Saturday, December 20, 2014

ග්‍රේට් වෙස්ටර්න්... අවසාන කොටස

කන්දේ දෙවන නැග්ම පළමු කොටසට වඩා සෑහෙන අභියෝගයක් වුණා. ගස්, පඳුරු, මුල් ආදියේ එල්ලී ගෙන, ඇතැම් විට බඩ ගා ගෙන හෙමින් සීරුවේ ඉහළ නැගපු අපි ගමනේ පළමු View Point එකට ආවා.
පළමු View Point එකේ සිට... ඊතලයෙන් දැක්වෙන්නේ දුම්රිය මාර්ගයයි..


පළමු View Point එකේ සිට..
ඳුමුදුනට ළං වෙන්නට අපට යායුතුව තිබුණේ තවත් කෙටි දුරක් විතරයි. කඳුමුදුනට අප ළං වෙත්ම දැඩි මීදුම් ප්‍රවාහයකින් අවට වැසී ගියා..
මීදුමෙන් වැසී....
 
මීදුමෙන් වැසෙමින්...
මේ වන විට ලංක‍ාවේ හයවෙනියට උසින් හිට ගෙන හිටි අපිට බැලූ බැලූ අතින් පෙනු‍නේ ගන මීදුම් සේලය පමණයි. ඉ
ඳහිට යාන්තම් මීදුම් සේලය මෑත් වන අවස්ථාවන් වලදී අපි අවට සුන්දරත්වය විඳ ගත්තා.


ආපසු බැස්ම ඉහළ නගිනවාට වඩා අමාරු වුණා. දැඩි ලිස්සන සුලු ස්වභාවය නිසා ඇද නොවැටුණු කෙනෙක් නැති තරම්.
‍තවත් සුන්දර පාරිසරික චාරිකාවක් මේ විදියට නිම වුණේ සුන්දර මතකයන් රැසක් අපේ සිත් තුළ ඉතිරි කරමින්.
අවසන් වශයෙන් මෙවන් ගමනක් යන්නට ඔබත් අදහස් කරනවා නම් සැලකිය යුතු කරුණු කිහිපයක් ලියා තබන්නම්.

1. සුදුසු මාර්ගෝපදේශකයෙක් ලබා ගන්න. මෙය ඉතා වැදගත් කරුණක්. මෙවන් හුදෙකලා ප්‍රදේශයක අතරමං වුණොත් සිදු වෙන දේ අමුතුවෙන් කිව යුතු නෑ. අපේ මාර්ගෝපදේශකය‍ා වුණේ ග්‍රේට් වෙස්ටර්න් වල වෙසෙන අපූරු ගැමියෙක් වුණු මෝගන්... ඔහුගේ සේවය විශිෂ්ටයි... සුහදශීලීයි.. සම්බන්ධ කර ගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය  - 0770791002

2. සුදුසුම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. අපි යොදා ගත්තේ රාත්‍රී තැපැල් දුම්රිය.

3. නවාතැන් පහසුකම් ලබා ගන්න අවශ්‍ය නම් තලවාකැලේ හෝ නානුඔයට යායුතුයි. නැත්නම් සුලු පිරිසක‍ට සීමිත පහසුකම් යටතේ මෝගන්ගේ නිවසේ නවාතැන් ගන්නටත් පුලුවන්.

4. ගමනේ යෙදෙන විට හොඳින් දෙපා ආවරණය වන දිගු කලිසමක් හා නොලිස්සන සුලු පාවහන් පළඳින්න. 

5. වර්ෂාව නිතර බලාපොරොත්තු විය හැක. සුදුසු වැසි ආවරණ රැගෙන යන්න.

6. වනාන්තරය තුළ ගමන් කරද්දී නිශ්ශබ්ද වීම ඉතා වැදගත්ය. නැත්නම් හොඳ බඹර ප්‍රහාරයක් රසාස්වාදනය කළ හැක. මෙන්න සාක්ෂි..,

මෙවන් පරිසර පද්ධතියක හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ බ්ලොග් පාඨකයන්ට අපහාස කිරීමට මා සූදානම් නැත. මන්ද යත් ඔබ සියලු දෙනා පරිසරය කෙරෙහි සබුද්ධික බව මා හොඳාකාරව දන්නා බැවිනි.

තවත් චාරිකාවක් සමග ඉක්මනින්ම හමු වෙමු.....

22 comments:

  1. ශා මරු ගමනක් නෙහ්.. මෙහෙම පෝස්ට් දැක්කහම හිතෑතුලෙන් මාර ආසාවක් ඇති වෙනවා.මාත් කට්ටිය සෙට් කරගෙන ගිහින් එන්ඩ ඕන. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.. එක පාරක් හරි ගිහින් එන්න. හැබැයි අර මම අන්තිමට කියල තියෙන දේවල් ගැන කල්පනාවෙන්...

      Delete
    2. ඔය යන වෙලාවකට මටත් කියන්ඩ. දාහක් වැඩ අතෑරලා දාලා හරි මම එන්නම්..

      Delete
    3. මමත් එනෝ..ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා නැතුව පාරවල් දිගේ දිව්වත් කමක් නෑ මම එනවා.

      Delete
    4. @මධුරංග: මේ කන්ද උඩ රැයක් ගත කරන්න අදහසක් තියෙනවා. අනිවාර්යයෙන් දෙන්නටම කියන්නම්.
      @sanjeewa: ඇහුවට තරහ වෙන්න එපා මචං. උඹයි බ්‍ර‍ා යි අතර තියන සම්බන්ධෙ මොකක්ද?

      Delete
    5. USA market එකේ 10% ප්‍රතිශතයක් බ්‍රා සහ පැන්ටි සැපැයුම අපි. ඉතිං මම විහිලුවට කියනවා අපිට Shipment යවන්න තියන හදිස්සිය හරියට සුද්දියෝ ඇදුම් නැතුව ඉන්නවා වගේ කියලා . මම මගේ රස්සාවට බෝක්කෙන් ආදරයි වේලාවකට මම යුද්ධයක් මෙහෙයවන අනදෙන නිලධාරියෙක් වගේ ළමයි 1600 ක් එකතුකරගෙන ඉලක්කයට යනවා.

      Delete
    6. ඒක තමයි උඹ නිතරම එල ද බ්‍රා කියන්නේ...

      Delete
  2. අදයි මේ පැත්තට අාවේ.................. පරිසරවේදියෙකුගේ අඩවියක්.......... දිගට ම ඒන්නම් .......... බ්ලොගය අගෙයි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා... බොහොම ස්තූතියි අගය කිරීමට...

      Delete
  3. අපුරුයි! මම කමෙන්ට් එකක් දාන්න ෆයිනල් පාර්ට් එක ලියනකම් හිටියේ. පුදුම ලස්සන පරිසර පද්දතියක්. ඒවගේම ලොකු අභියෝගයක්. මමත් ග්‍රේට් වෙස්ටර්න් ගිහින් අවේ මාස කිහිපයකට කලින් (ට්‍රවලොග් එක ලියන්න වෙලාවක් සෙට් වුනේ නැහැ තාම). සමහර තැන් වල පඳුරු උඩින් අඩිය තිය තිය යන්න තිබ්බ එක හරියක් තියනවා උඩට නගිනකොට සිරස් ගල්තලාවක් අල්ලාගෙන පැත්තෙන් පැත්තට ඉහලට යන්න, ඒවගේම මෝර්ගන් නිතරම කියන "බණ්ඩක්ක" වගේ හරිය. මතක් වෙනකොටත් ආයේ යන්න හිතෙනව. අපිනම් එක රැයක් කඳු මුදුනේ ඉඳල අවේ. බොහොම ස්තුතියි මතකය අලුත් කලාට.

    ReplyDelete
  4. ඇත්ත.. මේක හරි අපූරු පරිසර පද්ධතියක්. අපෙත් ඊළග අරමුණ රැයක් කන්ද උඩ ගත කරන එක. වතුර තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ නේද? ඔයාගෙ ට්‍රැවලොග් එක ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. කන්ද මුදුනේ (කැම්ප් කරන්න පුළුවන් හරියේ) නම් වතුර නැහැ. එත් ඒ හරියේ ඉඳල මීටර් 500 වගේ පහලින් (හොඳටම ලයිකන හැදුනු අතු ගොඩක් විහිදුන ගහක් තියනව ඒ ළඟම ) පොඩි වතුර පාරක් යනව . මොර්ගන්ට අනුව පායන කාලෙටත් එතනින් වතුර පොඩ්ඩ පොඩ්ඩ එනව. බෝතලයක් තියල ගිහින් ටික වෙලාවකින් ආවම වතුර එකතුවෙලා තියනව. අපි ගිය දවසේ උදේ හොඳටම වැහැල තිබ්බ නිසා අපිටනම් තියල යන්න වුනේ නැහැ. ට්‍රවලොග් දෙකතුනක්ම ඩ්‍රාෆ්ට් ෆෝල්ඩර් එකේ. ලිව්ව ගමන් දානව.

      Delete
    2. අපිත් උඩට යන කොට එතන වතුර ‍බෝතලයක් තියල ගියා. එනකොට පිරිල තිබුණා.

      Delete
  5. කලින් කොටස් ටිකත් එක්ක මේකත් බැලුව. නියම ගමනක්නෙ. අපිටනං ඔය වගේ ගමනක් යන්න සෑහෙන්න හිතන්න වෙනව. මොකද යන්න එකෙක් සෙට් කරගන්න එක තමයි අමාරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මගෙන් කීප දෙනෙක්ම ඇහුව ඔය කදු නගින එකේ ඇති වැඩේ මොකක්ද කියල. හැබැයි වාසනාවට මේවට සෙට් වෙච්ච හොද රසකාමීන් කීපදෙනෙක් මට ඉන්නවා.

      Delete
  6. ඔබ ගැන ලියන්න මට වචන නෑ..මමත් ගහකොල වලට ආදරය කරන කෙනෙක් නිසා මට ඔබ ගැන ආඩම්බරයි.
    දවසක යන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව. සමාන රුචිකත්වයක් තියෙන කෙනෙක් අදුනා ගැනීම සතුටක්. ඇත්තට මම ගත කරන්නෙ (කාර්යාලයෙ ව‍ගෙම ගෙදරත්) හරිම කාර්යබහුල ජීවිතයක්. ඉතින් ඉදහිට හරි මේ වගේ අපේ චක්‍රීය ජීවිතෙන් ටිකක් අත්මිදෙන්න ලැබෙන එක හරිම සහනයක්. මේ article series එක පුරාම උඹ මාර විදිහට මට ධෛර්යය දුන්නා. උඹ‍ට පිං..

      Delete
  7. සදරෑවා පොස්ට් එකක් දාලා..දුවලා වරෙල්ලා රබන් ගහපල්ලා බෝතල් කඩපන් අද බොනවා සතුටට යකෝ මගේ බෝලෝග් ලෝකේ විරයා අලුත් ලිපියක් දාලා

    ReplyDelete
    Replies
    1. එළ. මාත් දුවල ගියා බලන්න. මගේ බ්ලොග් ජීවිතේ පළවෙන් කමෙන්ට් එක ආවෙ සදරු ගෙන්. බ්ලොග් එකේ අඩුපාඩු කියල දීල ලියන්න ‍ධෛර්යය දුන්නෙ සදරු. මේ බ්ලොග් ලෝකෙ මට හම්බ වෙච්ච හිතහොද අවංක කොල්ලෙක්.

      Delete
  8. ඡායාරූප දැක්කම ලංකාව මොනතරම් ලස්සන රටක්ද කියලා හිතුනා...මේ මැලේසියාවෙ මම දකින දේවල් එක්ක බැලුවාම...

    ReplyDelete
    Replies
    1. මැලේසියාවත් වැසි වනාන්තර පිරුණු සුන්දර රටක් නේද?

      Delete
  9. ඔන්න ඉස් ඉස්සෙල්ලම අද තමයි ආවේ මේ පැත්තේ. . පරිසරයේ අසිරිය බලන්න හොදම තැනක් මේක. ජය වේවා...

    ReplyDelete