කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘ සොයා ගිය චාරිකා සටහනයි මේ...
මෙවන් චාරිකා සඳහා සැදී පැහැදී සිටින තවත් මිතුරන් තිදෙනෙකුත් සමග මගේ පරණ මෝටර් රථයේ නැගී අපි පාන්දරම හික්කඩුවෙන් පිටත් වුණා. ගමනේ පළමු ඉලක්කය අත්වැල්තොට ‘අහස් බෝක්කු ඇල්ල'...
අපේ ගමන් සගයා - අහස් බෝක්කුව අසල |
අහස් බෝක්කු ඇල්ලේ මුදුන |
අහස් බෝක්කු ඇල්ල |
අහස්බෝක්කු ඇල්ල නැරඹීමෙන් පසු අපි කෙළින්ම ගියේ කලවානේ කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතටයි. කල් ඇතුවම අපි එහි නවාතැන් වෙන් කරගෙන තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණා. කොස්ගුලන ගඟට ඉහළින් ඉදි කෙරුණු, සරල, අවම නමුත් ප්‍රමාණවත් පහසුකම් වලින් හෙබි නවාතැනේ අපේ ගමන්මලු ආදිය දමා තවත් සුන්දර ඇල්ලක් සොයා යන්නට අපි සූදානම් වුණා.
කුඩව සිංහරාජ පිවිසුමට යන මාර්ගයේ මදක් දුර ගොස් කුඩව පාලම පසුකර දකුණු අත පැත්තට ඇති පාර වැටී ඇත්තේ පිටකැලේ ගම්මානයටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ග්‍රාමීය පෙදෙසක් වන මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. මේ දුෂ්කර මාර්ගයේ මදක් තැන් ගිය පසු අපි සොයා ආ සොඳුරු දියඇල්ල දක්නට ලැබෙනවා. මෙය හඳුන්වන්නේ පිටකැලේ දූවිලි ඇල්ල නමින්. උසින් අඩු වුණත් ඈ කොතරම් සුන්දර දැයි බලන්න.
පිටකැලේ දූවිලි ඇල්ල |
නෙලු විශේෂයක්... |
ඝාතනයක සාක්ෂි |
කුරුලු නාද හා දියදහරා වල සිලිසිලිය හැරෙන්නට වනය අතිශයින්ම නිසංසලයි. වන නදී දහරා පිරී පැවතුනේ ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙනුයි. මේ වීඩියෝ දර්ශනය බලන්න. https://www.youtube.com/watch?v=wePegSavMog
අවධානයෙන් සංචාරය කරන්නෙකුට වනාන්තරය අවට දැකිය හැකි සුන්දර දර්ශන බොහෝමයි.
සුන්දර සමනල විශේෂයක්... |
ගැටහොඹු කටුස්සා |
සිංහකට |
කඳු මුදුනේ සිට... |
බිම් ඕකිඩ් |
බිනරමලී... |
සුන්දර අත්දැකීමක් !
ReplyDeleteස්තූතියි විරාජ්...
Deleteඇත්තටම සුන්දර අත්දැකීමක්
නියම සටහනක් වගේම ඡායාරූප පෙළක්.
ReplyDeleteළඟපාතක තිබිලත් මට තාම සිංහරාජ කැලේ යන්න බැරි උනා.
(මෙන්ඩ තාම ඇවිල්ල නෑ වගෙයි. ඌට මේ ගමනත් කො.කා. සම්මානෙ ගන්න දෙන්නෙ නෑ. හැක්..)
හැබෑට ප්‍රසන්න... කලවානෙ කිට්ටුවද ඔයා? ලැජ්ජාවෙ බෑ බොල වහාම සිංහරාජෙ පලයං.... නැත්නං විමල් වීරවංසට වගේ අඬන්න වෙනවා සීගිරියෙ වත් යන්න බැරි වුණා කියලා...
Deleteමෙන්ඩා තව ටිකකින් දුවං එයි... කො.කා සම්මානෙ කීවෙ? මෙන්ඩට දෙනව නං ඉතිං පරණ කොකා වගේ සම්මානයක් තමා.. හැක්
නෑ කලවානෙ නෙමයි ගොඩකවෙල. අපිට යන්න වෙන්නෙ රක්වාන පැත්තෙන් තමයි.
Deleteඑහෙම සම්මානයක් හදල දෙන්න පුලුවන්ද කියල ඉන්දික උපශාන්ත මහතාගෙන් අහන්න ඕන.
පුරේ ඉදලා ජය ශ්‍රි මහා බෝදියට රුවන් වැලි සෑයට නොගිය එවුන් ඉන්නවා බන් ..ඒ හැටි ..
Deleteඋබ ගැන අපිට ඉරිසියා හිතෙනවා ...මටනම් මෙහම ගමනක් තියා දෙපාරක් තුන්පාරක් ටොයිලට් එකට ගියත් සදු "අයියේ " කියනවා...
මම උබගේ පොස්ට් වලින් හිතෙන් උබත් එක්ක මේ ගමන් යනවා මචෝ
මටත් දැන් මෙහෙම ගමනක් යන එක අමාරු වැඩක් බං. හෙට අනිද්දා දෙදරු පියෙක් වෙන්නයි යන්නෙ
Deleteඅඩෝ ..පොඩ්ඩක් හිටපං මට දුමක් දාන්න ඕනේ ...
ReplyDeleteමගේ හිත පිරුනහම සතුටට මම පපුව පිරෙන්නේ දුමක් දානවා
උඹ ඔය සතුට වෙනුවෙන් කරන වැඩේ කවදාහරි උඹට ආදරය කරන එවුන්ගේ වේදනාවට හේතු වෙනවා
Deleteසොබා රූ පොස්ට් එකක් ලියලා ..ඒක දැක්කේ උබගේ බ්ලොග් රෝලේ තිබිලා ...උබට ඉස්තුති සදුවෝ ..
ReplyDeleteබ්ලොග් ගැන නොදන්නා එකෙකුට බ්ලොග් ගැන ආසාවක් ඇති කරන්න ඕනේ උනහම මම උන්ට බලන්න කියන්නේ සදුරුවගේ හිස් අහස
සොබා රූ
මගේ පොඩි එකට මම කවදා හරි කියවන්න දෙන්නේ සොබා රූ..
මටත් බ්ලොග් ලියන්න පාර පෙන්නපු එකා සඳරූ.. ලෝබ නැතුව බ්ලොග් එකේ අඩුපාඩු කියාදීපු එකා සඳරු. උගෙ ලිවිල්ල වගෙම හිතත් හරිම හොඳයි.
Deleteඅඩෝ විශ්වාස කරනවානම් කරපන් මම පොස්ට් එක හතර පාරක් කියව්වා ...
ReplyDeleteඋබට තේරෙන්නේ නැහැ යකෝ තොගේ හැකියාව වටිනාකම ...
උබට කවදා හරි පස්ස බලලා හිනාවෙලා මැරෙන්නේ පුලුවන් ..
ඕම කියන්නෙපා යකු... ඇඬෙනවා
Deleteසිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය නවතැන් වෙන් කරගන්න විදිහ කියපන්
ReplyDelete(යන්න නෙමයි මචෝ...කවදා හරි මගේ පොඩි එකාට කියනවා "බදින්න ඉස්සර පලයන් ගිහින් බලපන් ...උබගේ අම්මා උබව දොස්තර කෙනෙක් කරාට පස්සේ උබට ජීවිතය විදින්න නෙමයි විදවන්න වෙන්නේ කියලා "
ඒක වෙන් කරගන්න ඕන බත්තරමුල්ලෙන් මචෝ. යනදාක කියපන්. පුලුවන් හැම උදව්වක්ම කරන්නම්. මම බුකියෙ දැක්කා උඹට ලස්සන කොලු පැටියෙක් ඉන්නවා. ඌට ගහට කොලට ආදරේ කරන්න කියා දීපන් මචෝ
Deleteමෙන්ඩට අද ඩබල් එකේ වැදිලද කොහෙද. හැක්...
Deleteඔන්න පොඩි මෙන්ඩ බලනවා මේ බ්ලොග් එක
ReplyDeleteසන්තෝසයි මචෝ
Deleteවැඩට යන්න ඉස්සර උබව බලලා යන්න අවා
ReplyDeleteමොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
ReplyDeleteකුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා
මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
ReplyDeleteකුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා
උබගේ පොස්ට් මිට වඩා තව දිවුණු කරපන් ..සිතියම් එකතු කරපන්
ReplyDeleteකවදා හරි අපේ පොඩි එවුන් මේවා කියවන කාලෙක උන්ට ප්රෝය්ජන්වත් වෙයි
මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
Deleteබලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
dirtykavi.blogspot.com
මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
ReplyDeleteබලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
dirtykavi.blogspot.com
ගිය මචෝ.....
Deleteතව එකක් ලියමු
ReplyDeleteනෙලුම්යයේදී සෙට් වෙමු
උබ සම්මානේ ගන්න වෙලාවට පුටුව උඩ නැගලා විසිල් එකක් ගහනවා
ලියන්න දෙයක් නෑ බං... කොහෙවත් යාගන්න බැරිවුණා මේ ටිකේ...
Deleteමට මොන සම්මානද බොලේ.... නෙලුම්යායට අනිවාර්යෙන් මේ පාර එනවා... අනිවාර්යෙන් සෙට් වෙමු...
පලයන්න ...උබ සොබාදහම එක්ක ජිවත් වෙන එවුන් ...උබලට ලියන්න දේවල් ඕන තරම් දේවල් තියනවා ...
Deleteලියපිය අපි වෙනුවෙන් නෙමයි අපේ ළමයි වෙනුවෙන්
උබලගේ හැකියාවන් අත්දැකීම් උබලට වඩා වටින්නේ හෙට උපදින අපේ ළමයින්ට
හෙහ්... හිටිං හිටිං මක්කා හරි ලියන්නං
Deleteඅලුත් එකක් ලියමු..
ReplyDeleteමට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු
ලොකු අයියෙ... මාව බය කරන්න එපා බං... අද අදම එකක් ලියනවා
Deleteඅඩෝ ලියපන්
ReplyDeleteමචෝ මේක මිස්වෙලා තිබුනේ...
ReplyDeleteමමනම් කොහෙවත් ගියේ නැහැ බං...
දැන් යන ෆැමිලි ට්‍රිප් වල මෙලෝ රහක් නැහැ බං...
ගියා ආවා...
මේක කියෙව්වම මතක් උනා අපි මහ වැස්සේ තෙමිගෙන සිංහගල ගියපු ගමන...
සතියක් සිංහරාජේ නැවතිලා ඉඳල අන්තිම දවසේ ගියේ...
ඒවා මම බ්ලොග් එකේ ලියල නැද්ද කොහෙද, මතකත් නැහැ බං...
අර ඝාතනය වෙලා තියෙන්නේ "වත රතු මල්කොහා" නේද...
මට හිතෙන්නේ උඹට ලැටපිලා කියලා...
ඔය ඉන්නේ වතනිල් මල්කොහා තමයි මචං... මේ ඉන්නේ ඩයල් එක https://en.wikipedia.org/wiki/Blue-faced_malkoha
ReplyDeleteමටත් සෑහෙන කාලෙකින් ගමනක් සෙට් වුණේ නෑ... වගකීම් වැඩි වෙලා ඉන්නේ...
උඹේ සිංහගල ගමන බ්ලොග් එකේ නෑ... වහාම ලියපං
ඒ සම්බන්ධව උඹ හරි බව මටත් හිතෙනවා, ෆෙදර් ටිප් එක අනුව...
Deleteනමුත් මම දැනගෙන හිටියේ නැහැ සිංහරාජේ වතනිල් මල්කොහා ඉන්න බව...
කොයිකටත් මේ ගැන තව දුරටත් හොයන්න ඕනේ මචෝ...
Deleteදැනට මට හොයා ගන්න පුළුවන් වෙච්ච දත්ත අනුව උන් සිංහරාජේදී වාර්තා වෙලා නැහැ...
උඹලගේ නිරීක්ෂණය නිවැරදිනම් ඒක හොඳ සොයා ගැනීමක්...
මම මේලක් දැම්මා, බලහං...