Monday, April 3, 2017

Awarded at Nelum Yaya Blog Awarding Ceremony - නෙළුම් යායෙන් සම්මාන ලදිමි

මම බ්ලොග්කරණයට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී. එවක ලක්බිම ඉරිදා සංග්‍රහයේ පළවුණු ‘වියුණු සටහන්‘ තමයි මට බ්ලොග් ලෝකයට පාර කියන්නේ. එවක බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් වුණු සඳරූ, කතන්දර කාරයා, මාරයා, දුමී, අභීත වැනි අය නිසා මටත් බ්ලොග් එකක් ලියන්න මාර ආසාවක් ඇතිවුණා. එතනදි මං තෝර ගන්නේ මං කැමතිම විෂයය වුණු සංචරණය සහ ඡායාරූප.
මං ගිය බොහෝ පාරිසරික චාරිකාවල සටහන් හා ඡායාරූප මගේ බ්ලොග් එකෙන් බලන්න පුළුවන්. හුදෙක් පාරිසරික සෞන්දර්යය ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී අදාළ පාරිසරික පද්ධතියේ විද්‍යාත්මක වැදගත් කම, ඒවාට ඇති තර්ජන ආදිය විශ්ලේෂණය කරන්නත් මං මගේ ලිපි අතරේ ඉඩකඩ විවර කර ගත්තා. සංචාරක සටහන්වලට පමණක් සීමා නොවී පරිසරය හා බැඳුණු වෙනත් කරුණු සාකච්ඡා කරන්නටත් මගේ බ්ලොගය නිරතුරුවම ලෑස්තියි. පරිසර හානිය අවම වන පරිදි නිවසක් තනා ගන්නා ආකාරය ගැන මගේ අත්දැකීම් ඇසුරෙන් සකස් කළ ලිපිය ඊට උදාහරණයක්.
විශේෂම දේ මේ බ්ලොග් අඩවියේ මා ඉදිරිපත් කර ඇති ඡායාරූප සියල්ලම පාහේ මගේ කුඩා සංයුක්ත කැමරාවෙන් ගත් ඒවා වීමයි. මිල අධික DSLR වර්ගයේ කැමරාවක් තාමත් මට හීනයක්. නමුත් ඔබට හොඳ ඇහැක් තිබේ නම් කැමරාවේ වර්ගය ඒ තරම් වැදගත් නොවන බවයි මගේ හැඟීම.

බ්ලොග්කරණයේදී මා ලද පළමු ප්‍රතිචාරය ලැබුණේ සඳරූ ගෙන්. එවක බ්ලොග් කරණයේ පතාක යෝධයෙකු වූ සඳරූ මගේ මේ පුංචි අඩවිය වෙනුවෙන් තැබූ සටහන මට මහ මෙරක් වුණා.

මට හිතෙන විදියට අනෙකුත් මාධ්‍යයන් එක්ක සසඳද්දී බ්ලොග් කියන්නේ ඉතාම සජීවී මාධ්‍යයක්. ඔබේ පාඨකයාගේ ප්‍රතිචාර එවෙලේම බලා ගන්නටත් ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දැක්වීමට ලැබීමත් නිසා ඇතැම් විට ඉතා හරබර සංවාද බ්ලොග් අතරේ ඇතිවෙනවා. ඒ වගේම ඉතා අපූරු රසවතුන් පිරිසක් බ්ලොග් අවකාශය හරහා හඳුනාගන්නටත් මට අවස්ථාව උදා වුණා.
මගේ බ්ලොග් ලිපියක් හෝ ඡායාරූපයක් ඇවැසි ඕනෑම අයෙක් ඕනෑම අවශ්‍යතාවයක් උදෙසා උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නෑ. ඇත්තටම එය මගේ අත්‍යන්ත ප්‍රීතියට කාරණයක්.

බ්ලොග්කරණයට පිවිස වසර පහකට පසු 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී පාරිසරික හා සංචාරක අංශයේ හොඳම බ්ලොග් ලිපිය වෙනුවෙන් මා සම්මානයට පාත්‍ර වෙනවා.
ඕනෑම ආකාරයක ලේඛකයෙකුට සම්මානයක් ලැබීම මහත් උත්තේජනයකට හේතුවක්. මේ ප්‍රීතිජනක මොහොතේ මගේ ආදර ගෞරවය නෙළුම්යාය සංවිධායක මණ්ඩලයට හිමිවිය යුතුයි. එසේම මට සංචරණය සඳහා ඉඩහසර විවර කර දෙමින් තනිවම දරු දෙදෙනාගේ කටයුතු කර ගනිමින් අත්‍යන්ත සහයක් දක්වන මගේ ආදරණීය බිරිඳටත් මේ ගෞරවය හිමිවිය යුතුමයි. එමෙන්ම මා සමග සංචාරයේ යෙදෙන දයාබර පරිසර ලෝලී හිතමිතුරන්ටත්, ලිපි කියවමින් නිබඳව දිරි දෙන ඔබ හැමටත් බොහොම පිං.
මෙන්ඩා, ප්‍රසා, ලොකුපුතා ඇතුළු නම කී නොකී මේ සියලුම පාඨකයන් නිසයි බ්ලොග් ඉදිරියට පවතින්නේ. ඒ නිසාම සම්මානය ලද මොහොතේම “මේක මට වගේම උඹටත් අයිතියි අයියණ්ඩි" කියලා මම දෝතින්ම ඒක මෙන්ඩා අතට දුන්නා. එය මගේ බ්ලොග් ජීවිතයේ මා ලද ඉහළම භාග්‍යයක්. නමුත් මම අදටත් බ්ලොග් ජීවිතයේ මම ලද ඉහළම සම්මානය ලෙස සලකන්නේ මගේ නිත්‍ය පාඨකයෙක් වන ‘එළ ද බ්‍රා මෙන්ඩා’ විසින් මගේ ‘චැරියට් පාත්’ චාරිකා සටහනේ අග සටහන් කර තිබුණු මෙන්න මේ ප්‍රතිචාරයයි. මොන මගුලක්ද බන් අද ආය පාරක් ඇවිත් උබගේ පිංතුර ටික බැලුව. ගුරුකමක් වත් කරගන්න ඕනේ උබගේ ලිපි හය හත් සැරේ කියවන ඒක නවතත් ගන්න

46 comments:

  1. සුභපැතුම් දිල්ශාන්.. එදා මුණගැහීම සතුටක්...
    සංචාරක සටහන් කියවන්න ගොඩක් කැමති..
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී...
      ඔබ මුණගැසීමත් හරිම සතුටක්...

      Delete
  2. අදටත් ඒ කියමන වලංගුයි ...උබ ලියන එක නවත්තනවා කියපු වෙලාවේ ඒ ගැන මම පොඩි මෙන්ඩ එක්ක කතා කරා ඌ ට තේරෙන්නේ නැති උනත් ඌ අහගෙන ඉදලා මගෙන් ඇහව්වා "ඔයාට දුකයිද ?" කියලා

    ReplyDelete
    Replies
    1. මං ලියන එක නවත්තන්නෑ බොලේ.... සංචාරක සටහන් වලට විතරක් පොඩි වාරණයක් දාගත්තා

      Delete
  3. නෙලුම් යාය ගැන මට දැනුන දේ ලියලා කමියට යැව්වා ...ඌ අද හෙට එක දායි

    ReplyDelete
    Replies
    1. කමියට යවල වැඩක් තියේද බං? උගෙ සෙද්ද අපට බලන්න බෑනෙ

      Delete
    2. කමියගේ බ්ලොග් එක උබගේ එකේ නැද්ද

      Delete
    3. හිලාකතට යන්න පුළුවන් ඉන්වයිටඩ් ගෙස්ට්ස්ලාට පමණි.

      Delete
    4. හුටා ....උබගේ මේල් එක දීපන් මේක උබ දාපං

      Delete
    5. leodilshan@gmail.com
      හැබැයි මචෝ මගේ එකේ දානවට වඩා වැඩි පිරිසකට බලන්න පුළුවන් කලාහිතේ දැම්මම. ඒ නිසා උඹ ආටිකල් එක දාලා ඌට කියපං බ්ලොග් එක පබ්ලික් කරන්න කියලා

      Delete
    6. මෙන්ඩා, උඹේ ඔය මල ඉලවුව දාන්න එකක් නැත්තං මම දෙන්නං ඔරිජිනල් බ්ලොග් එකක් ඕක දාගන්න. හැක්..

      Delete
    7. දැම්මා යකුනේ.. දැන් ගිහින් බලාපියව්.. දවස් තුනක් හිරේ හිට්යේ එලියට එන්න බැරුව.. හැක්.

      Delete
    8. මක් වුණාද බං? මකලා හිරේ ගියාද?

      Delete
  4. හදවතින්ම සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔබටත් උණුසුම් සුබ පැතුම්... ඊළඟ නෙළුම් යායෙදී හමු වෙලා කතා කරමු

      Delete
  5. සුබ පැතුම් මචෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා... මුණ ගැසීම සතුටක්

      Delete
  6. ශ්ශ්ශ්. මේහ්, අර මදුවගෙ බ්ලොග් එකේ.............. එක්කො ඕනෙ නෑ.


    සම්මානෙ ට නම් මගේ සුබ පැතුම් දිලෝ. ලියහං තව තව ලියහං.

    ReplyDelete
    Replies
    1. ෂ්..ෂ්.. කට කට යකෝ...
      උඹව මුණ ගැසීම සතුටක් කසුන්... ජයවේවා

      Delete
  7. සුභ පැතුම් නැවතත්

    ReplyDelete
    Replies
    1. නැවත නැවතත් ස්තූතියි ඉයන්...

      Delete
  8. Replies
    1. බොහෝම ස්තූතියි ලොකූ...
      උඹ බොහෝම වටිනා පාඨකයෙක්

      Delete
  9. ලැබුණ සම්මානයට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසා... උඹ නැති අඩුව දැනුනා

      Delete
  10. උඹට සුබ පැතුම් දිල්ශාන්

    ReplyDelete
    Replies
    1. උඹව මුණගැසීම සතුටක් වැවා...

      Delete
  11. අප්‍රමාණ සංතෝසයි.. උඹල හැමෝටම දීපු සම්මාන මම අසාවෙන් අතගෑව.. ඒවගේ සුවඳ මට දැනුන.. ඊට වඩා සතුටක් මටම කියල සම්මානයක් අරගෙන වත් ලබන්න බැරිවෙයි..

    ReplyDelete
    Replies
    1. අම්මප කමියා... උඹ මාව බදාගෙන විෂ් කරද්දී තව ටිකෙන් තඩි බඩේ වැදිලා මම ස්ටේජ් එකෙං පල්ලට වැටෙනවා...

      Delete
  12. සුභ පැතුම් මිත්‍රයා. හ‍ඳුනාගන්නට ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...

      Delete
  13. අහා !උඹටත් සම්මානයක් හම්බ වුනද?
    අපිට මතක නෑනේ
    දැන් බලාගෙන ගියාම හැමෝටම අම්බානක සම්මාන හම්බ්වෙලානේ
    දැන් එතකොට කාටද දන්නේ නෑ සම්මාන නැත්තේ?

    ReplyDelete
    Replies
    1. හම්මට... උඹට හම්බුන්නැද්ද සම්මානයක්? අපරාදෙ... එතැන හිටිය හැමෝටම අඬගහලා සම්මාන දුන්නා නෙව...

      Delete
  14. කාලෙකින් බ්ලොග් නොකියවපු නිසා වෙන්න ඕන මට මඟ හැරිලා වගේ හිතෙනවා මේ බ්ලොග් අඩවිය.

    අද ඩූඩ්ගේ පෝස්ට් එකට ඔබ තබපු සටහන දිගේ ලින්ක් හොයාගෙන ආවහම දැක්කේ මීට කලින් ඇවිත් ෆොලොවර් කෙනෙකුත් වෙලා කියලා.

    සමහර විට ඒ නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙළේ ලින්ක් එකෙන් වෙන්න ඇති.

    කොහොම උනත් පරක්කු වෙලා හරි දැන් මාත් මේ බ්ලොග් අඩවියේ පාඨකයෙක්.
    ඔබේ අනිත් අඩවිය වගේම මේකත් මගේ බ්ලොග් රෝලට දාගන්න ඕන කියවීමේ පහසුවට.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දුකා...
      සාදරෙන් පිළිගන්නවා... මට බ්ලොග් ලියන්න ආසාව ඇති කරපු සඳරූ, කතන්දරකාරයා, මාරයා වැනි අය අතර ඔබත් ඉන්නවා

      Delete
  15. මටත් කියදෙනවදමේකකොහොමද පවත්වාගෙන යන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. හිතවත් ප්‍රදීප්, මෙන්න සියලු විස්තර මෙතන තියෙනවා
      http://campussyndi.blogspot.com/2014/01/1.html

      Delete
  16. අඩෝ ලියපන් නැත්නම් දෙන්නේ සම්මාන නෙමයි ඊලග පාර ගල් ගෙඩි පාරක් ඔලුවට ..
    සංචාරක සටහන්ක් ලියහන්කෝ

    ReplyDelete
  17. Replies
    1. මචෝ... ලියන්න කරුණු තිබ්බත් කැමරාව තාම සෙට් නෑ... කැමරාව සෙට්වුණ වහාම ලියනවා

      Delete
  18. ඒකත් හරි ...අනේ සමාවෙයන් මචෝ ...ලියපන් ලියපං කිව්වට ලියන එකානේ එකේ අමාරුව දන්නේ

    ReplyDelete
    Replies
    1. අඩේ සමාව ඉල්ලන්න දෙයක් නෑ... උඹේ මෝටිවේෂන් එක වටිනවා.. හිටිං කාගෙං හරි කැමරාවක් ඉල්ලගෙන ඉක්මණට ආටිකල් එකක් ලියනවා... ජයවේවා

      Delete
    2. එපා මචෝ කාගෙන්වත් ඉල්ලන්න එපා ...හිමිට එකක් අරගමු

      Delete
  19. කැමරාවක් නැතුව ලියන්න පුලුවන් සටහනක්????????????????????????/

    ReplyDelete