගමන යන්නට මගේ කාර්යාලීය මිතුරන් තිදෙනෙකුත් එකතු වුණා. ජුලි මස 25 වැනිදා රාත්‍රී 8ට කොළඹ කොටුවෙන් පිටත් වන තැපැල් දුම්රියේ නිදන මැදිරිය වෙන් කරගත් අපි 26වනදා උදේ පාන්දර 4.30ට පමණ ලේ කැටි ගැස්වෙන තරම් සීතලකුත් තුරුළු කරගෙන පට්ටිපොළට ගොඩ බැස්සා.
සීතල උදෑසන පට්ටිපොළ දුම්රිය පොළ... |
රොටී.... |
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ සංචාරක බංගලාව... |
පටන් ගැන්ම..... |
මග දිගට..... |
අහෝ..! අපේ වගකිවයුතු සංචරණය.....(අඹේවෙල යෝගට් කෝප්ප) |
මීදුම මැදින්.... |
අනන්තයට යන පාර දිගේ..... |
වනමලක සුන්දරත්වය... |
ගල මත ජීවය.... |
බෝවිටියා... |
එතැන් පටන් මීදුම මැද්දෙන් තොටුපොළ කන්ද නැගපු හැටි හැකි ඉක්මණින් ලියන්නම්.