Monday, March 5, 2018

පරණ කාර් සමග කුරුලු පාරාදීසයක ගමනක් - Kalametiya Birds Sanctuary Expedition


කුරුල්ලන් නැරඹීම සඳහා ලංකාවේ බොහෝ ප්‍රකට තැන් තිබෙනවා. මන්නාරම, ආනවිලුන්දාව, කුමන ආදී ප්‍රසිද්ධ තැන් අතර කළමැටිය කලපුවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කළමැටිය ලවණ මිශ්‍ර කිවුල් දිය පද්ධතියකින් හා සරු කඩොලාන ප්‍රජාවකින් හෙබි අපූරු පරිසර පද්ධතියක්. පසුගිය පෙබරවාරි විසිඅට වෙනිදා ‘සොබා රූ' කළමැටියේ කළ සංචාරයක සටහන් මේ ලෙස ඔබ වෙත ගෙන එනවා. 
හික්කඩුවෙන් උදෑසන අටට පමණ මම අම්බලන්තොට බලා යන්නට පිටත් වුණේ තනිවමයි. මගේ ගමන් සගයා කසුන් අම්බලන්තොටින් මා සමග එක් වන්නට කතිකා කරගෙන සිටියා. අම්බලන්තොට රෝහලේ පිළිකා ඒකකයේ පුංචි පුස්තකාලයක් හෙවත් බුක් හබ් එකක් අරඹන්නටත් මේ ගමන්ම යොදා ගෙන තිබුණු නිසා මගේ පැරණි මෝටර් රථයේ ඩිකිය පුරවා තිබුණේ පොත් වලින්.
අතරමග විඩා නිවමින්
වාහනේ මටත් වඩා වයසක එකක් වුණත් අධිවේගී මාර්ගයේ මාතරටත් එතැනින් අම්බලන්තොට දක්වා වූ කිලෝමීටර එකසිය පනහකට ආසන්න මුළු දුර එක හුස්මට ගෙවන්නට එයට හැකි වුණා.
අතරමග සොඳුරු දසුන්
මේ සුන්දර වෙරළ තීරය හමුවන්නේ කළමැටියට යන අතරමග තංගල්ලට ආසන්නයේ... ආරක්ෂිතව දිය නෑ හැකි මෙන්ම සමීපව මුහුදු ජීවීන් නිරීක්ෂණය කළ හැකි තැනක් ලෙස මෙය හැඳින්විය හැකියි. අම්බලන්තොට රෝහලේ කටයුත්ත අවසන් වූ පසු අපි අතරමග තැනක නැවතී දිවා ආහාරයත් ගෙන හෙමින් හෙමින් කළමැටිය වෙත ළං වුණා.
යාත්‍රාව

කළමැටිය කළපුවේ සංචරණය සඳහා අප යොදා ගත්තේ මේ ආකාරයේ කුඩා යාත්‍රාවක්. හබල් මගින් පැදගෙන යන එහි එක්වරකට ගමන් කළ හැකි උපරිම සංචාරක පිරිස හතර දෙනෙක්. එහෙයින් එයින් පරිසරයට සිදුවන බලපෑම ඉතාම අවමයි. එන්ජිමක් නැති නිසා තෙල්, දුම හා රැළි නැගීම සිදු වන්නේ නෑ. කුරුල්ලන්ට බාධාවක් නොවන පරිදි උන්ගේ හැසිරීම් නිරීක්ෂණයට මෙය කදිමයි. දක්ෂ තරුණයෙක් වන බුද්ධි ප්‍රියංකර මෙහි හිමිකරුවා මෙන්ම මග පෙන්වන්නා ලෙසද කටයුතු කරනවා. ඉතා මිත්‍රශීලී එමෙන්ම කුරුල්ලන් ගැන විශිෂ්ට දැනුමකින් හෙබි මේ තරුණයා කළමැටියේ සංචාරයක් සඳහා උචිතම තැනැත්තා බව නොබියව කිව හැකියි. kalametiyabirds.lk හරහා ඔහුව සම්බන්ධ කර ගන්නට පුළුවනි.
Indian Darter - පෙරදිගු අහිකාවා Anhinga melanogaster
මේ ඉන්නේ Indian Darter - පෙරදිගු අහිකාවා - Anhinga melanogaster නමින් හැඳින්වෙන ජලචර පක්ෂියෙක්. කළපු ආශ්‍රිත පරිසර පද්ධති වල සුලබව දැක ගත හැකි මේ පක්ෂියා ලංකාව නිවහන කරගත් සුන්දර සත්ත්වයෙක්.
මේ කලපුවේ සංචරණය සඳහා උචිතම වේලාව වන්නේ උදෑසන 6ත් 9ත් අතර සහ හවස 4ත් 6ත් අතර කාලයයි. එවිට බොහෝ පක්ෂීන් ප්‍රමාණයක් දැකගන්නට හැකි වෙනවා.
හැඳි අලවා සමග ලතු වැකියා
මේ කුරුලු රංචුවේ කුරුල්ලන් විශේෂ දෙකක් දැක ගත හැකියි. උස කුරුල්ලන් දෙදෙනා හැඳින්වෙන්නේ ලතු වැකියා (Painted Stork) යන නමින්. සුදු පැහැති පක්ෂියා හැඳි අලවා (Asian Spoon Bill) යනුවෙන් හැඳින්වෙනවා. උගේ හොටය හැන්දක ආකාරයෙන් සකස් වී ඇත්තේ පහසුවෙන් මඩ අවුස්සා ආහාර සොයා ගත හැකිවන පරිද්දෙන්. ලතු වැකියා පාදයෙන් මඩ අවුස්සා ආහාර සොයන අතර හැඳි අලවා තමන්නේ හොට හැන්දක් ලෙස යොදාගෙන මඩ අවුස්සා ආහාර සොයනවා.
බළල් සේරා - Pheasant Tailed Jacana Hydrophasianus chirurgus
මේ ඉන්නේ බළල් සේරා (Pheasant Tailed Jacana) Hydrophasianus chirurgus නමින් හැඳින්වෙන සුන්දර පක්ෂියා. උගේ පෙඳය දිගට විහිදී තිබෙන අයුරු පියා සැරියේදී හොඳින් නිරීක්ෂණය කළ හැකියි. මේ ඉන්නෙත් එයාමයි.
බළල් සේරා

මේ පක්ෂියා ඉතාම කුලෑටි සත්ත්වයෙක්. මිනිස් ඉවක් දැනුණ වහාම මේ ආකාරයට පියාඹා යනවා.
මේ උදවිය නම් හදිසි රැස්වීමකට පාර්ලිමේන්තු යන ගමන් බවයි පෙනුනේ...
කළමැටිය කලපුවේ ධීවර කර්මාන්තයත් ජයටම කෙරෙනවා. බෙහෙවින්ම ඉස්සන් හා කකුළුවන් වෙනුවෙනුයි ඔවුන් දියට බසින්නේ
ධීවරයා
පුංචි තඹ සේරා හෙවත් Lesser Whistling Duck ඉතා සුලබව මෙහි දක්නට ලැබෙනවා.
තඹ සේරා
තඹ සේරා
Grey Heron
මේ ඉන්නේ අළු කොකා - Grey Heron Ardea cinerea තරමක් විශාල පක්ෂියෙක් වන අළු කොකාගේ හිස අසළින් පිටුපසට දිවෙන දිගු පිහාටුවක් දැකගත හැකියි.
මේ පහතින් ඉන්නේ සිලිබිල්ලෙක් (Sand piper) ඌ නිසැකවම කිනම් සිලිබිල්ලා දැයි මට හඳුනාගත නොහැකියි. දැනමුත්තෙකුගේ උපකාර පතනවා.

සිලිබිල්ලා
කළුපිය ඉපල්පාවා
ඉහත සිටින පක්ෂියා හැඳින්වෙන්නේ කළුපිය ඉපල්පාවා යන නමින්. එක කකුලක් නවාගෙන සුවිශේෂ ඉරියව්වකින් සිටින මේ පක්ෂියා ගොදුරක් ලැබෙන තෙක් බොහෝ වේලා මේ ඉරියව්වෙන් සිටිනවා.
දම් කිතලා
මේ ඉන්නේ දම් කිතලා හෙවත් Purple Swamphen. සුන්දර වර්ණ සංකලනයකින් හෙබි වගුරුබිම් ආශ්‍රිත සුලබ පක්ෂියෙක්
අළු කොකා
මේ ඉන්නේ අළු කොකා හෙවත් Grey Heron. (හඳුනා ගැනීමට උදව් කළ ලොකුපුතාට බොහෝම පිං) බොහෝ වේලා නතර වී බලා සිටියත් ඌ තමන් සමවැදී සිටි භාවනාවෙන් මිදුණේ නෑ.
ඉර බැස යන හැන්දෑවක මෙවන් කළපුවක සිටීම අතිශය මනරම් අත්දැකීමක්. කළපුව ආසන්නයේ පිහිටි තාරගල තරණය කළ විට අතිශය මනරම් දර්ශනයක් දැක ගත හැකියි.
තාරගල මත සිට කළමැටිය කළපුව
ඉර බැසයන හැන්දෑ වරුවේ...

විශේෂ ස්තූතිය
කළමැටිය බර්ඩ් වොචින් ආයතනයේ බුද්ධි ප්‍රියංකර
සම්බන්ධීකරණය කළ උළිඳු මිලින්ද හා චාමර මිතුරන්ට

47 comments:

  1. කලමැටිය වෙරල අයිනෙ කන්දේ ධීවර සංස්ථා සංචාරක නිවාසයක් තියනවා. වෙරලේ මාදැලක් අදිනවා

    ReplyDelete
    Replies
    1. ඊළඟ ඉලක්කය කළමැටිය වෙරළේ කෑම්පින්...

      Delete
    2. මෙන්ඩයියේ අනිවා යමං....

      Delete
  2. ඌප්ස්.. කී පාරක් ඔය නම දිහා බල බල ඔතනින් එහාට මෙහාට ගිහිං ඇද්ද? සමහර අත්දැකීම් ගන්නත් පිනක් තියෙන්න ඕනි කියල හිතෙනවා බං.. කුරුල්ලොන්ට වගේම මට හිත ගියා අර සුපිරි කාර් එකටත් :) ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මාත් මේ බොහොම කාලයක් ප්ලෑන් කරලා අද යනවා හෙට යනවා කියකිය ඉඳලා හදිසියෙ ගිය ගමනක් මේ... කාර් එක ගැන නම් කියලා වැඩක් නෑ. දැන් අවුරුදු හයක් මගෙ ලඟ

      Delete
    2. සමහර අත්දැකීම් ගන්නත් පිනක් තියෙන්න ඕනි////////
      මටනම්...මු එක්ක මෙ වගෙ ගමනක් යන එක මගෙ හිනයක්....

      Delete
  3. Ara karawel kokaa kiyala daala thiyena ekaa Grey Heron neda...

    ReplyDelete
    Replies
    1. Yes machan.... Thanks. I'll correct it

      Delete
    2. ලොකු....
      උබලා ලියන්නෙ නැත්තෙ අපෙ කරුමෙට...උබ ලියපු පොස්ට් සමහර තැන් මට තවමත් මට මතකයි...
      උබ එක්ක රා බොන්න ගියපු වෙලාවෙ පරිසරය ගැන කියලා දුන්න දෙවල්...අපෙ ගෙදර ආපු වෙලාවෙ සර්පයො ගැන කියපු දෙවල් එක්ක උබ ලියන්නෙ නැහැ කියලා මතක් වෙනකොට දැනෙනෙ වෙදනවක්..

      Delete
    3. සීරියස්ලි... ලොක්කා වගේ උන් ලියන්නැති එක අපේ අවාසනාව... තාමත් මගේ ෆේවරිට් ආටිකල් එක කළු කොටියා

      Delete
  4. හරිම අපූරුයි..... ලස්සන පින්තූර ... ආස හිතුනා යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... ලේසියෙන්ම යන්න පුළුවන් අවදානම ඉතා අඩු ගමනක්

      Delete
  5. නියම චාන්ස් එකක්. ස්තුතියි ඩිල්ෂාන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාණනි

      Delete
  6. මොකාදබං අර මාළුවා

    ReplyDelete
    Replies
    1. ඌ මචං අංකුට්ටෙක්

      Delete
  7. පොඩි මෙන්ඩාට තනියම කියවලා තෙරුම් ගන්න පුලුවන් උන ගමන් උබගෙ බ්ලොග් එක කියවන්න දෙනවා...
    මට ඔනෙ ඌ පරිසරයට ආදරය කරන එකෙක් කරන්න...

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි මචං ඕනෑ... පරිසරයට ආදරේ කරන එකා ලෝකෙටම ආදරේ කරනවා

      Delete
  8. උබට පොඩි යොජනාවක් කරන්නම්....
    ටික දෙනෙක් එකතු කරගෙන...මෙ වගෙ ගමනක් අපිව එක්කරගෙන පලයන්...වියදම අපි බෙදාගමු...උබගෙ දැනුමට මහන්සියට පොඩි ලාබයක් තියාගත්තත් කමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. මේක හොඳ අදහසක් මචං... මං තැනක් ප්ලෑන් කරලා පෝස්ට් එකක් දාන්නං...

      Delete
    2. ටිකක් කලින් දැනුවත් කරපන්...

      Delete
  9. උබව මුරුනගා අත්තෙ තියනවා නෙමයි...මම බොක්කෙන් උබගෙ බ්ලොග් එකට කැමති..

    ReplyDelete
    Replies
    1. මං දන්නවා බං මෙන්ඩයියේ... ඒකනෙ ටික දවසක් නොලිය ඉන්න කොට උඹ මාව මරං කන්න හදන්නේ...

      Delete
  10. Replies
    1. අපරාදෙ එන්නම ඉඳලා මිස් වුණා... පොඩ්ඩට අසනීප වුණා බං

      Delete
  11. "දම් කිතලා " නෙමෙයි ඌ නිල් කිතලා.ඒ පක්ෂියා ලංකාවට ආවේණික පක්ෂියෙක්. එයා වගුරු බිම්වල තමයි ඉන්නේ. දැනට වද ව්‍ යන පක්ෂියෙක් කියලා නම් කරලා තියෙන්නේ. එයා ගොඩක් වෙලාවට කැදලි තනන්නේ හම්බු කියන පදුරු වල කොළ එකතු කරලා බේසමක් ආකාරයට.හම්බු පදුරු අතර බිම තමයි කැදලි හදන්නේ. මම හරි නේද ඩිල්ෂාන්. ඇත්තටම ගොඩාක් හොද විස්තරයක්. පින්තූර ටිකත් ලස්සනයි. මමත් කලමෙටියේ ගිහින් තියනවා. කුරුල්ලෝ නම් ගොඩාක් ඉන්නවා තමයි. ඉඩක් ලැබුණු ගමන් අලුත් විස්තරයක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මේ වගේ කමෙන්ට්ස් වලින් මේ ආටිකල් එක තවත් පොහොසත් වෙනවා

      Delete
  12. අගේ ඇති විස්තරයක් සහ පින්තූර ටිකක්.
    හැන්දෑ වරුවක මේ වගේ පරිසරයක සුව විඳින්න තියෙනවනං ඒක වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ොඩකවෙල ගේ කුරුල්ලො නැද්ද මෙයා

      Delete
    2. වීර මාවත පැත්තෙනං ඉන්නවලු.

      Delete
    3. හැන්දෑ වරුවක මේ වගේ පරිසරයක සුව විඳින්න තියෙනවනං //////////
      බ්‍රැන්ඩ් එක ගල්

      Delete
    4. හෙහ්... ගොඩකවෙල ගේ කුරුල්ලා... බුහැක්...
      අනේ අම්මපා... අපි හැන්දෑවක මේ වගෙ ලස්සන පොට් එකක සෙට් වෙමුකො බං... (මං බොන්නැති එක වෙනම කතාවක්)

      Delete
  13. අතිශයින් සුන්දර විස්තරයක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... විශේෂයෙන්ම සැබෑ සංචාරකයෙකුගෙන් ලැබෙන ඇගයීම හරිම වටිනවා

      Delete

  14. මමත් මේ ගමන වින්දා කියන්න පුළුවන් ඔයාගේ අකුරු සහ රූප වලට පිං සිද්ධ වෙන්න .

    සුබ පැතුම් ඔබට දිල්ෂාන්

    ReplyDelete
  15. හරිම ලස්සන සටහනක්.ගියා වගේම දැනුනා කියවද්දී.ජයාරූප දැක්කාම ඒ ආසාව තවත් වැඩි උනා.සුබ පැතුම් ඔබට ! දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝම ස්තූතීයි

      Delete
  16. අපූරුයි. චාරිකා සටහන් හැම වෙලේම හරිම අපූරුයි - විශේෂයෙන්ම මේ ලියන විදිහ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැසි දැරිය.... මේ වගෙ හෘදයාංගම ප්‍රතිචාර ලියන්න තව හුස්ම පිඹිනවා

      Delete
  17. උබ මදුවගෙ බ්ලොග් එකට මාර් තු 13 ගිහින් කෙමෙන්ට් එකක් දාලා ඇවිත් ...අඩො උබට තවම ඌව මතක් වෙනවා නෙද?

    ReplyDelete
  18. super... පුළුවන් නම් වඳ වී යන සතුන් ටිකක් පින්තූරු ගන්න... ගොඩක් දේවල් මේ blog එකෙන් දැන ගත්තා. ස්තූතියි

    ReplyDelete
  19. තවුසෙගේ බුකි පෝස්ට් එක නිසා ආයිත් බලන්න ආවේ. අවුලක් නෑ. ඒත් හිත රිදුනා අර මහත්වරු ටික පාර්ලිමේන්තු යනවා කියල තියෙන විදිය දැක්කම

    ReplyDelete