Tuesday, May 1, 2012

විල්මුව සරණ - Injured Hog Deer rescued at Hiyare Conservation Centre



විල්මුවා (Hog Deer - Hyelaphus porcinus) යනු ශ්‍රී ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්‍රිතව කලාතුරකින් දක්නට ලැබෙන කුඩා මුව වර්ගයක්. විශේෂයෙන් බලපිටිය මාදු ග ආශ්‍රිත තෙත්බිමෙන් හා අම්බලන්ගොඩ මාදම්පාග තෙත්බිමෙන් විල්මුවන් බහුලව වාර්තා වෙනවා. බල්ලෙකුට වඩා මදක් විශාල මේ පුංචි මුවා දකුණු ආසියාවේ රටවල් කීපයකින්ම වාර්තා වෙනවා.


The Hog Deer - Hyelaphus porcinus is a small deer who is recorded in the lowland wetlands in Sri Lanka. This one is specially recorded in Balapitiya Maduganga and Ambalangoda Madampaganga swamps. This one is also found in some other South Asian countries such as Pakistan, India, Nepal and Bangladesh. 


ශ්‍රීලංකාවේදී දුර්ලභව දකින්නට ලැබෙන මේ වර්ගයේ සතුන් කිහිප දෙනෙක්ම එකවර දැක ගැනීමේ වාසනාව පසුගිය දොහක මට ලැබුණා. ඒ ගාල්ල - හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේදීයි. බල්ලන්ගේ සපාකෑම් වලට ලක්ව අසරණව සිටි මොවුන් හික්කඩුව වනජීවී කාර්යාලය මගින් ප්‍රතිකාර සහා මෙම මධ්‍යස්ථානයට එවා තිබුණා. 


This one is little bit rare to see in Sri Lanka. However I was fortunate enough to see these chaps at Hiyare Wildlife Conservation Centre. They were bitten by dogs and handed over to this rescue centre by the wildlife office of Hikkaduwa.


හියාරේ සුන්දරත්වය...

හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය ගැන යමක් කියලාම හිටින්නම්.  මෙම ස්ථානය පාලනය වන්නේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින්. තුවාල ලත් වනසතුන්ට ප්‍රතිකාර කර ඔවුන් නැවත වාසස්ථාන කරා යොමු කෙරෙන ලංකාවේ පිහිටි එකම තැන මෙතැනයි. මේ වන විටත් එම ස්ථානයේ රෝගී ක්ෂීරපායීන්, උරගයන්, පක්ෂීන් ආදී සතුන් ප්‍රතිකාර ලබනවා.


Hiyare wildlife conservation centre is controlled by Wildlife Conservation Society-Galle. This is the only place where the injured wild animals are being treated and released to their natural habitats. So many mammals, reptiles and birds are being treated even now.
තුවාලවුණු අං...


මේ අහිංසකයාට වැඩිම තර්ජන එල්ල වෙන්නේ ගෘහාශ්‍රිත බල්ලන්ගෙන්. මසට ලොල් අධම මිනිස්සුන්ගෙන් ගැලවිලා ඉන්න එකත් සෑහෙන අභියෝගයක් මං හිතන්නේ...


බෙදාගෙන කෑම....


අපිට වගේම මේ අහිංසකයන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය රැකදුන් ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ ස්වේච්ඡා නිලධාරීන්ට පිං!


Looking at infinity...


ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ නිල වෙබ් අඩවිය : මෙතැන කොටන්න.


CLICK HERE : For the official website of Wildlife Conservation Society-Galle.


විශේෂ ස්තූතිය: ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා සහෝදරයාට

2 comments:

  1. මුවා කියන්නේ පුදුම විදිහට බයගුළු වගේම හරිම අහිංසක සතා .. අපේ ගෙවල් දිහෑවට ඉඳලා හිටලා මුව රංචුවක් ඇවිදින් ගෙවල් වලින් විහික් කරන කුණු කාලා යනවා .. ගමේ එවුන්ටත් ඉතින් එදාට රජ මගුල් .. අහිංසක සත්තු අපේ කැලේ මුවෝ වැඩි වෙන කාලෙට දඩයක්කාරයන්ට කෙලින්ම අවසර දෙනවා දඩයමට එතකොට සතියෙන් දෙකෙන් මුවෝ පනහක් හැටැක් බිම ..

    ReplyDelete
    Replies
    1. මුවා ඉක්මනට බෝ වෙනවා. හැබැයි මං කියන මේ මුවා නං උඹලෑ පැත්තෙ නෑ මං හිතන්නේ

      Delete