කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘ සොයා ගිය චාරිකා සටහනයි මේ...
මෙවන් චාරිකා සඳහා සැදී පැහැදී සිටින තවත් මිතුරන් තිදෙනෙකුත් සමග මගේ පරණ මෝටර් රථයේ නැගී අපි පාන්දරම හික්කඩුවෙන් පිටත් වුණා. ගමනේ පළමු ඉලක්කය අත්වැල්තොට ‘අහස් බෝක්කු ඇල්ල'...
![]() |
අපේ ගමන් සගයා - අහස් බෝක්කුව අසල |
![]() |
අහස් බෝක්කු ඇල්ලේ මුදුන |
![]() |
අහස් බෝක්කු ඇල්ල |
අහස්බෝක්කු ඇල්ල නැරඹීමෙන් පසු අපි කෙළින්ම ගියේ කලවානේ කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතටයි. කල් ඇතුවම අපි එහි නවාතැන් වෙන් කරගෙන තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණා. කොස්ගුලන ගඟට ඉහළින් ඉදි කෙරුණු, සරල, අවම නමුත් ප්‍රමාණවත් පහසුකම් වලින් හෙබි නවාතැනේ අපේ ගමන්මලු ආදිය දමා තවත් සුන්දර ඇල්ලක් සොයා යන්නට අපි සූදානම් වුණා.
කුඩව සිංහරාජ පිවිසුමට යන මාර්ගයේ මදක් දුර ගොස් කුඩව පාලම පසුකර දකුණු අත පැත්තට ඇති පාර වැටී ඇත්තේ පිටකැලේ ගම්මානයටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ග්‍රාමීය පෙදෙසක් වන මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. මේ දුෂ්කර මාර්ගයේ මදක් තැන් ගිය පසු අපි සොයා ආ සොඳුරු දියඇල්ල දක්නට ලැබෙනවා. මෙය හඳුන්වන්නේ පිටකැලේ දූවිලි ඇල්ල නමින්. උසින් අඩු වුණත් ඈ කොතරම් සුන්දර දැයි බලන්න.
![]() |
පිටකැලේ දූවිලි ඇල්ල |
![]() |
නෙලු විශේෂයක්... |
![]() |
ඝාතනයක සාක්ෂි |
කුරුලු නාද හා දියදහරා වල සිලිසිලිය හැරෙන්නට වනය අතිශයින්ම නිසංසලයි. වන නදී දහරා පිරී පැවතුනේ ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙනුයි. මේ වීඩියෝ දර්ශනය බලන්න. https://www.youtube.com/watch?v=wePegSavMog
අවධානයෙන් සංචාරය කරන්නෙකුට වනාන්තරය අවට දැකිය හැකි සුන්දර දර්ශන බොහෝමයි.
![]() |
සුන්දර සමනල විශේෂයක්... |
![]() |
ගැටහොඹු කටුස්සා |
![]() |
සිංහකට |
![]() |
කඳු මුදුනේ සිට... |
![]() |
බිම් ඕකිඩ් |
![]() |
බිනරමලී... |