Tuesday, April 24, 2012

Chasing liberty (ring-tailed civet cat) - නිදහස සොයා....



Ring tailed civet - Viverricula indica
It was a bright Sunday evening. Time was about 4.30 pm. I was wandering in my compound seeking a good opportunity for a photograph. I used to bring my camera always while I'm walking in the garden. This habit offers me golden opportunities. (I hope to post them in the future) Suddenly I heard the barking of a herd of dogs....


එදා ඉරිදාවක්. සවස් වරුවේ මම මිදුලට බැස්සේ කැමරාවත් අරගෙනමයි. සෙනසුරාදා-ඉරිදා නිවාඩු දවස් දෙකේ මගේ රාජකාරිය කැමරාවත් අරගෙන මිදුලේ කරක් ගහන එක. (අපේ වත්තේ සමනල්ලු, කුරුල්ලෝ හරියට ඉන්නවා. ඒ ගැන මම ඉදිරි ලිපියකින් කියන්නම්) මේ පුරුද්ද නිසා මම ලබපු අවස්ථා අසීමිතයි. ඉතින් එදත් මම ගස් උඩ බල බලා ඇවිදිද්දි... බලු රෑනකගේ බිරීමක් වත්ත පල්ලෙහායින් ඇහුණා.

Then I ran to see what was happening there. A small and unusual animal was being chased by the dogs. It ran here and there like a blind one. I tried to managed the situation by pitching stones at the dogs. A neighbor also came to help me. Meanwhile the strange animal managed to go inside some logs collected at the corner of the wall and stuck inside.

බල්ලන්ගේ බිරීම් වලට අමතරව තව සතෙක් අමුතුවට පිඹින හකුත් ඇහුණා. මම වහාම වත්ත පහළට දිව්වේ මොකද වෙන්නේ කියල බලා ගන්න. මෙන්න බොලේ ජීවිතේට නොදැකපු අමුතු, පුංචි ස‍තෙක් වට කර ගත්තු බලු රෑනක් ඌව කන්ට තනනවා. පොඩි උනාට ත් ‍ගේම අත අරින්න ලෑස්ති නෑ. දත් විලිස්සගෙන, ගොරවමින් හිටපු උගේ ස්වරූපය දැක්කම මගේ හිතත් ටිකක් ගැස්සුනා. බැලූ බැල්මට මට හිතුනේ මේ හඳුන් දිවි පැටියෙක්ද (Fishing cat - Prionailurus viverrinus) කියලා. නමුත් මේක අසමාන සටනක් බව පැහැදිලිව පෙනුනා. පොඩි එකාට කොයි තරම් ධෛර්යයක් තිබුණත් බල්ලො 10ක් 15ක් එක්ක සටන් කරන්න   ට පුළුවන් කමක් නෑ. මමත් වහාම කැමරාව කරේ එල්ලගෙන බිම අතපත ගාලා ගල් අහුලගෙන බල්ලන්ට ගහන්න ගත්තා. (ඒ වෙලාවේ පොඩි එකාගේ ජීවිතේ ගැන මිසක් photo ගන්න සිහියක් තිබ්බේ නෑ) යන්තම් මේ කලබලේ ඇහිල ආපු අල්ලපු ගෙදර අයියගෙත් උදව්වෙන් බල්ලො ටික ටිකක් ඈතට පන්න ගන්න පුළුවන් උණා. මේ අතරෙදි අර පුංචි සතා ළ තිබිච්ච ලී කොට ගොඩක් අස්සට රිංගා ගත්තේ ජීවිතේ බේර ගන්න වෙන්න ඇති. නමුත් අවාසනාවක මහත! කලබලේ ලී කොටන් අතර රිංගපු මේ අසරණයා ලී ගොඩේ තදින් හිර උණා. ඉහත ඔබ දැක්කේ ඒ සංවේදී ඡායාරූපය......

ඉතින් අපි දෙන්නා එකතු වෙලා ඉමහත් පරිශ්‍රමයක් දරලා (තේරෙන බාසාවෙන් කිව්වොත් මාර ගේමක් දීලා) මේකාව පොඩි බකට් එකකට අල්ලා ගත්තා. 
බකට් එක ඇතුළේ....
We had the responsible of the life of this little creature. Then we decided to capture it any how. This was little bit a risky decision as the animal was very angry. It was roaring and rumbling. We were able to capture the animal and put it in a bucket after a few  minutes effort. I publish those pictures at Lakdasun web forum and they helped me to recognize this creature.(Thanks Lakdasun guys!) It was a juvenile ring tailed civet.(Viverricula indica) This one is totally a nocturnal animal. (That was why I had never seen this chap before in my garden.) This creature inhabits throughout the country.
Then I tried to make a call to the regional office of Wildlife Conservation Department to get further help for the betterment of this animal. Unfortunately I couldn't get any help from them as it was a holiday evening. (No one answered the phone) So, I decided to keep the animal at my home until the midnight and release it into its natural habitat. (They can save their life in the night from the dogs)

සතාව අල්ල ගත්තා වගේ නෙවෙයි ඊළ   ගැටළුව වුණේ මේකා හඳුනා ගැනීම. මෙහිදී මට පිහිට වුණේ ලක්දසුන් වෙබ් අඩවිය. ඒ අනුව මේ අපරිණත (juvenile) උරුලෑවෙක් (ring-tailed civet-Viverricula indica) බව සනාථ උණා. මෙයා සම්පූර්ණ නිශාචර සතෙක්. මීට කලින් කිසි දිනෙක මම මෙයාව දැක නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති. දිවා කාලයට අක්‍රීයව සැවී සිටින මොවුන් රාත්‍රියට ඉතා ක්‍රියාශීලීයි. 

මේකා කෙසේ හෝ බේරා ගත්තත් ඊළ   ගැටළුව වුණේ මේකාට මොකද කරන්නේ යන්නයි. උපදෙස් පතා ප්‍රාදේශීය වන ජීවී කාර්යාලයක් ඇමතුවත් නිවාඩු දිනයක් නිසාදෝ කිසිවෙක් ප්‍රතිචාර දැක්වුයේ නෑ. සමහර විට ඔවුන්ට වන ජීවීන්ගේ වගකීම ඇත්තේ කාර්යාල වේලාවේ විතරක් වෙන්නැති.  වන ජීවීන් වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක් තිබුණානම් කොයි තරම් වටිනවද? සත්තුවත්තට මේ අහිංසකයා බාර දෙන්න නම් මං හීනෙන්වත් හිතුවෙ නෑ. අන්තිමට මම තීරණය කළා ගොඩක් රෑ බෝ වුණාම    උගේ රාජධානියටම මුදා හරින්න. රාත්‍රී කාලයේ    ආරක්ෂිතයි කියලා මං දැනං හිටියා. යන්තම් කළුවර වැටෙද්දී මම සතා සහිත බකට් එක ගෙට ගත්තේ වැඩි ආරක්ෂාවට. ට බොන්න කිරි පීරිසියක් තිබ්බත්    ඒක දිහා ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ.



මට මොන කිරිද යකෝ-මට යන්න දීපං..
I placed a dish of milk inside the basket but it ignored. I kept the bucket inside my room for the protection of the animal at the dusk. It became much more active as the night grows. It was there inside the bucket very calm in the daylight but now it looked very feral at the night. Suddenly it jumped over the bucket and started running all over the house. All my family members horrified and started yelling. It was really a critical situation. I needed to protect my family from the bite of angry animal. It ran all over the house and entered to the bathroom. It couldn't run inside it as it was slippery. And then that was my moment and with the help of my uncle I could capture the creature again to a sack. Then we carried the sack into the place where we have found it and released. It was vanished in seconds into its territory. 

රෑ වෙන්න වෙන්න බකට් එක ඇතුළේ හිටී සතාගේ දැගලිල්ල වැඩි උණා. දවල් කාලේ පූසා වගේ හිටිය මේකා රෑ වෙද්දී ප්‍රචණ්ඩ වු‍ණේ හිතා ගන්නත් බැරි විදිහට. ගතවුණේ සුළු මොහොතයි. එකවරම බකට් එක පෙරළගෙන එළියට පැන්න උරුලෑවා ගේ පුරා දුවන්න පටන් ගත්තා. මං හිතන්නේ ඒ වෙලාවේ අපේ ගෙදරින් පිට වෙච්ච මර විලාපේ අහළ ගම් හතකට ඇහෙන්න ඇති. හැමෝම අතට අහු වෙච්ච පුටු මේස වලට නැගගෙන විලාප දෙනවා. මේකාත් "හෑස්, හෑස්" ගගා ගේපුරා දුවනවා. අන්තිමේදී මේ මහා ධාවන තරගය නිම වුණේ මූව බාත්රූම් එකේදි අපට කොටු වීමෙන්. මාමයි මමයි දෙන්නත් එක්ක උරුලෑවා අල්ලලා ගෝනියක දාගත්තා. රෑ 12ට විතර අපි ව උගේ රාජධානියට නිදහස් කළා. ඇසිපිය ගහන වේගයෙන්  අඳුරේ නොපෙනී ගියේ ක්ෂණයකින්.

Warning: you must be very careful when handling these types of animals as they could be Rabies infected.
අවවාදයයි. මෙවන් සතුන් සමග කටයුතු කිරීම ඉතා ප්‍රවේසමෙන් සිදුකළ යුතුය. මන්ද මොවුන් ජලභීතිකා රෝග වාහකයන් විය හැකි බැවිනි.

12 comments:

  1. මේ බ්ලොග් එක නම් මම මාර ආසාවෙන් කියවනවා . ඉස්සර අපි ගෙදර වත්තේ කෙහෙල් කැනක් වලක දාලා දුම් ගහන දාට උරුලෑවා හොරෙන් ඇවිදින් ඒ වල හාරලා වලට බහිනවා දවසක් ඔහොම එකෙක් කොටු වෙලා උන්නා ..

    බ්ලොග් එක මම විතරක් දැක්කට මදි නේ බං . මේක සින්ඩි වලටත් දාලා තව කට්ටියට පෙන්නමු ..

    http://blogs.sinhalabloggers.com/add-blog/ මේකට ගිහින් බලන්න

    ආ මතක ඇතුව කමෙන්ට් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපන් නැත්තන් කමෙන්ට් කරන්න අමාරුයි බං බලන අය කමෙන්ට් නොකරන්න ප්‍රධානම හේතුව තමා ඔයි වර්ඩ් වෙරිෆිකේශන් ඒක විජහට අයින් කරපන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං. ඔන්න අර වර්ඩ් වෙරිෆිකේශන් උලව්ව අහක් කොලා. සින්ඩියේත් register කොළා. උඹලා අර අල්ල ගත්තු උරුලෑවාට මක්කැයි කළේ?

      Delete
    2. ඌට යන්ඩ ඇරියා බං . ඕනෙ නම් ඉතින් උයාගෙන් කන්ඩත් තිබ්බා .. මොකටද පවුනේ කියලා ඌව අතෑරියා ..

      බ්ලොගේ ලාංකීය සිතුවිලි එකටත් දාපං

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නියමයි නදීශ් අය්යේ !! උපරිමයි !!! ගොඩාක් ආසාවෙන් කියවන්න දේවල් තියෙනවා.

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් මල්ලි. තව සෑහෙන්න දේවල් ලියන්න තියෙනවා. ටික ටික ලියන්නම්.

      Delete
  4. උරුලෑවා ගිය පාර ගදයි කියනවනෙ. එහෙම එකක් දැනුනෙ නැද්ද?

    ReplyDelete
  5. උරුලෑවා ගිය පාර ගදයි කියනවනෙ. එහෙම එකක් දැනුනෙ නැද්ද?

    ReplyDelete
  6. පාරේ නම් ගඳක් තිබුනේ නෑ. හැබැයි ඌව දාපු බකට් එක නම් පට්ට ගඳයි.

    ReplyDelete
  7. අඩේහ් ලස්සන සතෙක්.

    ආදරේ හිතෙනවා දැක්කම.

    සත්තු වත්තට නොදෙන්න තීරනේ කරපු එක ලිකු දෙයක්.

    මේ පින්තූර විස්තර අපි එකක් බෙදා ගත්තට ස්තූතියි මචන්

    ReplyDelete
  8. අනේ මේක අහම්බෙන් දැක්කෙ.අපි දන්නැති දේවල් ගොඩක් ගැනඔයා උවමනාවෙන් හොයල තියෙනවා.මේ සොඳුරු වෑයමට දිරි පතමි ජය වේවා.

    ReplyDelete
  9. අනේ මේක අහම්බෙන් දැක්කෙ.අපි දන්නැති දේවල් ගොඩක් ගැනඔයා උවමනාවෙන් හොයල තියෙනවා.මේ සොඳුරු වෑයමට දිරි පතමි ජය වේවා.

    ReplyDelete