![]() |
පළමු View Point එකේ සිට... ඊතලයෙන් දැක්වෙන්නේ දුම්රිය මාර්ගයයි.. |
![]() |
පළමු View Point එකේ සිට.. |
කඳුමුදුනට ළං වෙන්නට අපට යායුතුව තිබුණේ තවත් කෙටි දුරක් විතරයි. කඳුමුදුනට අප ළං වෙත්ම දැඩි මීදුම් ප්‍රවාහයකින් අවට වැසී ගියා..
![]() |
මීදුමෙන් වැසී.... |
![]() |
මීදුමෙන් වැසෙමින්... |
ආපසු බැස්ම ඉහළ නගිනවාට වඩා අමාරු වුණා. දැඩි ලිස්සන සුලු ස්වභාවය නිසා ඇද නොවැටුණු කෙනෙක් නැති තරම්.
තවත් සුන්දර පාරිසරික චාරිකාවක් මේ විදියට නිම වුණේ සුන්දර මතකයන් රැසක් අපේ සිත් තුළ ඉතිරි කරමින්.
අවසන් වශයෙන් මෙවන් ගමනක් යන්නට ඔබත් අදහස් කරනවා නම් සැලකිය යුතු කරුණු කිහිපයක් ලියා තබන්නම්.
1. සුදුසු මාර්ගෝපදේශකයෙක් ලබා ගන්න. මෙය ඉතා වැදගත් කරුණක්. මෙවන් හුදෙකලා ප්‍රදේශයක අතරමං වුණොත් සිදු වෙන දේ අමුතුවෙන් කිව යුතු නෑ. අපේ මාර්ගෝපදේශකයා වුණේ ග්‍රේට් වෙස්ටර්න් වල වෙසෙන අපූරු ගැමියෙක් වුණු මෝගන්... ඔහුගේ සේවය විශිෂ්ටයි... සුහදශීලීයි.. සම්බන්ධ කර ගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය - 0770791002
2. සුදුසුම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. අපි යොදා ගත්තේ රාත්‍රී තැපැල් දුම්රිය.
3. නවාතැන් පහසුකම් ලබා ගන්න අවශ්‍ය නම් තලවාකැලේ හෝ නානුඔයට යායුතුයි. නැත්නම් සුලු පිරිසකට සීමිත පහසුකම් යටතේ මෝගන්ගේ නිවසේ නවාතැන් ගන්නටත් පුලුවන්.
4. ගමනේ යෙදෙන විට හොඳින් දෙපා ආවරණය වන දිගු කලිසමක් හා නොලිස්සන සුලු පාවහන් පළඳින්න.
5. වර්ෂාව නිතර බලාපොරොත්තු විය හැක. සුදුසු වැසි ආවරණ රැගෙන යන්න.
6. වනාන්තරය තුළ ගමන් කරද්දී නිශ්ශබ්ද වීම ඉතා වැදගත්ය. නැත්නම් හොඳ බඹර ප්‍රහාරයක් රසාස්වාදනය කළ හැක. මෙන්න සාක්ෂි..,
මෙවන් පරිසර පද්ධතියක හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ බ්ලොග් පාඨකයන්ට අපහාස කිරීමට මා සූදානම් නැත. මන්ද යත් ඔබ සියලු දෙනා පරිසරය කෙරෙහි සබුද්ධික බව මා හොඳාකාරව දන්නා බැවිනි.
තවත් චාරිකාවක් සමග ඉක්මනින්ම හමු වෙමු.....