සමනළ ලෝකයේ සොඳුරු පැතිකඩ ගැන මා ලියු පෙර ලිපිය මෙතනින් බලන්න...
අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂ කිහිපයක් ගැන පසුගිය ලිපියෙන් මම සාකච්ඡා කළා. අද මම ඉදිරිපත් කරන්නේත් එදිනෙදා අපට සුලබව හමුවෙන සමනළ විශේෂ කිහිපයක් සහ වනාන්තර ගතව හමුවෙන තරමක් දුර්ලභ සුවිශේෂ සමනළ විශේෂ කිහිපයක්.
එහෙනම් මෙන්න අද පළවෙනියා....
4. White Four Ring - Ypthima ceylonica
![]() |
White Four-Ring (Ypthima ceylonica) |
![]() |
White Four-Ring (Ypthima ceylonica) |
5. Plain Tiger - Danaus chrysippus
මේ ඉන්නේ තවත් සුලබ සමනළ විශේෂයක්. මෙයා ආසියාවෙන් විතරක් නෙවෙයි අප්‍රිකාවෙනුත් වාර්තා වෙන කෙනෙක්. සුපුරුදු ලෙස අයත් වන්නේ Nymphalidae කුලයටමයි. නමුත් මෙයා Danainae කියලා උප කුලයකට අයත් බවක් මට යාන්තමින් මතකයි. මම ඒ ගැන හරියටම දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාන්න. අත්තටු අතර දිග සෙන්ටිමීටර අටක් පමණ වෙන මෙයා සාමාන්‍ය ප්‍රමාණයේ සමනළයෙක්. මෙයාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා දීප්තියෙන් වැඩියි. අවාසනාවට මා සතුව තිබෙන්නේ මෙයාගේ මෙම ඡායාරූපය පමණයි.
6. Ceylon tiger - Parantica taprobana
තවත් ඉදිරිපත් කල යුතු සමනළ විශේෂ රාශියක ඡායාරූප මා සතුව තිබෙනවා. නමුත් ලිපියක් ඕනවට වඩා දිග්ගැස්සීමට මා අකමැති නිසා සෙස්ස පස්සට කල් තබනවා. හැකි ඉක්මනින්ම ඒ ඡායාරූපත් රැගෙන ඔබ හමුවෙන්නම්.