Wednesday, September 18, 2019

Udawalawa National Park - නිල්ගල චාරිකා අංක 02 - උඩවලවේ සිත නැළැවේ

පහුගිය චාරිකා සටහන මම නිමා කළේ ඊළඟට උඩවලවේ විස්තර රැගෙන එන බවට පොරොන්දු වෙලා. ඒ චාරිකා සටහන මග ඇරුණා නම් මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2019/08/nilgala-forest-expedition-01.html
නිල්ගල වන උයනට සමුදී අපි ඊළඟට පිටත් වුණේ උඩවලව ජාතික වනෝද්‍යානයට එන්නටයි. ඇත්තටම අපේ ප්ලෑන් එකේ උඩවලව තිබුණේ නෑ. ගමනේ දෙවැනි දවසේ හිතුණ තැනක යනවා කියන අදහසිනුයි අපි පාරට ආවේ. මඳ පොද වැස්සේ ආශිර්වාදයත් ලබමින් බිබිල, වැල්ලවාය හරහා තණමල්විලට ආපු අපි එතැනින් උඩවලව ජාතික වනෝද්‍යානයේ පිිවිසුමට ප්‍රවේශ වුණේ සවස හතරට ආසන්නවයි.
වැව් පිටියේ
දවසේ ඕනෑම වෙලාවක අලිඇතුන් බලන්නට පුළුවන් වන උයනක් ලෙසයි උඩවලව ප්‍රකටව ඇත්තේ. සබරගමුව හා ඌව පළාත්වලට මායිම්ව පිහිටි මෙම ජාතික උද්‍යානය පුරා බහුලව දක්නට ඇත්තේ සැවානා මිශ්‍ර තණබිම් නිසා අලි ඇතුන් හොඳින් දැක ගන්නට පුළුවන්.
මොණරින්දු
දීර්ඝ කාලීන නියඟයක් හමාර කරමින් මඳ වැසි ඇද හැළෙන සමයකයි අපි චාරිකාව ගියේ. ඒ නිසා දූවිල්ල මැකී ගහකොළ ප්‍රාණවත්ව තිබෙනු මනාව දකින්නට ලැබුණා.
කෘතිම පොකුණුවල තුන්පත් රෑන්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තැනින් තැන කෘතිම පොකුණු සකස් කර තිබුණේ අධික නියඟය නිසා පීඩාවට පත් වන වන සතුන් වෙනුවෙනුයි. මේ එවන් පොකුණක් අබියස පවස නිවා ගන්නා තුන්පත් රෑනක්.
වනය පුරා විසිරී තිබෙන ජලාශයන් සිඳී පැළි වළං සේ තිබුණේ නියඟයේ තරම කියාපාමින්.
පැළි වලං පැලුණු පොළව
මෙසේ සිඳීගිය ජලාශයක් අබියස මඳ වේලාවක් රැඳී සිටීමෙන් බොහෝ සුන්දර දසුන් දක්නට හැකියි.
කිඹුල් මොටා
සිඳුණු ජලාශයන් කිඹුලන්ගෙන් අරක්ගෙන තිබුණා. පවසින් පීඩිතව දියට බසින අසරණයන් ඔවුන්ගේ ඉලක්කයයි.
කරවැල් කොකා
මල් පිළිහුඩුවා - Common Kingfisher
පිළිහුඩු වර්ග කිහිපයක්ම මේ අවට දක්නට ලැබුණා. 
ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher - Ceryle rudis
Black winged stilt - කළුපිය ඉපල්පාවා ඉතා ඈතක සිට ගන්නා ලද රූප රාමුවක් බව සලකන්න. කුරුල්ලන්ගේ කූඩු ඡායාරූපයට නැගීම අතිශයින් නරක ක්‍රියාවක්. නමුත් මෙය ජීප් රථයක සිට බොහෝ ඇතින් ගන්නා ලද්දකි.

කෑදැත්තා


දුම් බොන්නා - Indian Roller - Coracias benghalensis

White Bellied Sea Eagle - කුසඇලි සයුරුකුස්සා Haliaeetus leucogaster

ගල්අමුණ වැව
 ගල් අමුණ වැව මේ උයනේ දක්නට ලැබෙන සුන්දරතම ස්ථානයක්. හවස් වරුවේ මේ වැව් පිටිය පුරා අලි රංචු දකින්න පුළුවනි.
භාවනා

පණු දළයෙක්
 මේ අලි පැටවාට පණුදළයක් තියෙනවාද නැත්නම් ඇත් පැටියෙක්ද?

වැව් පිටියේ ගමන් බිමන්

අම්මා පසුපස


මල් පිළිහුඩුවා -Common Kingfisher - Alcedo atthis
චාරිකාවේ ඊළඟ කොටසින් මදුනාගල, සංඛපාල විහාරය හා ඇත්අතුරු සෙවණේ විස්තර කියන්නම්.

12 comments:

  1. තවුසෙල මේ ළඟටම ඇවිල්ලනෙ හෙනං.

    ReplyDelete
    Replies
    1. සංඛපාලෙත් ආව හිටං
      ගොඩකවෙලට එන්න වෙලා මදි වුණා නෙව

      Delete
  2. බලන්න තාත්ති මේ අන්කල්ගේ වැඩෙම රටවටේ ඇවිදිනවා...
    පොඩි මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් යන්න ලැබුණෙ නෑ පුතේ

      Delete
  3. මල්ලි මේ බලන්න අලි...මේ බලන්නකෝ..
    පොඩි මෙන්ඩා ( අම්මගේ ඔඩොක්කුවේ ඉදගේන කුක්කු බොන මල්ලිට ලැපෙක පෙන්වයි)

    ඒ පාර තාත්තගේයි පුතාගෙයි ලෙඩේ පොඩි එකාටත් බෝ කරන්නද හදන්නේ..
    සදු

    ReplyDelete
    Replies
    1. චුට්ටා ටිකක් ලොකු වුණාම එක්ක පලයං සේරම ටික මචං

      Delete
  4. සුන්දර සටහනක් සමග පිංතූර එකතුවක්. ඔබගේ ලිවීම හරිම සුන්දරයි ලගන්නා සුළුයි. මෙතරම් කලක් මා නොදුටුවේ ඇයි?

    සංචාරය කියන්නේ පුරුද්දක්, ඇබැහියක් ඉක්මණින් බෝ වන් සුළු රෝගයක් හිතට සුව ගෙනෙන!

    මා සෑම විටෙකම විශ්වාස කරණ දෙයක් වේ.

    මිය යා යුත්තේ සිහින සමග නොව මතක සමග කියා!?

    මතක එක්වන්නේ විවිධත්වයත් සමග.
    ජීවිතයට සොඳුරුවූ විවිධත්වයක් එක් කරණ සීමිතවූ කරුණු කාරණා අතර එක් කරුණක් සංචාරය.

    බොහෝ දෙනා තුල ජීවිතයක් තිබුනද ජීවයක් නොමැත.
    ජීවත් වූවද සංචාරයට යොමුවන්නේ ඉන් අතලොස්සකි.
    සංචාරයට යොමු වූවද තමා දකින දේ ලියා තබන්නට හැකියාව ඇත්තේද ඉනුත් එක් කුඩා කුලකයකට පමණි.
    ලියා තැබූ දෙයට පිංතූර සාක්ෂි සටහන් තබන්නට හැක්කේ තවත් කුඩා කොටසකට.

    ඔබගේ බ්ලොගය හා ඔබ මේ සියල්ල අතික්‍රමණය කොට ඇත.

    යන්න.! ලියන්න...! අපට කියවන්න.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියේ... අපූරු දිරි ගැන්වීමක්

      Delete