Wednesday, April 22, 2020

Buddhangala Hermitage - අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම


 අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි. 
අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද්‍යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි.
අග්‍රශ්‍රාවක ධාතූන් නිධන් කළ චෛත්‍යය
ශේෂ කඳු මුදුන් හයකින් පමණ සමන්විත මෙහි එක් කඳු මුදුනක සුවිශේෂ චෛත්‍යයක් පිහිටා තිබෙනවා. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවයකයන් වහන්සේලාගේ ධාතූන් මෙහි නිධන් කොට ඇති බව පැවසෙනවා. එක් අවාසනාවන්ත යුගයක කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබී විනාශ මුඛයට ඇද වැටුණ මෙම ස්ථානය අද බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට පාත්‍ර වෙනවා.
ගල්විහාර අනුරුව
මේ වන විට මෙහි ගල්තලා පුරා නවීන ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙනවා. මගේ පුද්ගලික හැඟීම නම් මේ සිමෙන්ති කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් මෙම ස්ථානයේ පෞරාණික අගයත් ස්වභාවික සෞන්දර්යයත් වැනසී යන බවයි. 
මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි. ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත්‍රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි.
සද්ධන්තයාගේ සලකුණු
පෞරාණික අගය සේම ස්වභාව සෞන්දර්යයෙනුත් බුද්ධංගල බොහොම ඉහළ තැනක පිහිටනවා. ගල්තලා පුරා විහිදුණ ස්වභාවික ගල්කෙමි වල පිරුණු දිය පිස එන සුළඟ ගිනියම් හිරු රැස්වල දාහය නිවා දමන්නට සමත්. එමෙන්ම සුන්දර දිගාමඩුල්ල කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නටත් මෙතැන කදිමයි.
කුරුලු ඇසින් දිගාමඩුල්ල
නොයෙක් වර්ගයේ පක්ෂීන් මෙන්ම රිලවුන් ආදී ක්ෂීරපායීන්ද නිභයව මෙහි සරන්නේ මෙතැන අභය ඇති බව දන්නා නිසාමයි.
දුම් බොන්නා - Indian Roller 
මේ ඉහත ඡායාරූපයේ සිටින්නේ දුම්බොන්නා හෙවත් Indian Roller. ගැමියන් හේන් ගිනි තැබූ පසු නැගෙන දුම හරහා කට ඇර ගෙන පියාඹන නිසා ගැමියන් තැබූ නම තමයි දුම් බොන්නා. ඇත්තටම එයා එහෙම කට ඇර ගෙන පියාඹන්නේ දුමට ඇවිස්සි ඉහළ නගින කෘමි සතුන් ගිල දාන්නටයි.
රිලා ආදරේ
ලංකාවේ හුඟක් පුදබිම් වල සුලබ සත්ත්වයෙක් නේ මේ රිලවා (Toque macaque - Macaca Sinica) මුන්දෑ කොයිතරම් සුලබ වුණත් ලංකාවට ආවේණික විශේෂයක් බවත් නොකියාම බෑ.
අඬනහිරියා - Clotoralia mucronata
බුද්ධංගල ගමනින් පසුව මම හෙමින් මගේ නවාතැනට ගියා. මං නවාතැන් ගත්තේ අම්පාර වැව අසළම පිහිටි පුංචි නවාතැන් පොළක. එදා පසළොස්වක පෝයදාට පසු දා නිසාම රාත්‍රියේ වැව අසළ මැවුණ සෞන්දර්යය නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ. නමුත් රාත්‍රී කාලයේ වැව අසළ නිතර වන අලි සරන බැවින් එළිමහනේ ගත කිරීම නුසුදුසු බව නවාතැන භාරකරු පැවසූ නිසා මම ඉක්මණින් ඇතුළට ගියා.
රාත්‍රිය මනරම්
පසුදා උදෑසනම කැමරාවත් රැගෙන මම දිව ගියේ වැව ළඟටයි.
ජීවන සටන
මේ දෙගොල්ලන්ම එක හා සමාන ජීවන සටනක නිරත වෙනවා. ධීවරයන් අසළම මේ සිටින්නේ පැස්තුඩුවන් හෙවත් Spot Billed Pelicans කීපදෙනෙක්.
අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත්‍ය රාජයායි.
සාම චෛත්‍යය
අම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු.

16 comments:

  1. ආයි අම්පාරෙ ගියොත් මට කියාං.... මගෙ යාලුවෙක් ඉන්නව එහෙ. සෙට් කරල දෙන්නං.

    ReplyDelete
    Replies
    1. ආයෙ කාලෙකට යන්න වෙන්නෑ වගේ බං.... අපේ සඳරුවාත් එහේ නේද

      Delete
    2. නදීස් මේ, තවුසෙට යහතිං එන්න ඕනනං අම්පාරෙ ගිහිල්ල ඔය දැතිහුලහගෙ යාලුවගෙ නම එහෙම කියනව නෙමෙයි.

      Delete
    3. @ ඩ්‍රැකී,

      ඔහේ ආයි අම්පාරෙ යනවනං කියහං. මගේ යාලු னයෙක් ඉන්නව එහෙ. උඹට සෙට් කරල දෙන්නං.

      Delete
    4. හැබෑට ප්‍රසා,
      ගුටි කන්න වෙයිද

      Delete
    5. // අපේ සඳරුවාත් එහේ නේද //
      අපි එහම කෙනෙක් දන්නේ නැහැ

      Delete
  2. ගල් විහාරෙ පිළිම බලන්න ඕන එකා පොලොන්නරු යයිනෙ. හැමතැනම ඔය වගේ බොල් පිළිම හදල චාටර් කරන එකනං කැතයි.

    අපිට හිතාගන්න බැරි සමහර කඳු පල්ලං වල අලි ඇවිදනව කිසිම අවුලක් නැතුව.

    ReplyDelete
    Replies
    1. සිරාවට
      සිරාවට
      ගල් පිළිම සිමෙන්තියෙන් හැදුවම පට්ට කැතයි
      කැතයි
      අලි ඔහොම යන හැටි ගාමිණි අයියගෙ පොතේ තියේ

      Delete
  3. කෝ අර උඩවලවෙ ඉතුරු ටික.

    ReplyDelete
    Replies
    1. හප්පට
      ඒක ලිව්වෙ නෑ නෙව

      Delete
  4. අම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු. (Wednesday, April 22, 2020)

    ReplyDelete
  5. උබ මෙහම හරි මේවා ඇදගෙන යන එක ගැන මට තියෙන්නේ උබ ගැන බක්තියක් සහ මට වෙලාවක් නැති එක ගැන දුකක්...
    මම තවමත් බ්ලොග් වලට ආදරේයි බන්...
    ඉක්මනට ආයමත් මට එන්න ප්ලුවන් උනොත්

    ReplyDelete
  6. මේ පැත්තෙ னයෙක් එහෙම කැරකෙනව දැක්කද. දැක්කනං ෆොටෝ එකක් ගහල තියාගනිං.

    ReplyDelete
  7. මේ දවස් වල ලියාගෙන යන 32ශ්‍රී0865 නිසාන් පැට්‍රෝලයේ කථාන්දරයේ එක් එපිසෝඩ් එකක් වෙන් වෙනවා අම්පාර ගිය ගමනක් ගැන. ඇත්තටම අම්පාර යන්න කලින් ඕනෑ කෙනෙක් කියවන්න ඕන පොතක් තමයි දිගාමඩුල්ලේ ආශ්චර්‍යය - මායා රංජන් ගේ පොත. ඒ පොත කියවන ඕනෑම ආදරණීය මිනිසෙකුගේ හිතේම ලොකු හැඟීමක් ඇතිවෙනවා ගල් ඔය නිම්නය හා අම්පාර ප්‍රදේශය ගැන! ඇත්තටම මම අම්පාර එක් වරක් ගියේ මහා වැසි සමයක. ඒ කථාව මගේ බ්ලොග් එකෙන්ම කියවන්න. ඊළඟට මම නැවතත් යනවා ගල් ඔය. ඒ යන්නේම මායා රංජන් ගේ අඩි පාර ඔස්සේ. මම් ඒ ගමනේදී දිගා මඩුල්ලේ ආශ්චර්‍යයේ හැඳින් වෙන ගම් බිම් වලින් කිහිපයකුත් සේනානායක සමූද්‍රය හෙවත් ඉඟිනියාගල ජලාශය බලන්න ගියා.
    මීට කාලෙකට ඉස්සර මම මගේ තාත්තාගෙන් අසා තිබුනා වැසි කාලෙට ඉඟිනියාගල ජලාශය උතුරා යන විට ස්පිල් එක හෙවත් පිටාර යෑම බලන්න බොහෝ පලාත් වලින් පිරිස් එන බවක්.
    ඔබ ඉඟිනියාගල බැම්ම බලන්න ගියාද? ඇත්තෙන්ම එතන එක විදියක පාළු ස්ථානයක්. ඒ වැව්බැම්මේ වම් කෙළවරේ ලී දොරක් තිබුනා. කොයි ලෝකෙකට යන දොරක්ද මන්දා!
    ඇත්තටම පහු ගිය කාලයේ සංචර වල සහභාගී උනේ නැති තරම්. පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වගේම එවන් ගමනකට ගැලපෙන වාහනයක් නොමැති වීමද ඊට හේතුවක් උනා.
    ඉදිරියේ යලිත් රට තොට බැලීමට යන්න ඕන! ඒ සඳහා ඔබගේ ලිපිය උත්ප්‍රේරකයක් වුනා. බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  8. තවුසෙ බුද්දංගල ගිහිල්ල රහත් උනාද?

    ReplyDelete