Thursday, August 8, 2013

උඩරට මැණිකේ....මනහර කඳුරට තිලකේ...

තොටුපොළ කන්ද චාරිකා සටහනේ අවසන් අදියරයටයි දැන් අපි එළඹිලා සිටින්නේ. පසුදා උදේ පාන්දර මර හීතලේ අවදි වුණු අපි ආපසු ගමනට සූදානම් වුණා. උදේ ආහාරයෙන් පස්සේ නවාතැන් පොළ භාරකරු කිරිබණ්ඩා මාමාගෙන් සමුගත් අපි බඩුමලුත් උස්සගෙන පට්ටිපොළ දුම්රිය ස්ථානයට පැමිණියා. ඒ වන විටත් දුම්රියට තව බොහෝ වෙලා ඉතිරිව තිබුණු නිසා අපේ ගමන්මලු බංකුවක් උඩ තියපු අපි දුම්රිය මාර්ගය දිගේ හෙමිහිට ඉදිරියට ඇවිදගෙන ගියා.
හිමිදිරි උදෑසන දුම්රිය මග දෙපස පඳුරු අතර සිටි මේ සුන්දර පක්ෂීන් අපට මහත් ප්‍රීතියක් ජනිත කළා.
කහකන් කොණ්ඩයා 
මේ ඉන්නේ ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා (Yellow-Eared BulBul -Pycnonotus penicillatus). මෙයා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක්.
පෙරදිගු සිතැසියා 
මෙයා නම් හුරුපුරුදු කෙනෙක්. මේ ඉන්නේ පෙරදිගු සිතැසියා...Oriental White-Eye (Zosterops palpebrosus) මෙයා ගැන මම කලින් ලියපු ලිපියක් මෙතනින් බලන්න.
අඳුරු නිල් මැසිමාරා 
මෙයා ගැන හරියටම මට විස්තරයක් කියන්න අමාරුයි. ලක්දසුන් වෙබ් අඩවිය මට පැවසූ ආකාරයට මෙයා අඳුරු නිල් මැසිමාරා (Sri Lanka Dull Blue Flycatcher-Eumyias sordida) ගේ නොමේරූ (juvenile) එකෙක්. මෙයා ලංකාවට ආවේණික පක්ෂියෙක්....
මහ ටිකිරිත්තා...
මේ ඉන්නේ මහ ටිකිරිත්තා(Great tit -Parus major) ආවේනික නැති නමුත් ලංකාවේ නේවාසික පක්ෂියෙක්.
මේ අතරේ අපේ දුම්රිය හෙමින් හෙමින් වේදිකාවට ලඟා වුණා.
උඩරට මැණිකේ....
අප විසින් කල් ඇතුවම පළමු පන්තියේ ආසන වෙන් කරගෙන තිබුණා. නමුත් ටිකක් දුර යනකොට තමයි කරගත්තු මෝඩකම තේරුණේ. පළමු පන්තියේ මැදිරියේ ජනේල සියල්ලම මුද්‍රා තබා තිබුණේ කැමරා ශිල්පීන්ට හූල්ලවමින්. කොහොම වුණත් ටිකක් අමාරුවෙන් වුණත් පාපුවරුවේ රැඳෙමින් ඡායාරූප ගැනීමට අපි සමත් වුණා. එහෙනම් කතා ඇති... බලන්න ඒ ෆොටෝ ටික...
ටිකට්ස් ප්ලීස්...

අඹේවෙල.....(through the sealed window)
එල්ජින් ඇල්ල...
නානුඔය ඇල්ල දුර රූපයකින්...
නානුඔය ඇල්ලේ ඉහළ කොටස දුම්රිය ස්ථානයේ සිට...
සිරිසාර බුලත් විට...
අහෝ...ලංකාවේ නයගරාව...
අපේ චාරිකාව නිමා වුණේ ඔන්න ඔහොමයි. ඇත්තටම මේ චාරිකාවට අපිට වැය වුණේ බොහොම සුළු මුදලක්. කොහොමත් අපි යන්නේ බජට් ට්‍රිප් තමයි. අපි සියලුදෙනා රජයේ සේවකයන් වීම අපිට මහත් සහනයක් වුණා. (ප්‍රවාහන වියදම් ඇත්තෙම නෑ.)
අවසාන වශයෙන් කිවයුතුම දෙයක් තියෙනවා... මතක තියාගන්න. අපි පරිසරයට අයත් මිසක් පරිසරය අපට අයිති නෑ.

14 comments:

  1. Niyamai machan..!! Keep it up..

    ReplyDelete
  2. ලස්සන චාරිකාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      Delete
  3. නියමයි ඩිල්ශාන්..

    මහ ටිකිරිත්තා වගෙ කුරුල්ලෙක් මෙහෙ ඉන්නව. අපි ඌට කියන්නෙ කැලෑ ගේ කුරුල්ලා කියල. මේකා විදිහමයි. තව ගේ කුරුල්ලා වගේම කහපාට එකෙකුත් ඉන්නව. ඒ කහකන් කොන්ඩයා ද මන්දා.
    අඳුරු නිල්මැසි මාරා කූඩු හදන්නෙ ඉවුරු වල ද. ඒ විදිහෙ පිට නිල්පාට කුරුල්ලෙක් ටිකක් දුලබව දකින්න ඉන්නව.

    ප්‍රශ්න ගොඩයි නේද.. :)

    ReplyDelete
    Replies
    1. මහ ටිකිරිත්තා වගේ තව එකෙක් ඉන්නවා අළු ටිකිරිත්තා කියලා.
      කහකන් කොණ්ඩයා පහතරට තෙත් කලාපයේත් දකින්න පුළුවන්. මම එකපාරක් සිංහරාජයේ දැක්කා. අඳුරු නිල්මැසි මාරා නම් දුර්ලභ එකෙක්.
      ප්‍රශ්න අහන එක ගැන සන්තෝසයි. මේ සබ්ජෙක්ට් එකට උනන්දු අය හරි අඩුයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම ඔය ගමන 2 පාරක් ගියා.ඒත් තව සැරයක් යන්න ආසයි. මේ එල්ජින් ඇල්ල නම් මම දැකලා නෑ. ඒක කොහේද තියෙන්නේ.
    any way,කව්ද මචන් මේ තිලකේ කියන්නෙ, උබලගේ සෙට් එකේ පොරක්ද.

    ReplyDelete
    Replies
    1. එල්ජින් ඇල්ල තියෙන්නේ නානුඔයත් අඹේවෙලත් අතර මචං. අපේ සෙට් එකෙත් තිලකේ කෙනෙක් හිටියා ඇත්තටම.

      Delete
  6. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... ඔයාගේ සපෝර්ට් එක මාර වටිනවා.

      Delete
  7. ස්තූතියි දිල්ශාන්....අපූරු චාරිකා සටහන් පෙළකට..:)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා රවී. දිගටම මේ පැත්තේ .පැත්තේ එන්න.

      Delete
  8. ලස්සන චාරිකාවක් ........ස්තුතියි....

    ReplyDelete