Saturday, April 21, 2012

A dialogue with the nature - සොබාදම සමග කතිකාව





Nature is something to appreciate. If you are vigilant enough you will be able to discover how majestic is the nature. There are lot of beautiful things even around you. Look closer at them. Even a little creature like an ant has its unique behavior. In my blog I try to reveal the unseen beauty of nature.

සොබාදහම කොයිතරම් පුදුමාකාරද? ළං වෙලා ඉවසිල්ලෙන් බැලුවොත් ඔබ මින් පෙර නුදුටු සුන්දර දර්ශන රාශියක් ඔබ අවටින්ම හොයා ගන්න පුළුවන්. මගේ මේ මුල්ම ද්වි-භාෂා බ්ලොග් අඩවියෙන් මම උත්සාහ කරන්නේ නිතර අවට පරිසරයේ අපට ඇහැ ගැහෙන ඒත් අපි එච්චර උනන්දුවක් නොදක්වන සුන්දර දේ ඉස්මතු කරන්නටයි........


It's not needed to have modern equipment to capture stunning photos of eye-catching moments of nature. Only thing you need is the patience. A practiced eye could see the marvel of your surrounding.  Photographing nature adds patience to some one's life.

'Nature Photography'  කිව්ව ගමන් ගොඩක් දෙනා හිතන්නේ සුපිරි උපකරණ ගැන. නමුත් සුපිරි උපකරණ නැතත් ඔබට ටිකක් ඉවසීම තියනව නම් මේ වැඩේ අමාරු නෑ. මම මෙහි post කරන හැම photo එකක්ම ගත්තේ, Nikon Coolpix p60 සහ Canon SX10 කැමරා දෙකෙන්. (ඒ දෙකම point & shoot compact camera බව දන්නෝ දනිති.) මුල්ම දේ ඔබ ඔබේ පරිසරයට සංවේදී වෙන්න. කුරුලු ගීතයකට, සුළං හමන හඬට, ගහක කොළක සිරිසිරියට ඇළක දොළක සිලි සිලියට සවන් දෙන්න. අන්න එතකොට සොබා ධර්මය ඇගේ සැබෑ සුන්දරත්වය ඔබට පෙන්වාවි. ඈ ටිකක් ආඩම්බරයි.ඇගේ සැබෑ සුන්දරත්වය ඈ හැමෝටම පෙන්වන්නේ නෑ. හැබෑවටම පරිසරයට ආදරය කරන සංවේදී සොඳුරු මිනිසුන්ට ඈ ඉතා ලෙංගතුයි......


අවට පරිසරයේ මා දුටු සුන්දර දසුන් ඔබ සමග බෙදා ගන්නටයි මගේ බලාපොරොත්තුව. නිකම්ම photo විතරක් නෙමෙයි, ඒ photo එකේ පසුබිම, ගත්තේ කොහේදීද? ඉන්න සතාගේ නැත්නම් දර්ශනයේ විශේෂතා මේ සියලු දේ ඉදිරි posts වලින් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේක මගේ පළවෙනි උත්සාහය. ඒ නිසා මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නට තරහා නෑ....


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු.


I wish to share my experience related to nature photography here. Not only the photo but also the background, where I have taken this and what is the creature or scenery appearing here. I warmly welcome your comments as this is my very first effort on blogging.






5 comments:

  1. මේ වගේ බ්ලොග් එකක් නම් මම තාම කොහේදිවත් දැකලා නෑ .. පින්තූර සහ ඒවාගේ කතාව කියවන්න මම හරිම ආසාවෙන් ඉන්නේ .. මචං මෙක අලුත් වැඩක් කවුරුත් කරන්න ට්‍රයි නොකරපු වැඩක් .. මේක දිගටම ගෙනියපං ..

    මේකේ කට්ටියට ෆලෝ කරන්න තැනක් දාපං

    ReplyDelete
    Replies
    1. උඹට බොහොම ස්තූතියි සඳරූ... මගේ බ්ලොග් ජීවිතේ මට ආපු පළවෙනි කමෙන්ට් එක උඹෙන්.... උඹ දන්නෑ මට ආපු සංතෝසේ.... මම උඩ පැන්නා මචං...

      කට්ටියට ෆලෝ කරන්න තැනක් ඔන්න දැම්මා... අඩුපාඩු තියේනං තව කියපං මචං මට තාම මේක Greek වගේ.....Hikz.......

      Delete
  2. Replies
    1. Thanks a lot amali. Your comment encourages me.

      Delete
  3. //මුල්ම දේ ඔබ ඔබේ පරිසරයට සංවේදී වෙන්න. කුරුලු ගීතයකට, සුළං හමන හඬට, ගහක කොළක සිරිසිරියට ඇළක දොළක සිලි සිලියට සවන් දෙන්න. අන්න එතකොට සොබා ධර්මය ඇගේ සැබෑ සුන්දරත්වය ඔබට පෙන්වාවි.//

    නියමයි.

    ඇත්තෙන්ම මාත් හිතන්නේ මෙහෙමයි.

    ඔෆිස් එකේ වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට පොඩ්ඩක් එලියට බහිනවා.

    මම රස්සාව කරමින් ජීවත් වෙන්නේ කාන්තාරෙක.

    ඒත් කාන්තාරේ කියලා නෑ සොබා දහමේ සුන්දරත්වය විඳින්න කැමති අයට නො අඩුව ලැබෙනවා.

    වැලි කුනාටු දවසට වාහනේ ඇතුලට වෙලා අයිනක නවත්තගෙන පොඩ්ඩක් බලාන ඉන්නවා.

    ඒකත් කරදරයක් කියලා නොහිතා ඒ මොහොත විඳින්න ට්‍රයි කරනවා.

    ReplyDelete