සැලසුම පරිදිම එදින උදෑසන 4.30ට පමණ කඩුවෙලින් පිටත් වුනු අපි අවිස්සාවේල්ල හරහා කිතුල්ගලට ළඟා වුණා.
කිතුල්ගලට ඉහළින් හිරු උදාව. |
උදේ කෑම හරී වැදගත්! |
කැළණි ගං කොමළිය |
තටු බිඳුණු සලබයා... |
දුෂ්කර නමුත් මා මෙතෙක් ධාවනය කළ සොඳුරුම මාර්ගය |
කොත්තැල්ලෙන ගමේදී. පසුබිමින් පෙනෙන්නේ සප්තකන්‍යා කඳු වැටියේ කොටසක්. |
මේත් කොත්තැල්ලෙන ප්‍රදෙශයමයි. |
දෙවැනි කොටස මෙතනින්.
ඊළඟ කොටසත් ඉක්මනට ම දාමු.
ReplyDeleteපුළුවන් ඉක්මනට දාන්නම්. දිගටම මේ පැත්තේ එන්න.
Deleteපිස්සු ට්‍රිපක් ඉතුරු ටිකත් ඕනි
ReplyDeleteඅනිවා... ඉක්මනටම දානවා.
Deleteඔය ආප්පෙ දැක්ක මයි මතක් වුණේ.තාම තියනවා ආප්ප රු.හයට විකුණ කඩ.හා මම මේ මොනවද කියන්නේ.ඔයාගෙ ලිපිය හොදයි.
ReplyDeleteබොහොම ස්තූතියි යසිරු. අපේ පැත්තේ නම් ආප්ප හෙන ගණන්.
Deleteහරිම සුන්දරයි... අනෙක් කොටසත් දැම්ම නම් ගොඩක් වටිනවා...
ReplyDeleteබොහොම ස්තූතියි මධුර. ඉතිරියත් එක ලිපියකින් කියන්න බැරි වෙයි වගේ. දිග පෝස්ට් ලියන්න මම කැමති නෑ. මොකද දීර්ඝ ලිපි කියවන්න බොහෝ දෙනෙකුට කාල වේලාවක් නැති නිසා. ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දාන්නම්.
Deleteඅපූරු ගමනක් මලේ, අර තටු බිඳුනු සලබයා Luna moth එකෙක් වෙන්න ඕනෑ.
ReplyDeleteස්තූතියි ගාමිණි අයියේ. ඒකා ලූනා මොත් Actias luna පිරිමි සතෙක්.
Deleteඅද තමා ඔබේ බ්ලොගයට පලමු වරට පිවිසුනේ. චාරිකා සටහන් පුද්ගලිකව මමත් ප්‍රයකරන විශයයක්.
ReplyDeleteදිගටම ලියන්න මිත්‍රයා.
ස්තූතියි මිත්‍රයා. දිගටම මේ පැත්තේ එන්න.
Deleteසොබා දහමේ සුන්දරත්වය විඳින්න හොඳ හදවතක් තියන්න ඕන කියලයි මට හිතෙන්නේ. ඔබ ඒක විඳලා අපටත් විඳින්නට අවස්ථාව ලබා දෙනවා.. ස්තුතියි විස්තර සහ පින්තූර වලට.
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන. ඔයගොල්ලෝ දෙන දිරිය මට සෑහෙන වටිනවා. දිගටම මේ පැත්තේ එන්න.
Deleteකිතුල්ගල ඔතනට sunset එකත් හරිම ලස්සනට පේනවා. ඔය කියපු පාර දිහා මම හැමදාම ඔතනින් යනකොට බැලුවත් යන්න උනේ නැහැ. කොහොමද කාර් එකකට යන්න පුලුවන්ද ?
ReplyDeleteෆොටෝ ටික නම් මරු මල්ලි, අන්තිමට තියෙන එකට තමයි මම ගොඩක් කැමති.
එක දවසක් හරි ඔය පාරේ යන්න අයියේ. හැබැයි කාර් එකකට නම් යන්න ටිකක් අමාරුයි. ජීප් එකකට වගේ නම් යාගන්න පුළුවන් වෙයි. ඒත් බයික් එකේ වගේ නම් සුන්දර නිදහස් ගමනක් නම් තව නෑ අයියේ...(ඔය අන්තිම ෆොටෝ එක ගත්තේ මගේ හාමිනේ..)
Deleteඇත්තමයි, හරිම ලස්සන පින්තූර ටිකක්. මම හරිම ආස විෂයයක් තමයි ඔය.
ReplyDeleteස්තූතියි චමිල. ඒ කාලේ ගිහිපුවා තමයි. දැන් නම් මේ වගේ ට්‍රිප් එකක් යන එක හීනයක්.
Deleteඅනේ මමත් කොල්ලෙක් උණා නම් කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි... අඩුම තරමෙ මේ වගේ යන්න මහත්තයෙක්වත් හොයා ගන්න ඕන... විස්තරයත් අපූරුයි. පින්තූරත් ලස්සනයි.
ReplyDeleteඅපේ හාමිනේට වගේ මහත්තයෙක් හම්බ වුණොත් මේ වගේ ට්‍රිප් යන්න පුළුවන් වෙයි. :D
Deleteබොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.
මෙන්න මෙතන පොඩි වැරදීමක් වෙලා,
ReplyDelete"එහෙම එද්දී තමයි ගිනිගත්හේනට මදක් මෙහායින් ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් වලට යාහැකි අතුරු පාරක් අපිට හමුවුණේ"
ඔයාල මේ ගිහින් තියෙන්නේ ලක්ෂපාන හරහා තියෙන පාරේ නෙමෙයි හගරාපිටිය හරහා තියෙන පාරේ. ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් ගියාම සප්තකන්‍යා පෙන්නේ නෑ.
(මගේ ගම ලක්ෂපාන ඒකයි මේ දේවල් හරියටම කිවේ)
තව විස්තර ටිකක් කියන්නම්. කැමතිනම් පොස්ට් එක අප්ඩේට් කරන්න. ඔයාල කිතුල්ගල පහුකරල ගිනිගත්හේන පැත්තට 4Km විතර එනකොටයි ඔය අතුරු පාර හම්බවෙන්නේ. එතන හන්දියට කියන්නේ "කළුගල" කියල. අවිස්සාවේල්ල හරහා ශ්‍රීපාදේ යන පුරුදු අය ලගම පාර විදිහට තෝරගන්නේ මම ඔය කලින් කිව පාර (කළුගලින් හැරිලා ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් 0 කනුව ලගින් වමට හැරිලා නල්ලතන්නිය පාර) ඔය පාරේ යනකොට "ගැරඩි ඇල්ල" කියල අප්‍රකට දිය ඇල්ලක් ලගින් යන්න පුළුවන් ඒ වගේම නව ලක්ෂපාන ජල විදුලි බලාගාරය ලගිනුත් යන්න පුළුවන්. ඒ වගේම ලංකාවට තියෙන එකම බින්දුවේ කනුව තියෙන්නෙත් ඔය පාරේ කියල කියනව ඒක ඇත්තද බොරුද කියන්න නම මම දන්නේ නෑ. තව විස්තර ඕන නම් කියන්න ලොරියක් පුරවල දෙන්නම් :)
බොහොම ස්තූතියි චම්ලි. ඔන්න පෝස්ට් එක අප්ඩේට් කළා. මේ කියන පාරේ යනකොට අපිට නව ලක්ෂපාන විදුලි බලාගාරය හම්බවුණා. ඒ නිසා මම හිතුවේ මේ පාර ලක්ෂපාන හරහා යන්නේ කියලා. නැවතත් ස්තූතියි මාව නිවැරදි කලාට.
Deleteනෑ යාලුවා ඔයාලට හම්බවෙලා තියෙන්නේ "සමනල විදුලිබලාගාරය" කියන එක, ඒක තියෙන්නේ ඔය ඔයාල ගිය පාර අයිනේ, ඒක එච්චර ප්‍රසිද්ධ එකක් නෙමෙයි හැබැයි පොඩි එකකුත් නෙමෙයි. ඔයාල ගිය පාරේ ගියාම ලක්ෂපාන වත් නව ලක්ෂපාන වත් හම්බවෙන්නේ නෑ.. ආයේ ඔය පැත්තේ ගියොත් කියල එන්න සලකල යවන්නම් මදි නොකියන්න. මේකෙන් මාව සම්බන්ධ කරගන්න
Deletehttps://www.facebook.com/chamli.fb
අපි යාලුවො ටිකක් සප්තකන්‍යා තරණය කරන්න පොඩි අදහසක් තියනව.ඔයා කියල තියන විදිහට මේ පාරෙන් කදු පාමුලටම යන්න පුලුවන් නේද?
Deleteදිල්ශාන් සහොදරයා.
ReplyDeleteඅපි යාලුවො ටිකක් සප්තකන්‍යා තරණය කරන්න පොඩි අදහසක් තියනව.ඔයා කියල තියන විදිහට මේ පාරෙන් කදු පාමුලටම යන්න පුලුවන් නේද?
මම ගිය පාර යන්නේ සප්ත කන්‍යා පාමුලින්. හැබැයි කන්දට නගින්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ ඔය උඩ ඉන්න චම්ලි සහෝදරයා සම්බන්ධ කර ගන්න පුළුවන් නම් විස්තර දැන ගන්න පුළුවන් වෙයි
Deleteබොහොම ස්තූති සහෝදරයා.මම ඒ සහෝදරයව සම්භන්ද කරගන්න බලන්නම්.ලග පාත ගමක් තියන නිසා උදව්වක් හොයාගන්න පුලුවන් වෙයි කියල හිතනව.
Delete