පහුගිය දොහක ආයෙත් හිතූ මනාපෙ සංචාරයක් යන්න අවස්ථාවක් එළඹුණා. මෙදාපාර තනියම. තනිව සංචාරය හෙවත් සෝලෝ ට්‍රැවලින් කියන්නෙත් හරිම අපූරු අත්දැකීමක්. මං තීරණය කළේ බදුරලිය-කලවාන-රත්නපුර අවට දියඇලි ගවේෂණයකට යන්නයි. මේක ටිකක් අවදානම් ගමනක් නිසාම මං තීරණය කළා කැමරා ආම්පන්න රැගෙන නොයන්න. මොකද වැස්සකට එහෙම අහුවුණොත් ඕවා පරිස්සම් කරන එක අමාරු වැඩක්. ඒ නිසා අද සොබා රූ සේරම පින්තූර මගෙ ෆෝන් එකෙන් ගත්තුවා.
පාන්දර පහට විතර ගෙදරින් ස්කූටරේ නැගලා පිටත් වුණු මං බටපොළ-ඇල්පිටිය-පිටිගල හරහා පැලවත්තට ආවා. පැලවත්තෙන් කළුගල හරහා වැටුණ ලස්සන පාරක් තියෙනවා. ඒක කෙළින්ම කලවාන පාරට බදුරලියෙන් සෙට් වෙන්නෙ.
පාතරාසයත් මොරපිටිය දිහායින් අරගෙන මං මුල්ම දියඇල්ල බලන්න අත්වැල්තොටදි නතර වුණා. මේක බෝම ප්‍රකට ඇල්ලක් වගෙම ළඟාවෙන්නත් බොහොම පහසු එකක්. අත්වැල්තොට අහස්බෝක්කුව පහුවෙලා කිලෝමීටරයක් විතර යද්දි වම්පැත්තට පාරක් තියෙනවා. ඒකෙ කිලෝමීටරයක් විතර ගියාම මේ ඇල්ලෙ මුදුනට ලඟා වෙන්න පුළුවන්.
![]() |
ඇල්ලේ මුදුන |
කලවාන මතුගම පාරදිගේ යන වාරයක් පාසා මං මේ ඇල්ල ලඟ මිනිත්තු කීපයක් නතර වෙනවාමයි. ඇල්ල ගලන දියදහර දිගේ පහළට සෑහෙන දුරක් ගියාම අතිශය සුන්දර නොගැඹුරු තටාකයක් දක්නට ලැබෙනවා.
![]() |
තටාකේ... |
ඊට පස්සෙ මං ගියේ අයගම කලවාන මාර්ගයේ පිහිටි සිපිරි මළ ඇල්ල හොයන්නටයි.
![]() |
අයගම පාරේ කොහේ හරි තැනක... |
මං යද්දී ඇල්ලේ වතුර තිබුණේ බෝම ටිකයි. නමුත් වැසි සමයට ගෙදර ඉන්න බැරි තරමට ඇල්ලෙ පින්න සැර බවයි ආසන්න නිවැසියන් පැවසුවේ.
![]() |
සිසිලි/සිපිරි මළ ඇල්ල |
![]() |
දෙල්වල ඇල්ල |
![]() |
දෙල්වල ඇල්ල - සමීපව |
හත්තිලව්වයි... පුක නෑ සාන්ත කිව්වලු. ගිනි අව්වට හොඳට රත් වෙලා තිබ්බ සීට් එකේ නිරාවරණ කලවා ගෑවුණාම දැනෙන සනීපෙ කොයි වගේද කියලා දැන ගන්න ඕන නම් අයන් එක රත් කරලා තියාගෙන බලන්නකො... හැක්... වෙනදා සුපුරුදු බොක්සර් බ්‍රීෆ් එක නැතුව වවුල් ජොකෙක් ඇඳං ආවට හොඳවැඩේ කියලා මටම බැණ ගනිමින් පස්ස උස්සං ටිකක් දුර ඇවිත් තමයි ෂේප් එකේ සීට් එකේ පස්ස තියාගත්තෙ...
මගෙ ඊලඟ නැවතුම රත්නපුර නගරයට බොහෝ සමීප තැනක්. මාරපන පාලම අසළින්ම පහළට බැස්සාම බොහොම සුන්දර ඇල්ලක් නරඹන්නට පුළුවන්. උසින් අඩු වුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැති මේ ඇල්ල ගැමියන් රජනාව නමින් හඳුන්වනවා.
![]() |
රජනාව ඇල්ල |
එක දවසක් ඇතුළත කිලෝමීටර් දෙසියයක විතර දුරක් බයිසිකල් පැදලා ඉතාම සුන්දර අත්දැකීම් රාශියක් ලබන්නට මට පුළුවන් වුණා.
හැබැයි ඉතිං තනියම ට්‍රැවල් කරන අයට කියන්න තියෙන්නේ දියඇලි අසළ අවදානම් වැඩ කරන්න යන්න එපා. මොකද පුංචි අනතුරක් වුණත් ඔබ තනියම නිසා ඇති වන්න පුළුවන් අවදානම ඉහළයි...