ගියවර මම සටහන අවසාන කලේ නොර්ටන් බ්‍රිජ් නගරයෙන්. ඒ සටහන් කියවන්න බැරි වුණා නම් මෙතනින් ගිහින් ඒක බලලා එන්න.
නොර්ටන් බ්‍රිජ්හි සුප්‍රකට මං සලකුණ - සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වුණු මාර්ටින් එයාර් ගුවන් යානයේ ටයරය |
උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වූ අපි නැවත ගමන් අරඹා හැටන් නගරයට පිවිසුණා. හැටන් නුවරඑළිය මාර්ගය ඒ වන විට පිළිසකර කෙරෙමින් පැවතුණ නිසා අවට පැවතුණේ අධික දුහුවිල්ලක්. මෙසේ මද දුරක් පැමිණි අපි ශ්‍රී ලංකාවේ පිහිටි අතිශය සොඳුරු දිය ඇල්ලක් වන "ඩෙවොන් ඇල්ල" සමීපයට එළඹියා.
ඩෙවොන් ඇල්ල |
ඩෙවොන් ඇල්ල වඩා සමීපව |
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල |
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල සහ පහත නිම්නය |
"බට ඇල්ල" |
මේ තියෙන්නේ නුවරඑළියේ රජයේ සංචාරක බංගලාව |
ග්‍රෙගරි වැව |
ග්‍රෙගරි වැව |
ග්‍රෙගරි වැවට ඉහළින් හිරු බැසයන අයුරු... |
තවත් අපූරු බයිසිකල් චාරිකාවක විස්තර මෙතනින් බලන්න. http://ekicks.blogspot.com/2013/02/01.html
සුන්දර චාරිකා අත්දැකීමක් !
ReplyDeleteඉස්සරනම් මමත් මේ වගේ ගමන් ගියා......
ඒත් ඉතිං දැන් එහෙම බෑ නොවැ.
සහතික ඇත්ත. මටත් දැන් ඉස්සර වගේ හිතු මනාපෙට මේ වගේ ගමන් යන්න බෑ.
Deleteඅපිත් ළගදි නුවරඑළි ගියා රාජකාරි වැඩකට.. හැටන් නුවරඑළි පාරෙ ඔය දිය ඇලි ටිකත් බලාගෙන. නැවතුණෙත් ඔය රාජ්ය පරිපාලන සංචාරක බංගලාවෙ පහළ කොටසෙ දවස් දෙකයි. පරණම බංගලාවෙ එක දවසයි. අපූරු තැන. සංග්රාහ සත්කාරත් හොදයි.
ReplyDeleteඅපි හිටියේ පරිපාලන බංගලාවේ අලුත් එකේ උඩ කොටසේ. බොහොම අඩු මුදලකට සුපිරි සත්කාරක සේවාවක් අපි අත් වින්දා.
Deleteඇවිද ඇවිද ඉඳලාම හරියන්නෙ නෑ මලේ, මහන්සිවෙලා දරු පැටියෙකුත් හදා ගනිල්ලා ...!
ReplyDeleteමේ වගේ ට්‍රිප් ආයේ යන්න හම්බවෙන්නේ නෑ අයියේ... මේක මේ අවුරුදු එකහමාරකට විතර කලින් ගිය එකක්. දැන් යනවා නම් මාස හයක කොලු පැටියෙකුත් එල්ලගෙනයි යන්න වෙන්නේ.
Deleteහැමදාම වගේ ලස්සනට ලියල තියනවා. NE වල බයිසිකල් රෙන්ට් කරන්න තියෙන්නේ කොහෙද? දවසකට කියක් විතර වෙනවද? (පොඩි ස්කුටර් වගේ බයිකුත් තියද?)
ReplyDeleteනුවරඑළියේ බයික් රෙන්ට් එකට දෙන තැන් තියන බව අහලා තියෙනවා. ඒත් ඒගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. ග්‍රෙගරි වැව ළඟ නම් ෆුට් සයිකල් රෙන්ට් එකට ගන්න පුළුවන්. හැබැයි පදින්න දෙන්නේ වැව රවුමේ විතරයි.
Deleteඒ පැත්තේ අනිවාර්යයෙන්ම එනවා මල්ලියෝ. උඹේ බ්ලොග් එක එළ.
ReplyDeleteබයික් වල යන්න අපටත් එකතු වෙන්න පුලුවන්ද? ගොඩක් ලස්සන චාරිකාවක්. තව තව යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
ReplyDeleteප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි. දැන් නම් හැබැයි කාලෙකට මේ වගේ ට්‍රිප් එකක් යන්න බැරි වෙයි.
DeleteNice... :)
ReplyDeleteThanks...
Deleteමමත් ආසාවෙන් හිටියෙ බයිසිකලෙන් ටිකක් දුර කොහේ හරි යන්න... ඉතින් මමත් මගේ බිරිඳත් මීට දවස් දෙකකට කලින් ගියා මෝටබයිසිකලෙන් නුවරඑළිය, ඔහිය ඔස්සේ හෝර්ටන් තැන්නට... ඒ ගමන ටිකක් වෙහෙසකාරී වුණත් කියන්න බැරි තරම් සුන්දරයි... බයිසිකලේක යන එක ටිකක් අවදානම් වුණත් ඒ පරිසරයෙ තියෙන සුන්දරත්වය දැක්කහම හැම දෙයක්ම අමතක වෙලා යනවා... ඔයාගේ ගමන ගැන ඉතිරි ටිකත් ඉක්මණින්ම දාන්න... ජයවේවා...
ReplyDeleteබොහොම සන්තෝෂයි හඳුනා ගන්න ලැබීම ගැන. ඔයාගේ අත්දැකීමත් ලියනවා නම් හොඳයි. ඇත්තටම බයිසිකලේ යන එක ටිකක් අවදානම් වැඩක් තමයි. මේ ගමනේත් නොහික්මුණු රියදුරන් නිසා අපි දෙන්න අනූනවයෙන් ජීවිත ගලවා ගත්තු අවස්ථාවන් දෙකක් එළඹුණා. එකක් කිතුල්ගලදී, අනික ගෙවල් කිට්ටුවටම ඇවිත්. ඒ කොහොම වුණත් පරිසරයේ සුන්දරත්වය් විඳිමින් යන ගමනකට බයිසිකලේ තරම් ගැළපෙන වෙනත් වාහනයක් නෑ. පරිස්සමෙන් පදින්න. ජයවේවා!
Deleteඒ ගැන නම් කියල වැඩක් නෑ... අපිත් අනූනවයෙන් ජීවිතේ ගලවගත්තා තැන් දෙකක දී... එකක් පැල්මඩුල්ලෙ දී... අනෙක් හපුතලේ දී... ඒ වෙලාවෙදි නම් බය නොහිතුනා නෙමෙයි. ඒත් ඔයා කිව්ව වගේ පරිසරයේ සුන්දරත්වය විඳිමින් යන ගමනකට බයිසිකලේ තමයි ගැළපෙනම වාහනය...
ReplyDeleteග්‍රෙගරි වැවේ පලවෙනි ෆොටෝ එකට මම ඉතාම කැමතියි මලයයෝ.
ReplyDeleteමමත් කාලයක් ඩෙවොන් ඇල්ල අසල ජිවත් උනා. මම ඉතාම ප්‍රියකරන ඇල්ල තමයි සෙන්ට් ක්ලෙයාර්.
සෙන්ට් ක්ලෙයාර් ඇල්ල දැන් නම් ඒතරම් සුන්දර නෑ අයියේ. ඒකට දැන් ජලය නිකුත් කරන්නේ පැය බාගෙන් බාගෙට.
Delete"බට ඇල්ල" එකත් ලස්සනයි.. :)
ReplyDelete//සෙන්ට් ක්ලෙයාර් ඇල්ල දැන් නම් ඒතරම් සුන්දර නෑ අයියේ. ඒකට දැන් ජලය නිකුත් කරන්නේ පැය බාගෙන් බාගෙට.// ඒක සලාක ඇල්ලක් වෙලා එතකොට.. :(
"බට ඇල්ල" මගේ නමක්. තිරසාර නොවන සංවර්ධනය නිසා තව කොයිතරම් දේවල් අපිට වෙයිද කියන්න බෑ.
Delete