Saturday, April 28, 2012

Homosexual Elephants - Gay (වල්) අලි....



Homosexuality is refused by most of the communities as they consider it as a sin. In keeping with the Sri Lankan law the homosexuality among men is a punishable offence. But the modern scientific world consider it as one of the three main categories of sexual orientation. Therefore some nations have granted the legal authority for same-sex marriages. 
By the way I'm discussing about the homosexual behaviors in animals today. This is a very common phenomena in animal kingdom. This has been observed in close to 1500 species ranging from primates to earthworms. 

සමලිංගිකත්වය යනු බොහෝ සංස්කෘතීන් විසින් පිටුදකින මාතෘකාවක්. ලංකාවේ නීතිය අනුව පවා පිරිමි සමලිංගිකත්වය බරපතල වරදක් සේ සලකනවා. (නමුත් කාන්තා සමලිංගිකත්වය ගැන දණ්ඩ නීති සංග්‍රහයේ සහනක් නෑ මං හිතන්නේ) කෙසේ නමුත් නූතන අර්ථදැක්වීම් අනුව සමලිංගිකත්වය වරදක් හෝ පාපයක් ලෙස ගැනෙන්නේ නෑ. එය සාමාන්‍ය ලිංගිකත්වයේම එක් දිශානතියක් බව දැන් පිළිගැනෙනවා. ඒ හේතුව නිසාම ඇතැම් රටවල් සමලිංගික විවාහයන් නීතිගත කර ඇති අවස්ථාද දක්නට ලැබෙනවා.

ඒ තත්ත්වයන් එසේ තිබියදී අද මම කතා කරන්නේ සත්ත්වයන් අතර දක්නට ලැබෙන සමලිංගික චර්යාවන් ගැනයි. සත්ත්ව ලෝකයේ මෙය එතරම් දුලබ සංසිද්ධියකුත් නෙමෙයි. සත්ත්ව විශේෂ ගණනාවක් අතර මෙවන් චර්යා වාර්තා ගත වෙලා තියෙනවා. උදාහරණ ලෙස, කළු හංසයින්, පෙන්ගුයින් වැනි පක්ෂි විශේෂද, බොනොබෝ වඳුරන්, සිංහයන්, බැටළුවන් ආදී ක්ෂීරපායීන්ද දැක්විය හැකියි. 

ශ්‍රීලාංකීය අලි සම්බන්ධයෙනුත් මෙවන් කතා අපට පසුගිය දිනවල අසන්නට ලැබුණා. කෙසේ නමුත් මේ කයිකතන්දර සනාථ වෙන දසුනක් මීට ස්වල්ප කලකට පෙර යාල ජාතික වනෝද්‍යානයේදි මගේ තෙවැනි ඇසේ සටහන් වුණා. මම දැන් කියන්න යන්නේ ඒ කතන්දරේ........

I came across these two well built young male elephants at Ruhunu-Yala National Park few months ago. These two bulls seem fallen love in very deep. We observed the behavior of this loving couple for a long time. They were feeding grass to each other and twisted the trunks of each other in love. They walked all over the plain slowly rubbing each others body together. Both of their penises were erected all over the time they spent at the plain. Enjoy the photos and video of these unusual lovers. 

මේ හොඳින් වැඩුණු තරුණ අලි දෙන්නා මට මුණ ගැහුණේ යාල අංක 1 කොටසේ දිය කඩිත්තක් ඉදිරිපිට විවෘත තණ භූමියක් තුළදීයි. බැලූ බැල්මට ඉතා අපූරු පෙම් යුවළක් සේ දිස් වුණු මොවුන් දෙදෙනා එකිනෙකාගේ සිරුරු වල ඇතිල්ලෙමින් තණ බිම පුරා නිදැල්ලේ ඇවිද ගියා. 

පාදයෙන් අනිමින් තණපත් ගලවා ගෙන ඒවායේ දූවිලි ගසා එකෙකු විසින් අනෙකාට කවන දර්ශනය අපි මවිතයෙන් බලා සිටියා. දෑසින් නුදුටුවා නම් එය විශ්වාස නොකරන තරම්. 

එකිනෙකාට කවා ගන්නා අලි පෙම්වතුන්....

සො පටලා ගනිමින් සුරතල් වෙමින් බොහෝ වේලා ගත කළ මේ යුවළ ඉන්පසු සෙමින් වනය දෙසට ඇවිද ගියේ අප තුළ මිහිරි මතකයක් ශේෂ කරමින්.

එකෙක් අනෙකාව හිසෙන් තල්ලු කරමින්....


මේ ගැන පසුව මා කළ සොයා බැලීම් වලදී දැන ගන්නට ලැබුණේ මෙවන් අපූරු අලි පෙම්වතුන් උඩවලව ජාතික වනෝද්‍යානයේ බහුලව මුණගැසෙන බවයි. ශ්‍රීලාංකීය පර්යේෂණ කණ්ඩායමක් මේ මොහොතේත් උඩවලව ජාතික වනෝද්‍යානයේ රැඳී සිටිමින් මේ පිළිබ පර්යේෂණවල නියැලෙනවා. මේ සංසිද්ධිය පිළිබව ඔවුන් තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැති අතර මෙවන් හැසිරීම් වල වර්ධනයක් මෑත කාලයේ දක්නට ලැබෙන බව පැවසුවා. ඇතැම් වැඩිහිටි අලින් කුඩාවුන් කෙරේ තම ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රමයක් ලෙසද මෙවන් හැසිරීම් යොදා ගන්නා බව අසන්නට ලැබුණා. මෙ‍ම කණ්ඩායමේ පර්යේෂකයෙකු පැවසුවේ මොවුන් අතර මෙවන් ප්‍රේමාලිංගන විනා වෙනත් ආකාරයක ලිංගික හැසිරීමක් තමන් නිරීක්ෂණය නොකළ බවයි. 

සම්මත අසම්මත භාවයන් කෙසේ වෙතත් මේ චමත්කාරජනක 'අලි ප්‍රේමය' මා දුටු අපූර්වතම දර්ශනයක් බව නොකියාම බැහැ. පහත කෙටි වීඩියෝ දර්ශනය නරඹා ඒ බව පසක් කර ගන්න.





13 comments:

  1. එහෙම අලි ගැන මම නම් මේ ඇහුවාමයි . අපේ පලාතෙත් අලි නම් ඉන්නවා ඕනෙ තරම් ඒත් මෙහෙවු දෙයක් අහලම නෑ ... !! ස්තුතියි ලීවට ඒ ගැන

    ජය වේවා !! දිගටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. මමත් කණින් කොණින් අහලා තිබුණට දෑහින් දුටුවේ එදාමයි. නොදැක්කානං මම විශ්වාස කරන්නෙත් නෑ. ස්තූතියි support එකට.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Good Job Keep on Updating,Consider about the Birds and the Other Mammals.

    Ravi

    ReplyDelete
    Replies
    1. Thanks a lot Ravi Ayya. There are many posts about Birds and Others are being edited.

      Delete
  5. කාන්තා සමලිංගිකත්වය ගැන නීති පොත්වල සඳහන් නැත්තේ නීතී හැදුවේ පිරිමි නිසා උන් මනුශ්‍යයින් හැඳින්වීමට මෙන් (men) කියා ලිවීම නිසා කියලයි මං හිතන්නේ.

    එදා men කියුවේ සියළු දෙනාටම, අද men කියන්නේ පිරිමින් ට විතරයි. (KNOW ALL MEN BY THIS PRESENT...., man power, man-hole, etc)

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මමත් එකඟයි. කොහොමටත් කාන්තා සමලිංගිකත්වය කියන්නේ ඒ තරම් කතාබහට ලක්වෙන මාතෘකාවක් නෙවෙයි.

      Delete
  6. අගෙයි දිල්ෂාන් පෝස්ටුව හා පිංතුර ටික.. ඔබ මගේ අඩවියේ දැමු ලිංකුව හරහා තමයි මා මෙතැනට ආවේ.. එන්නං දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  7. mewa boru. madhakipena ali hamawitama ganu satha hoyagena yanne. samahara wita oya widhyagngnayo kiyala kiyaganna batahira ewun saththungeth manasa wikurthi karanna yanawadha kiyala sakayi

    ReplyDelete
  8. නියම ලිපියක් සහ අපූරු පින්තූර ටික.

    ලිංගික ක්‍රියා කාරකම් පෙනෙන්නට නැති නම් මේ හුදෙක් ප්‍රේමණීය යුවලක් වෙන්න බැරිද?

    අපිත් ඔය හොඳම යාලුවන්ව බදාගෙන ඉන්නේ, කවනවා පොවනවා එකට බීල වැඩි උනාම ඉඹිනවා ඒ ආදරේ නිසානේ

    හෙ හෙ

    ඒ වගේ වෙන්න බැරිද?

    ReplyDelete