Monday, November 28, 2016

Sinhagala Expedition - Sinharaja Rain Forest, Sri Lanka - සිංහගලේ සිංහයා සොයා...


කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘ සොයා ගිය චාරිකා සටහනයි මේ...
මෙවන් චාරිකා සඳහා සැදී පැහැදී සිටින තවත් මිතුරන් තිදෙනෙකුත් සමග මගේ පරණ මෝටර් රථයේ නැගී අපි පාන්දරම හික්කඩුවෙන් පිටත් වුණා. ගමනේ පළමු ඉලක්කය අත්වැල්තොට ‘අහස් බෝක්කු ඇල්ල'...
අපේ ගමන් සගයා - අහස් බෝක්කුව අසල
මතුගම - බදුරලිය පාරේ අත්වැල්තොට පසුකර මදක් ගිය පසු මේ අහස් බෝක්කුව නමින් හැඳින්වෙන පුංචි පාලම හමු වෙනවා. එය අසලින් ඇති කුඩා අඩිපාරේ මදක් දුර ගිය විට ඔබට අහස්බෝක්කු ඇල්ල වෙත පැමිණිය හැකියි. නමුත් අපි අනුගමනය කළේ ඊට මදක් වෙනස් මගක්. අහස්බෝක්කුව පසුකර මීටර් සියයක් පමණ ඉදිරියට ගිය විට දක්නට ලැබෙන මාර්ගය ඔස්සේ යාමෙන් ඇල්ලේ මුදුනට ඔබට ළඟා විය හැකියි.
අහස් බෝක්කු ඇල්ලේ මුදුන
ඇල්ලේ මුදුන අසලින් වනතීරය ඔස්සේ පහළට බැසීමෙන් ඇල්ල පාමුලට එන්නට අපට හැකිවුණා. එය තරමක් අසීරු කටයුත්තක් නිසා පරිස්සමෙන් බැස ගැනීම සුදුසුයි.
අහස් බෝක්කු ඇල්ල
එතරම් අවධානයට ලක් නොවුණු ඇල්ලක් වුණත් මීටර් 30ක් පමණ උසින් යුත් මේ දිය ඇල්ල ඉතාම සුන්දර එකක්.
අහස්බෝක්කු ඇල්ල නැරඹීමෙන් පසු අපි කෙළින්ම ගියේ කලවානේ කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතටයි. කල් ඇතුවම අපි එහි නවාතැන් වෙන් කරගෙන තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණා. කොස්ගුලන ගඟට ඉහළින් ඉදි කෙරුණු, සරල, අවම නමුත් ප්‍රමාණවත් පහසුකම් වලින් හෙබි නවාතැනේ අපේ ගමන්මලු ආදිය දමා තවත් සුන්දර ඇල්ලක් සොයා යන්නට අපි සූදානම් වුණා.
කුඩව සිංහරාජ පිවිසුමට යන මාර්ගයේ මදක් දුර ගොස් කුඩව පාලම පසුකර දකුණු අත පැත්තට ඇති පාර වැටී ඇත්තේ පිටකැලේ ගම්මානයටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ග්‍රාමීය පෙදෙසක් වන මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. මේ දුෂ්කර මාර්ගයේ මදක් තැන් ගිය පසු අපි සොයා ආ සොඳුරු දියඇල්ල දක්නට ලැබෙනවා. මෙය හඳුන්වන්නේ පිටකැලේ දූවිලි ඇල්ල නමින්. උසින් අඩු වුණත් ඈ කොතරම් සුන්දර දැයි බලන්න.
පිටකැලේ දූවිලි ඇල්ල
දූවිලි ඇල්ල නරඹා නැවත නවාතැනට පැමිණි අපි පසුදා සිංහගල චාරිකාවට සූදානම් වුණා. සිංහරාජ වනාන්තරයේ වනමං පෙත් අතරින් දුෂ්කරම මංපෙත වැටී ඇත්තේ සිංහගල වෙතටයි. කුඩව පිවිසුමේ සිට කිලෝමීටර 14ක පමණ දුරකින් පිහිටා ඇති සිංහගල මීටර් 500ක පමණ උසින් යුතු කඳුමුදුනක්.
නෙලු විශේෂයක්...
ගමන අතරතුරදී ඝාතනයක සාක්ෂි දක්නට ලැබුණා...
ඝාතනයක සාක්ෂි
මෙහිදී ඝාතනයට ලක්ව තිබුණේ වත නිල් මල්කොහෙක්... Phaenicophaevs viridirostris ඝාතකයා බොහෝවිට කුරුළුගොයෙක් (Shikra) විය හැකියි.
කුරුලු නාද හා දියදහරා වල සිලිසිලිය හැරෙන්නට වනය අතිශයින්ම නිසංසලයි. වන නදී දහරා පිරී පැවතුනේ ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙනුයි. මේ වීඩියෝ දර්ශනය බලන්න. https://www.youtube.com/watch?v=wePegSavMog
අවධානයෙන් සංචාරය කරන්නෙකුට වනාන්තරය අවට දැකිය හැකි සුන්දර දර්ශන බොහෝමයි. 
සුන්දර සමනල විශේෂයක්...
ගැටහොඹු කටුස්සා නැත්නම් කරමල් බෝදිලිමා යනුවෙන් හැඳින්වෙන කටුසු විශේෂය අපට දක්නට ලැබුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
ගැටහොඹු කටුස්සා
ක්‍රමයෙන් කඳු බෑවුමේ ඉහළට පැමිණි අපි සිංහයෙකුගේ කටක් බඳු හැඩයක් සහිත ගල්පොත්තක් කරා පැමිණියා. මේ කන්ද සිංහගල ලෙස හැඳින්වෙන්නට මේ ගල්පොත්ත හේතුවක් වෙන්නට ඇති බව මට නිකමට හිතුණා.
සිංහකට
කිලෝමීටර 14ක පමණ දුෂ්කර පාගමනකට පසු අපි සිංහගල මුදුනට පැමිණියා. කඳු මුදුනේ සිට අවට අති මනරම් දර්ශනයක් දක්නට ලැබුණා. බැලූ බැලූ අත දිස්වුණේ හරිත සාගරයම පමණයි.
කඳු මුදුනේ සිට...
මේ සුන්දරත්වය දෑසින් උරාබොමින් බොහෝ වේලාවක් කඳු මුදුනේ ගත කළ අපි ආපසු එන්නට හැරුණා. මේ බිම්ගත ඕකිඩ් වර්ගය අපට හමුවුණේ සිංහගල මුදුන ආසන්නයේදීමයි.
බිම් ඕකිඩ්
මේ නම් හොඳට දන්න අඳුනන කෙනෙක්.. මේ ලංකාවට ආවේණික සුන්දර මල් විශේෂයක් වන බිනර...
බිනරමලී...
තරමක් කල්ගත වී හෝ මේ චාරිකා සටහන ලියවුණේ හැමදාම බ්ලොග් එකට ගොඩවැදී අලුතෙන් යමක් ලියන්නේ නැද්දැයි නිතරම ආඩපාලි කියන එලද බ්‍රා මෙන්ඩා හෙවත් දයාබර සංජීව මෙන්ඩිස් සහෝදරයා නිසයි. උඹට බොහොම ස්තූතියි.


36 comments:

  1. සුන්දර අත්දැකීමක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විරාජ්...
      ඇත්තටම සුන්දර අත්දැකීමක්

      Delete
  2. නියම සටහනක් වගේම ඡායාරූප පෙළක්.
    ළඟපාතක තිබිලත් මට තාම සිංහරාජ කැලේ යන්න බැරි උනා.

    (මෙන්ඩ තාම ඇවිල්ල නෑ වගෙයි. ඌට මේ ගමනත් කො.කා. සම්මානෙ ගන්න දෙන්නෙ නෑ. හැක්..)

    ReplyDelete
    Replies
    1. හැබෑට ප්‍රසන්න... කලවානෙ කිට්ටුවද ඔයා? ලැජ්ජාවෙ බෑ බොල වහාම සිංහරාජෙ පලයං.... නැත්නං විමල් වීරවංසට වගේ අඬන්න වෙනවා සීගිරියෙ වත් යන්න බැරි වුණා කියලා...
      මෙන්ඩා තව ටිකකින් දුවං එයි... කො.කා සම්මානෙ කීවෙ? මෙන්ඩට දෙනව නං ඉතිං පරණ කොකා වගේ සම්මානයක් තමා.. හැක්

      Delete
    2. නෑ කලවානෙ නෙමයි ගොඩකවෙල. අපිට යන්න වෙන්නෙ රක්වාන පැත්තෙන් තමයි.

      එහෙම සම්මානයක් හදල දෙන්න පුලුවන්ද කියල ඉන්දික උපශාන්ත මහතාගෙන් අහන්න ඕන.

      Delete
    3. පුරේ ඉදලා ජය ශ්‍රි මහා බෝදියට රුවන් වැලි සෑයට නොගිය එවුන් ඉන්නවා බන් ..ඒ හැටි ..
      උබ ගැන අපිට ඉරිසියා හිතෙනවා ...මටනම් මෙහම ගමනක් තියා දෙපාරක් තුන්පාරක් ටොයිලට් එකට ගියත් සදු "අයියේ " කියනවා...
      මම උබගේ පොස්ට් වලින් හිතෙන් උබත් එක්ක මේ ගමන් යනවා මචෝ

      Delete
    4. මටත් දැන් මෙහෙම ගමනක් යන එක අමාරු වැඩක් බං. හෙට අනිද්දා දෙදරු පියෙක් වෙන්නයි යන්නෙ

      Delete
  3. අඩෝ ..පොඩ්ඩක් හිටපං මට දුමක් දාන්න ඕනේ ...
    මගේ හිත පිරුනහම සතුටට මම පපුව පිරෙන්නේ දුමක් දානවා

    ReplyDelete
    Replies
    1. උඹ ඔය සතුට වෙනුවෙන් කරන වැඩේ කවදාහරි උඹට ආදරය කරන එවුන්ගේ වේදනාවට හේතු වෙනවා

      Delete
  4. සොබා රූ පොස්ට් එකක් ලියලා ..ඒක දැක්කේ උබගේ බ්ලොග් රෝලේ තිබිලා ...උබට ඉස්තුති සදුවෝ ..
    බ්ලොග් ගැන නොදන්නා එකෙකුට බ්ලොග් ගැන ආසාවක් ඇති කරන්න ඕනේ උනහම මම උන්ට බලන්න කියන්නේ සදුරුවගේ හිස් අහස
    සොබා රූ
    මගේ පොඩි එකට මම කවදා හරි කියවන්න දෙන්නේ සොබා රූ..

    ReplyDelete
    Replies
    1. මටත් බ්ලොග් ලියන්න පාර පෙන්නපු එකා සඳරූ.. ලෝබ නැතුව බ්ලොග් එකේ අඩුපාඩු කියාදීපු එකා සඳරු. උගෙ ලිවිල්ල වගෙම හිතත් හරිම හොඳයි.

      Delete
  5. අඩෝ විශ්වාස කරනවානම් කරපන් මම පොස්ට් එක හතර පාරක් කියව්වා ...
    උබට තේරෙන්නේ නැහැ යකෝ තොගේ හැකියාව වටිනාකම ...
    උබට කවදා හරි පස්ස බලලා හිනාවෙලා මැරෙන්නේ පුලුවන් ..

    ReplyDelete
    Replies
    1. ඕම කියන්නෙපා යකු... ඇඬෙනවා

      Delete
  6. සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය නවතැන් වෙන් කරගන්න විදිහ කියපන්
    (යන්න නෙමයි මචෝ...කවදා හරි මගේ පොඩි එකාට කියනවා "බදින්න ඉස්සර පලයන් ගිහින් බලපන් ...උබගේ අම්මා උබව දොස්තර කෙනෙක් කරාට පස්සේ උබට ජීවිතය විදින්න නෙමයි විදවන්න වෙන්නේ කියලා "

    ReplyDelete
    Replies
    1. ඒක වෙන් කරගන්න ඕන බත්තරමුල්ලෙන් මචෝ. යනදාක කියපන්. පුලුවන් හැම උදව්වක්ම කරන්නම්. මම බුකියෙ දැක්කා උඹට ලස්සන කොලු පැටියෙක් ඉන්නවා. ඌට ගහට කොලට ආදරේ කරන්න කියා දීපන් මචෝ

      Delete
    2. මෙන්ඩට අද ඩබල් එකේ වැදිලද කොහෙද. හැක්...

      Delete
  7. ඔන්න පොඩි මෙන්ඩ බලනවා මේ බ්ලොග් එක

    ReplyDelete
  8. වැඩට යන්න ඉස්සර උබව බලලා යන්න අවා

    ReplyDelete
  9. මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
    කුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා

    ReplyDelete
  10. මොකද බන් මේ තරම් මිනිස්සු සප්ත කන්‍යා කදු වැටි අතරමන් වෙන්නේ..
    කුරු අලි බලන්න කියලා ඒකට ගිය මෝඩ රැල හිතුවද දන්නේ නැහැ කැලේ සංචාරය කරනවා කියන්නේ හන්දියේ කඩේට ගිහින් එනවා වගේ වැඩක් කියලා

    ReplyDelete
  11. උබගේ පොස්ට් මිට වඩා තව දිවුණු කරපන් ..සිතියම් එකතු කරපන්
    කවදා හරි අපේ පොඩි එවුන් මේවා කියවන කාලෙක උන්ට ප්රෝය්ජන්වත් වෙයි

    ReplyDelete
    Replies
    1. මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
      බලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
      dirtykavi.blogspot.com

      Delete
  12. මට කම්මැලියි බං ඔව්ව කරන්න... ඒක නෙවෙයි මදුවගෙ ජාතියෙ බ්ලොගක් සෙට් වුණා...
    බලපං.. කමෙන්ට් කරලා අපි ඌව නග්ගලා ගමු
    dirtykavi.blogspot.com

    ReplyDelete
  13. තව එකක් ලියමු
    නෙලුම්යයේදී සෙට් වෙමු
    උබ සම්මානේ ගන්න වෙලාවට පුටුව උඩ නැගලා විසිල් එකක් ගහනවා

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් නෑ බං... කොහෙවත් යාගන්න බැරිවුණා මේ ටිකේ...
      මට මොන සම්මානද බොලේ.... නෙලුම්යායට අනිවාර්යෙන් මේ පාර එනවා... අනිවාර්යෙන් සෙට් වෙමු...

      Delete
    2. පලයන්න ...උබ සොබාදහම එක්ක ජිවත් වෙන එවුන් ...උබලට ලියන්න දේවල් ඕන තරම් දේවල් තියනවා ...
      ලියපිය අපි වෙනුවෙන් නෙමයි අපේ ළමයි වෙනුවෙන්
      උබලගේ හැකියාවන් අත්දැකීම් උබලට වඩා වටින්නේ හෙට උපදින අපේ ළමයින්ට

      Delete
    3. හෙහ්... හිටිං හිටිං මක්කා හරි ලියන්නං

      Delete
  14. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete
    Replies
    1. ලොකු අයියෙ... මාව බය කරන්න එපා බං... අද අදම එකක් ලියනවා

      Delete
  15. මචෝ මේක මිස්වෙලා තිබුනේ...
    මමනම් කොහෙවත් ගියේ නැහැ බං...
    දැන් යන ෆැමිලි ට්‍රිප් වල මෙලෝ රහක් නැහැ බං...
    ගියා ආවා...

    මේක කියෙව්වම මතක් උනා අපි මහ වැස්සේ තෙමිගෙන සිංහගල ගියපු ගමන...
    සතියක් සිංහරාජේ නැවතිලා ඉඳල අන්තිම දවසේ ගියේ...
    ඒවා මම බ්ලොග් එකේ ලියල නැද්ද කොහෙද, මතකත් නැහැ බං...

    අර ඝාතනය වෙලා තියෙන්නේ "වත රතු මල්කොහා" නේද...
    මට හිතෙන්නේ උඹට ලැටපිලා කියලා...

    ReplyDelete
  16. ඔය ඉන්නේ වතනිල් මල්කොහා තමයි මචං... මේ ඉන්නේ ඩයල් එක https://en.wikipedia.org/wiki/Blue-faced_malkoha
    මටත් සෑහෙන කාලෙකින් ගමනක් සෙට් වුණේ නෑ... වගකීම් වැඩි වෙලා ඉන්නේ...
    උඹේ සිංහගල ගමන බ්ලොග් එකේ නෑ... වහාම ලියපං

    ReplyDelete
    Replies
    1. ඒ සම්බන්ධව උඹ හරි බව මටත් හිතෙනවා, ෆෙදර් ටිප් එක අනුව...
      නමුත් මම දැනගෙන හිටියේ නැහැ සිංහරාජේ වතනිල් මල්කොහා ඉන්න බව...

      Delete
    2. කොයිකටත් මේ ගැන තව දුරටත් හොයන්න ඕනේ මචෝ...
      දැනට මට හොයා ගන්න පුළුවන් වෙච්ච දත්ත අනුව උන් සිංහරාජේදී වාර්තා වෙලා නැහැ...
      උඹලගේ නිරීක්ෂණය නිවැරදිනම් ඒක හොඳ සොයා ගැනීමක්...

      මම මේලක් දැම්මා, බලහං...

      Delete