මේ චාරිකා සටහනේ සෙසු කොටස් මෙතනින් බලන්න.
1 කොටස
2 කොටස
3 කොටස
හෝර්ටන් තැන්නට ඇතුළු වෙනකොටම අපි දැක්කේ සුබදායක දර්ශන නම් නෙවෙයි. බැලු බැලූ හැම තැනම ආක්රමණික ශාක වර්ග පිරිලා. කලින් පෝස්ට් එකේ මම ඒවගේ ශාක වර්ග දෙකක් සඳහන් කළා. මේ තියෙන්නෙත් ඒ වගේ ආක්රමණික ශාකයක්.
![]() |
වරල්ල - Pteridium |
මේ අසුබ දර්ශන මැදින් වුණත් හෝර්ටන් තැන්න තමන්ගේ සුන්දර රූපකාය ඇතැම් විට මීදුම් සළුවෙන් වසා ගනිමින්ද ඇතැම් විට යන්තම් නිරාවරණය කරමින්ද අපිට පෙන්නුවා. අඩිපාර දිගේ හෙමින් ඇවිද ගිය අපි රතු පාලම ළඟ මදක් නතර වුණා.
![]() |
මිරිදිය කකුළු විශේෂයක් |
HSBC බැංකුව විසින් හෝර්ටන් තැන්න පුරාම දැනුවත් කිරීමේ පුවරු සවි කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒවායේ සඳහන් කරුණු ඉතාමත් ප්‍රයෝජනවත්. හෝර්ටන් තැන්නේ දියදහරා වලට හඳුන්වා දෙනු ලැබූ රේන්බෝ ට්‍රවුට් මත්ස්‍යයා ගැන මා දැන ගත්තේ එවන් පුවරුවකට පින් සිද්ද වෙන්නටයි. ඊට අනුව මේ දියදහරා වලට එම මත්ස්‍යයා හඳුන්වාදෙනු ලැබ ඇත්තේ Ceylon Fishing Club නමැති සංගමය විසින් විනෝදයට මාළු බෑම සඳහායි. නමුත් අද වන විට හෝර්ටන් තැන්නේ දියදහරා පුරා විසිර ගිය ට්‍රවුට් මාළුවා දේශීය කූනිස්සන් විශේෂ හෝර්ටන් තැන්නෙන් අතුගා දමන්නට සමත් වී සිටිනවා.
![]() |
ට්‍රවුට් මත්ස්‍යයාගේ විස්තර... |
![]() |
ලයිකන... |
මෙහෙම මදක් ඉදිරියට යද්දී අපි තවත් සුවිශේෂ සත්ත්වයෙක් දැක ගත්තා.
![]() |
කළු කොපුල් කටුස්සා - Calotes nigrilabris |
ශ්‍රී ලංකාවට ආවේනික ශාක වර්ග රාශියක් විමසිල්ලෙන් බැලුවොත් ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නෙත් අපිටම ආවේනික ශාකයක්...
![]() |
කුරු උණ - Chimonobambusa densifolia |
![]() |
චිමිනි පොකුණ |
![]() |
මහරත්මල්-Rhodrodendron arboreum |
කුඩා තණ පඳුරු අතර සැඟවී තිබුණු හුරුපුරුදු සුන්දර ශාකයක් දැකලා අපි ටිකක් නතර වුණා. මෙයා මීට කලින් සිංහරාජ අඩවියේ ලංකාගම පාර අයිනක ඉඳලත් මට හම්බ වුණු කෙනෙක්. මේ ඉන්නේ එයා...
![]() |
නිල්බිනර - Exacum trinervium |
සුප්‍රකට ලෝකාන්තය දක්වා දිවෙන ඛාදනය වුණු අඩිපාරේදී තමයි මට මේ ඒකදේශීය සමනලයා මුණ ගැහුනේ.
![]() |
ලංකා කොටිතියා - Ceylon tiger |
මේ විදිහට ඉතා සෙමින් අවට බල බලා ගිය අපි ලෝකාන්තයත් දැක බලා ගත්තා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වටිනා පරිසර පද්ධතියට එල්ල වුණු තර්ජන ගණනාවක් අපි මේ චාරිකාවේදී නිරීක්ෂණය කළා. ආක්රමණික ශාක වලින් හා සත්ත්ව විශේෂ වලින් එල්ල වුණු තර්ජනය ඉන් ප්‍රධානයි. ඒවගේම සංචාරකයන් සිදුකරන නොමනා ක්‍රියා නිසා ඇති වන පාරිසරික ගැටලුත් සුළුපටු නැහැ. තමන්ට නියමිත වනමං(Trails) වල පමණක් ගමන් කරන්න කියලා කොයිතරම් අවවාද කලත් බොහෝ අය නියමිත මගින් පිට පැන තැන්න හරහා ගමන් කරනවා. මේ බලන්න...
![]() |
හරිමග... |
හෝර්ටන් තැන්නේ සුවිශේෂත්වයත්, එම පරිසර පද්ධතිය තුළ හැසිරිය යුතු ආකාරයත් පුන පුනා කීම අනවශ්‍ය දෙයක්. වගකීමෙන් හා වගවීමෙන් හැසිරීම ඔබට බාරයි.....
මෝටර් සයිකල් චාරිකාවේ අවසාන කොටසින් රක්වාන සූරියකන්ද වංගු දහය පාරේ සුන්දරත්වය බලාපොරොත්තු වන්න.
කාරුණික නිවේදනයයි: මේ සමග පලවන සියලු ඡායාරූප මා හා මගේ බිරිඳ විසින් ගන්නා ලද ඒවාය. කොහෙන්වත් උපුටා ගත් එකදු ඡායාරූපයක් මගේ බ්ලොග් එකේ කිසිදු තැනක නැත. යම් අයෙකු කිසියම් උවමනාවකට ඡායාරූපයක් උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත. ඇත්ත වශයෙන්ම එය මගේ මහත් සතුටටද හේතු වෙයි. නමුත් මේ ඡායාරූප වල මා ගසා ඇති හංවඩුව ඉවත් කිරීමෙන් වලකින්න.