කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot එකක් හැටියටයි. (මීට අදාළ නිවැරදි සිංහල නම කිසිවෙක් දන්නවානම් කරුණාකර සටහන් කරන්න.) එසේ සැලකෙන්නේ මේ වනාන්තරයේ ඇති අසීමිත ජෛව විද්‍යාත්මක වටිනාකම නිසයි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ. මෙහි ඇති වටිනාකම ඒ අනුව ඔබට සිතා ගත හැකියි. ඒ වටිනාකම් කොයිහැටි වෙතත් අපේ මවුබිමේ එක්තරා අඳුරු යුගයකදී මේ වැසි වනාන්තරය තුනී ලෑලි සඳහා බදු දී තිබුනා. ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest).
![]() |
වනය තුළින් විහිද යන තාර යෙදු මාර්ගය |
මේ තියෙන්නේ පොගනාටුම් (pogonatum) ශාකය. මූලික ශාක දර්ශයක් ලෙස ජීව විද්‍යා පන්තියේදී අපි ඉගෙන ගත්තේ මෙයා ගැන තමයි. ඔය සුදුපාටට දකින්න තියෙන්නේ මෙයාගේ බීජාණුධානි. මග අසබඩ කණ්ඩියක් මතදී තමයි මම මෙයාව ඡායාරූපයට නැගුවේ.
![]() |
කැකිරිවරා Schumacheria castaneifolia |
![]() |
Sri Lanka kangaroo lizard -Octocryptis wiegmanni |
![]() |
Sri Lanka kangaroo lizard -Octocryptis wiegmanni |
![]() |
Sri Lanka Hump-nosed Lizard - Lyriocephalus scutatus |
![]() |
Beddomeia species |
![]() |
අනගිමල ඇල්ල |
මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකමත් එහිදී ඔබ හැසිරිය යුතු අන්දමත් නැවත නැවත කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මගේ බ්ලොග් එක වටා එකතුවෙලා ඉන්නේ පරිසරයට ගහකොළට සතාසීපාවට ආදරය කරන සංවේදී මිනිස්සු. ඔවුන් අතින් මේ පරිසරයට කිසිම හානියක් නොවන බවට මට සීයට සීයක්ම විශ්වාසයි.
මම අද ඉදිරිපත් කලේ අනගිමල ඇල්ලට යන අතරතුර මා ග්‍රහණය කරගත් සොඳුරු දර්ශන කීපයකුයි. නාරන්ගස් ඇල්ල මංපෙතේ සේයා ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
ලක්දසුන් වෙබ් අඩවියේ පලකල ඉංග්‍රීසි ලිපිය මෙතනින් බලන්න.