Wednesday, March 8, 2017

I won't write further more.... මම තවදුරටත් නොලියම්....


සංචරණය මගේ ජීවිතේ කොටසක්... 2012 අවුරුද්දේ මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ සංචරණ අත්දැකීම් පරිසර ලෝලී සහෘදයන් සමග බෙදා ගන්නටත්, එවන් අත්දැකීමක් ලබන්නට වාසනාවන්ත නොවූ උදවිය වර්චුවලි හෝ එවන් තැන් වෙත කැන්දාගෙන යන්නටත්. 
නමුත් මම දැන් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත ළඟා වී ඇති බවකුයි මට හැඟෙන්නේ... තව දුරටත් මා අතින් සංචාරක සටහන් ලියවෙන එකක් නෑ.. ඊට හේතුව බ්ලොග් පාඨක සහෘද ඔබේ වරදක් නොවෙයි. එන්න එන්නම රටේ පාරිසරික සංචරණය ගමන් කරන මග දිහා බලා සිටීමෙන් ඇති වූ තිගැස්ම විසින් ඇති කරන ලද්දක්.
රටේ පාරිසරික වශයෙන් වැදගත් හා සංවේදී ස්ථාන වෙත සංචාර සංවිධාන කරන ෆේස්බුක් පේජ් හා වෙනත් සංවිධාන අද වැහි වැහලා. හැම සති අන්තයකම වගේ ඔවුන් සංවිධානය කරන ඉවෙන්ට්ස් දැන් දැක ගන්නට පුළුවනි. මිනිසුන් පාරිසරික සංවේදී ස්ථාන වෙත සංචාරය කිරීම යහපත් ප්‍රවණතාවයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් එය මහා විනාශයක පෙර නිමිත්තක් බවයි මට පෙනෙන්නේ...
මේ සංවිධානවල මූලික අරමුණ මුදල්... ඒ ගැන කිසිම තර්කයක් නෑ... ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ තම කණ්ඩායමට උපරිම සාමාජික පිරිසක් සහභාගි කර ගන්නටයි. මේ එක කණ්ඩායමක් පසුගිය දා බොගවන්තලාව හරිත කන්ද පරිශ්‍රයේ සංවිධානය කළ චාරිකාවට සහභාගි වූ පිරිස හැට දෙනෙක්.... මෙන්න බලන්න... https://www.facebook.com/SobasiriSL/videos/1322101881148051/
මෙවන් සංවේදී පරිසර පද්ධතියක මෙවන් විශාල පිරිසක් කඳවුරු බැඳීම කෙසේ වෙතත් නිකමට ඇවිද ගියත් ඇතිවන හානිය කොපමණදැයි සිතා බලන්න.
මේ යන හැමදෙනාම පරිසරය කෙරෙහි සංවේදී උදවිය බවට සහතික විය හැක්කේ කාටද? මෙවන් විශාල පිරිසක් පරිසරයට හානියක් නොවන සේ හැසිරීමෙන් වළක්වා ගන්නට එම කණ්ඩායමේ නායකයාට හැකියාවක් තිබේද? 
මා පසුගිය වසරේ චැරියට් පාත් යද්දී එය ඉතා හුදෙකලා සුන්දර පරිසර පද්ධතියක්. නමුත් දැන් හැම සති අන්තයකම පාහේ එය ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත් වෙලා. හැම සති අන්තයකම පාහේ චැරියට් පාත් හි සංවිධානය වන ඉවෙන්ට්ස් ගැන දැන්වීම් නිරන්තරයෙන් ෆේස්බුක්හි දක්න්නට පුළුවනි.  හුදෙකලා සුන්දර ගම්මානයක් වූ මීමුරේටත්, මන්දාරම් නුවරත් අත් වී තිබෙන ඉරණම මා අමුතුවෙන් විස්තර කළ යුතු නෑ.  මේ අතර ඉතා වගකීමෙන් සීමිත පිරිසක් සමග සැබෑ පරිසර චාරිකා සංවිධානය කරන අතළොස්සක් සංවිධානද තිබෙන බව කිව යුතුමයි. පෙරකී උදවිය නිසා ඔවුනුත් අපහසුතාවයට ලක්වෙලා තියෙනවා.
මේ අකටයුතුකම් නිසාම දැන් කුරුලන්ගල කඳවුරු බැඳීම තහනම්, ඇල්ල, නමුණුකුල කඳවුරු බඳින්නට සැබෑ සංචාරකයෙකුටවත් දැන් අවස්ථාව නෑ... යන තැන අනුන් දමා ආ කුණු ටිකත් එකතු කරගෙන ආ අප වැනි සංචාරකයන්ට අත් වී තිබෙන්නේ කණගාටුදායක ඉරණමක්...
මේ විනාශයට සංචාරක බ්ලොග් කරුවෙකු ලෙස මාද වගකිව යුතු බවයි මට හැඟෙන්නේ... මේ විනාශයට යම් තාක් දුරකට මාද වගකිව යුතු බව මගේ හෘදය සාක්ෂිය නගන චෝදනාවෙන් ගැලවෙන්නට මට ඉඩක් නෑ...
ඒ නිසා මම ලියන්නේ නෑ... ආයෙත් මගේ බ්ලොග් අඩවියේ සංචාරක සටහන් ලියවෙන්නේ නෑ... මා ආගිය සුන්දර තැන්වල මතකයන් මා තුළම තිබුණා වේ... ස්වභාව ධර්මය මේ අඩවිය හරහා වින්ද හැබෑ පරිසර ලෝලීන් මට සමාවෙයල්ලා.... 
නමුත් මා මේ අඩවිය තුළ පරිසරය සම්බන්ධ අනෙකුත් සෙසු කාරණා කතා බහ කරන්නට ඉඩහසර වෙන් කර ගන්නවා. මේ දිනවල අවුරුදු පහක් මගේ ඇඟේම කොටසක් වගේ තිබුණු කැමරාව ක්‍රියාවිරහිත වීම නිසා මම ඉන්නේ අශ්වයා මැරිච්ච කව්බෝයි වගේ... ආර්ථික තත්ත්වය යහපත් වී කැමරාවක් මිලදී ගත් සැණින් මා නැවතත් පරිසරය හා බැඳුණු නොයෙක් කරුණු සමගින් ඔබ හමුවට එන්නම්...

30 comments:

  1. එකක් කියන්නම් මචන්
    උබ මේ දාපු ඒවගෙන් රස වින්ද වගේම දැකපු උන් ඕවට යන්න ඇති
    එතකොට උබ ඔය කියන විනාසේ වෙන්න නැද්ද?
    උබත් තනියම නෙමෙයිනේ 10 වත් ගිහින් තියනවා
    උබට යන්න එපා කියන්න අයිතියක් නෑ
    හැබැයි ගිහින් ඒ පරිසරය විදලා විනාස නොකර වරෙල්ල කියල කියන්න පුළුවන්
    ලිවුවා නොලිවුවා උබේ වැඩක් උබට ජය

    ReplyDelete
    Replies
    1. ආයෙ ආටිකල් එක කියවපං.. මම කියන්නෙත් මගේ ආටිකල් බලලා එවුං යන්න ඇති.. ඒ නිසාම මම ලියන එක නවත්තනවා කියලා..
      මා එක්ක 10ක් ගිහිං තියෙන්නේ ඇලිහත ගමන විතරයි. ඒකත් මං සංවිධානය කරපු එකක් නෙවෙයි. චැරියට් ගියේ තුන්දෙනයි... සිංහගල ගියේ හතරදෙනයි..
      මම යන්න එපා කියලා නෑ.. මං කියලා තියෙන්නෙ හැටක් හැත්තෑවක් අරං යන එක සුදුසු නෑ කියලා...
      ස්තූතියි අදහස් පළ කළාට..
      ජයවේවා...

      Delete
  2. ලංකාවෙ කොයි කාලෙත් වෙන්නෙ ඕක තමයි. යම් තැනක් ජනප්‍රිය උනාම කිසිම සීමාවක් නැතුව මිනිස්සු ඔය තැන් වලට යන එකෙන් වෙන්නෙ ඒ තැන ආපහු හදාගන්න බැරි විදියටම විනාස වෙලා යන එකයි. ඒ යන වැඩි දෙනෙක් හුදෙක් ආතල් එකක් ගැනීම සඳහාම යන එක ඊට වැඩිය භයානක තත්වයක්.
    ඔබ ලියපු පරිසර සටහන් මමත් රසවින්ද. ඉදිරියට ලියනවද නැද්ද කියන එක ඔබේ තීරණයක්.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රසා...
      දැන්නම් තත්ත්වය හොඳටම නරකයි. අර වීඩියෝ එක බලහං...
      උඹලා වගේ මම ලියපු දේවල් රසවිඳපු මිනිස්සු වෙනුවෙන් මම ලියනවා. හැබැයි මෙතන නෙවෙයි.. වෙන සීමිත පිරිසකට බලන්න පුළුවන් මාධ්‍යයක.
      බ්ලොග් එක නතර වෙන්නෙ නෑ.. සංචාරක සටහන් ඇරෙන්න තව රසවිඳින්න පුළුවන් බොහෝ දේ ලියනවා... හිටිං කැමරාව සෙට් වෙනකම්

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා ඉවරයි, අපි ගියත් නොගියත් ප්‍රසිද්ධ සයිට් වලින් විස්තර හොයාගෙන යන මිනිස්සු ඉන්නවා...
      ඒ විදිහටම කණ්ඩායම් අරගෙන යන උනුත් ඇති...

      කැමරාවක් නැතුව ඔය වගේ ගමනක් ගිහින් වැඩක් නැහැ මචං, ඒත් මට දැන් කැමරාව හුරු නැහැ...
      ආපහු හුරු වෙන්න ලොකු අසාවකුත් නැහැ, මගේ ජීවිතේ ඒ පරිච්ජේදය ඉවර බවක් තමයි මට හිතෙන්නේ...

      Delete
    2. ඒ ට්‍රෙන්ඩ් එක හදන්න මාත් දායකත්වයක් දුන්නද කියලා මට ලොකු තැවීමක් තියෙනවා ලොකුපුතා...
      කැමරාව නෑ කියන්නෙ මචං මං නිකං බ්‍රා එක අතේ නැති මෙන්ඩා වගේ...

      Delete
  4. හුකා.. ඒ මොන අපරාධයක්ද? උඹයි ලොකු පුතයි නැතුව අපි කොහොමද කැලයක අතරමන් වෙන්නේ ඔෆිස් එකේ ඉඳන්..

    උඹ කියන කතාවෙත් අත්තක් තියෙනවා.. අපේ මේ සමහර #කන්නල මේක වවාගෙන කනවනේ.. සැහැ.. මේකට වෙන විසඳුමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්නෙපා කමියෝ ඇඬෙනවා...
      විසඳුමක් නෑ බං... දැං මේක හෙණ ප්‍රොෆිටබල් බිස්නස් එකක් වෙලා. සල්ලි රහ වැටුණම පරිසරේට හෙණ ගැහුවත් කමක් නෑ.. හැබැයි උං අමතක කරන කාරණේ තමයි කෑම්පින් තහනම් වෙලා ඕවයෙ යන්න දෙන එක සීමා කළාම උන්ටත් කෙළ වෙනවා කියන එක

      Delete
  5. උබගේ සන්ජරක සටහන් නැති බ්ලොග් ලෝකේ මට බ්‍රා නැති පැක්ටරි එකක් වගේ

    ReplyDelete
  6. උබ නොලියනවා කියලා තීරණය කරන්න ඉස්සර මගේ පරන කෙමෙන්ට් බලපන් ...උබලගේ අපේ කාලේ ඉවරයි හැබැයි අපේ පොඩි එවුන් තවම ජිවිතේ පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩයියෙ... මටත් කියාගන්න බැරිතරම් හිතට අමාරුයි. උඹලෑ අපේ දරුවො ගැන හිතලමයි මං මේ ලියන එක නවත්තන්නෙ.. උන්ට ඒව රැකිලා තියෙන්න ඕන. සංචාරක සටහන් විතරයි නවත්තන්නෙ..

      Delete
  7. මට ගොඩක් දේ තියනවා කියන්න එත් ඉස්සර වෙලා මම දුමක් දාලා එන්නම්...මට බොක්කෙන් හිතට අමාරුයි

    ReplyDelete
  8. මමත් අහන්නේ මේකට වෙන විසදුමක් නැද්ද

    ReplyDelete
  9. මේක මොද තීරනයක් මල්ලියා සංවේදී පරිසර පද්දතීන් වලට මේ ගැටළුව මේ වෙද්දි තදින් දැනෙන්න පටන් අරන් මේ ඇතිවී ඇති රැල්ල විනෝදාශ්වාදයටම වෙන්කරන්නැතිව පරිසරය පැත්තට හරවන්න තිබුනන් ගොඩ නමුත් අහේතුවකට වගේ අපි එතනට තාමත් ගිහින්නැ මුලික වෙලා තියෙන්නේ මුදලම විතරයි එකයි අවුල //////සංචාරක සටහන් ලියන එක සම්පුර්ණයෙන් නතර කරන්න එපා එ වෙනුවට ලොකේෂන් දෙන එක විතරක් වාරනයට ලක්කරපන් හා අතිශය පරිසර පද්දතීන් ගැන නොලිය හිටපන් එ ඇති

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... මේ බ්ලොග් එක ලියන එක නවත්තන්නෙ නෑ... සංචාරක සටහන් හැරුණු කොට තව බොහෝ දේ ලියන්න තියෙනවා. ඒවා ලියනවා

      Delete
  10. උබගේ මේ තීරණය ගැන මම උබත් එක්ක මුනට මුණ කතා කරනවා නෙලුම් යායේදී ...උබට එහම නවත්තන්න දෙන්නේ නැහැ ..උබ ලිව්වට මේවා අපේ බ්ලොග්

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායට එන්නත් බයයි යකෝ...
      බ්ලොග් එක නවත්තන්නෙ නෑ බොලේ...
      තව ආටිකල් එකකට තොරතුරු දැං රැස් කරගෙන යනවා... මේ පාර ලියන්නේ urban wildlife - නාගරික වනජීවීන් ගැන. කැමරාව තමයි අවුලකට තියෙන්නේ.. කැමරාවක් ගත්තු වහාම ලියනවා

      Delete
  11. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete
    Replies
    1. මොන විරුද්දත්වයක්ද අටං අයියේ... අඩ්ඩඩ්ඩා ඩඩ්ඩ ඩඩා...

      Delete
    2. ආය මොනවට විරුද්ද වෙන්නද

      Delete
  12. මට බුතයෙක් වරමක් දුන්නොත් මම ඉල්ලන්නේ උබට කැමරාවක් ..

    ReplyDelete
    Replies
    1. හම්මට.... අඩෝ උම්මා ඈ...
      (බූතයෙකුට කිව්වා බං හරි ගියේ නෑ...)

      Delete
    2. ලොක්කා අපි හෙට සෙට් වෙමු එකෙංම ඈ...

      Delete
  13. සොබා සෞන්දර්යයෙන් අනූන රටවල් බොහොමයක් සංචාරකයන් හට ඒ සුන්දරත්වය විඳගැනීමට පහසුකම් සලසලා දීලා තියනවා. ඔබ වගේම බාල මහළු තරුණ පිරිස් බොහොමයක් පාරිසරික සුන්දරත්වය සහ ජීවිතයේ නොගිය තැන්වලට යාමට ස්වභාවික ආශාවක් දක්වනවා. එක වලක්වන්න අපිට බෑ. ඒහා සම්බන්ධ මුල්‍ය වාසි සඳහාම වන ආයතන ඇතිවෙන්නෙත් අර කියන ඉල්ලුම නිසාමයි. නමුත් ශ්‍රී ලංකාවේ මේ පිළිබඳව තවමත් හරිහැටි දියුණු වෙච්ච ක්‍රියා පටිපාටියක් නැති කමයි අවුල.....උදාහරණ වශයෙන් සංවේදී පරිසර පද්ධති සඳහා නිශ්චිත ගමන් මාර්ග (Trails), කුඩාරම් ගැසීම සඳහා වෙන්කළ ස්ථාන, සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන සඳහා පරිසර නිලධාරීන් හා තොරතුරු කුටි වගේ දේවල් කියන්න පුළුවන්.......

    කෙසේ වෙතත් පරිසරය ගැන ලියන එක දිගටම කරන්න.....ඒකෙන් එක පුද්ගලයෙක්ගේ හරි ආකල්ප වෙනස් වෙයි. සමහර විට ඒ කෙනා අනාගතයේ ප්‍රබල පරිසර හිතකාමියෙක්, රැකගන්නෙක් වෙන්න පුළුවන්............

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ නිවැරදියි. නිසි නියාමනයක් එක්ක මේ දේවල් ක්‍රියාත්මක විය යුතුයි. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  14. චා...චා...මුට ගහන්නම් කියලා හිටියේ කොහෙද සම්මානෙට මුගේ නම කියවෙනකොට මට උන් හිටි තැන් අමතක වෙලා පුටුවෙන් නැගිටලා අත්පුඩි ගැහව්වනේ

    ReplyDelete
    Replies
    1. හෙහ්... මාත් බයේ ආවෙ උඹෙන් ගුටි කන්න වෙයි කියලා... උඹේ කාලය, ධනය වැය කරගෙන අපිව දිරි ගන්නවන්න ආවට පිං මචං

      Delete
  15. සහෝ, මොනව කියන්නද කියල හිතාගන්න බැහැ.එක පැත්තකින් ඔබ කියන කතාවත් සහමුලින්ම ඇත්ත.එත් ඔෆිස් වලට විතරක් නෙමෙයි ඉස්කෝලෙට ක්ලාසස් වලට හිරවෙලා ඉන්න අපිටත් කැලෑවක ඇවිදලා සොඳුරුබව අත්විඳින්න ලැබෙන්නේ මේ වගේ බ්ලොග් එකකින් විතරයි...ඒ විතරක් නෙමෙයි ලයික්ස් කොමෙන්ට්ස් නොකෙරුවට අයියලාගේ අවවාද උපදෙස් අහලා වෙනස් වෙන සිය දහස් ගණන් අය ඉන්නවා කියල අමතක කරන්න එපා...හැමදේම තමන්ගේ කරගෙන සතුටු වෙනවා වෙනුවට දෙයක් තියෙන තැනදීම දැකල සතුටු වෙන්න කියල දුන්නේ මේ බ්ලොග් තමයි. තීරණය ඔබ අතේ...(eco)

    ReplyDelete
    Replies
    1. මේ වචන ටික පපුවෙ ගැඹුරටම දැණුනා. ඇත්තටම මටත් සංචාරය සහ බ්ලොග් එක කියන්නෙ මගේ ජීවිතේ වගේ. ඒත් වැරැද්දක් කරන බව දැන දැනම කරන්න බෑ. මම බ්ලොග් එක අත අරින්නෙ නෑ. සංවේදී පරිසර පද්ධති ගැන ලියද්දී ස්වයං වාරණයක් පනවා ගෙන ලියනවා. බොහෝම ස්තූතියි ඔයාගෙ සංවේදී වචන ටිකට

      Delete