Friday, January 25, 2013

යතුරුපැදි චාරිකා.. අංක 1: නුවරඑළිය

අද මම ලියන්නේ මීට අවුරුද්දකට පමණ පෙර ගිහිපු මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන විදිහේ සොඳුරු චාරිකාවක් ගැන. මම මගේ බොහෝ  බිමන් වලට යොදා ගන්නේ මෝටර් බයිසිකලය. එකෙන් ගමන් බිමන් යද්දී දැනෙන අපූරු නිදහස වෙන කිසිම වාහනයකින් ලබන්න බෑ. හැමදාම  ළඟ පාත ගමන් බිමන් යන එකේ මට හිතුනා දවසක බයිසිකලෙන් දුර ගමනක් යන්න. ඉතින් අපි ගමනාන්තය හැටියට තෝර ගත්තේ නුවරඑළිය. හැමදාමත් මගේ ජීවන ගමනේ සහකාරිය වෙච්චි මගේ ආදරණීය බිරින්දෑත් මාත් එක්ක මේ ගමනට එකතු වුණා. අපි හික්කඩුවෙන් ගමන පටන් ගත්තේ හවස දෙකට විතර. හවස පහමාරට විතර කඩුවෙල අපේ ඥාතියෙකුගේ නිවසට ළඟා වූ අපි එදින රාත්‍රිය එහි ගතකලේ පසුදා උදෑසනින්ම ගමන පිටත් වීමට අදිටන් කරගෙනයි.
සැලසුම පරිදිම එදින උදෑසන 4.30ට පමණ කඩුවෙලින් පිටත් වුනු අපි අවිස්සාවේල්ල හරහා කිතුල්ගලට ළඟා වුණා.
කිතුල්ගලට ඉහළින් හිරු උදාව.
කිතුල්ගලට ඉහළින් හිරු උදාවන දර්ශනය නම් අමතක නොවන තරම් සුන්දර දර්ශනයක්. ඒ මිහිරියාව විඳිමින් කැළණි ගං ඉවුරේ ඉදිවුණු පුංචි හෝටලයකින් අපි උදෑසන ආහාරය ලබා ගත්තා.
උදේ කෑම හරී වැදගත්!
ඊට පස්සේ බයිසිකලේ එහෙමම තියෙද්දී ගං ඉවුරට ගිහින් පොඩ්ඩක් ඒ සුන්දරත්වය විඳ ගන්නත් අපි අමතක කලේ නෑ.
කැළණි ගං කොමළිය 
මේ අපූරු සලබයා මුණගැහුනේ ගං ඉවුරේ පොඩි ගහක වහලා ඉන්දැද්දි. එයාගේ තටුවකට යම් විලොපිතයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන බව පේන්න තිබුණා.
තටු බිඳුණු සලබයා...
එතනින් පිටත් වුනු අපි නැවතත් අපේ චාරිකාව පටන් ගත්තා. අපිට ඇත්තටම කිසිම හදිස්සියක් තිබුනේ නෑ. ඒකනිසා අවට සුන්දරත්වය නරඹමින් අපි හෙමින් හැටන් පාර දිගේ ඉදිරියට ආවා. කිතුල්ගල පහුකරලා කිලෝමීටර් හතරක් විතර එනකොට හඟරාපිටිය හරහා නොර්ටන් බ්‍රිජ් වලට යාහැකි අතුරු පාරක් අපිට හමුවුණා. මේ හන්දිය හැඳින්වෙන්නේ කළුගල හන්දිය කියලා.(තොරතුරු සැපයූ චම්ලි කරුණාසේකර සහෝදරයාට ස්තූතියි.) මම වහාම සිතියම ඇදලා බැලුවා. මේ පාර තරමක් දුෂ්කර දිගු මාර්ගයක් වුණත් අතිශය සොඳුරු සප්තකන්‍යා කඳු පාමුල හරහා දිවෙන්නක් නිසා දෙවරක් නොසිතාම අපි ඒ පාරට හැරුණා.
දුෂ්කර නමුත් මා මෙතෙක් ධාවනය කළ සොඳුරුම මාර්ගය  
මම කලිනුත් කිව්වා වගේ මේ පාර දිවෙන්නේ සප්ත කන්‍යා කඳු පාමුලින්. මේ තියෙන්නේ කොත්තැල්ලෙන කියන සුන්දර ගම. 
කොත්තැල්ලෙන ගමේදී. පසුබිමින් පෙනෙන්නේ සප්තකන්‍යා කඳු වැටියේ කොටසක්.
මේත් කොත්තැල්ලෙන ප්‍රදෙශයමයි. 
මේ විදිහට වටරවුම් ගහමින් හිතූ හිතූ තැන් වල නතර වෙමින් ආපු අපි අන්තිමට නොර්ටන් බ්‍රිජ් නගරයට ආවා. සෙස්ස ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.

දෙවැනි කොටස මෙතනින්.

27 comments:

  1. ඊළඟ කොටසත් ඉක්මනට ම දාමු.

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට දාන්නම්. දිගටම මේ පැත්තේ එන්න.

      Delete
  2. පිස්සු ට්‍රිපක් ඉතුරු ටිකත් ඕනි

    ReplyDelete
    Replies
    1. අනිවා... ඉක්මනටම දානවා.

      Delete
  3. ඔය ආප්පෙ දැක්ක මයි මතක් වුණේ.තාම තියනවා ආප්ප රු.හයට විකුණ කඩ.හා මම මේ මොනවද කියන්නේ.ඔයාගෙ ලිපිය හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යසිරු. අපේ පැත්තේ නම් ආප්ප හෙන ගණන්.

      Delete
  4. හරිම සුන්දරයි... අනෙක් කොටසත් දැම්ම නම් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුර. ඉතිරියත් එක ලිපියකින් කියන්න බැරි වෙයි වගේ. දිග පෝස්ට් ලියන්න මම කැමති නෑ. මොකද දීර්ඝ ලිපි කියවන්න බොහෝ දෙනෙකුට කාල වේලාවක් නැති නිසා. ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දාන්නම්.

      Delete
  5. අපූරු ගමනක් මලේ, අර ත‍ටු බිඳුනු සලබයා Luna moth එකෙක් වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගාමිණි අයියේ. ඒකා ලූනා මොත් Actias luna පිරිමි සතෙක්.

      Delete
  6. අද තමා ඔබේ බ්ලොගයට පලමු වරට පිවිසුනේ. චාරිකා සටහන් පුද්ගලිකව මමත් ප්‍රයකරන විශයයක්.
    දිගටම ලියන්න මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා. දිගටම මේ පැත්තේ එන්න.

      Delete
  7. සොබා දහමේ සුන්දරත්වය විඳින්න හොඳ හදවතක් තියන්න ඕන කියලයි මට හිතෙන්නේ. ඔබ ඒක විඳලා අපටත් විඳින්නට අවස්ථාව ලබා දෙනවා.. ස්තුතියි විස්තර සහ පින්තූර වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන. ඔයගොල්ලෝ දෙන දිරිය මට සෑහෙන වටිනවා. දිගටම මේ පැත්තේ එන්න.

      Delete
  8. කිතුල්ගල ඔතනට sunset එකත් හරිම ලස්සනට පේනවා. ඔය කියපු පාර දිහා මම හැමදාම ඔතනින් යනකොට බැලුවත් යන්න උනේ නැහැ. කොහොමද කාර් එකකට යන්න පුලුවන්ද ?
    ෆොටෝ ටික නම් මරු මල්ලි, අන්තිමට තියෙන එකට තමයි මම ගොඩක් කැමති.

    ReplyDelete
    Replies
    1. එක දවසක් හරි ඔය පාරේ යන්න අයියේ. හැබැයි කාර් එකකට නම් යන්න ටිකක් අමාරුයි. ජීප් එකකට වගේ නම් යාගන්න පුළුවන් වෙයි. ඒත් බයික් එකේ වගේ නම් සුන්දර නිදහස් ගමනක් නම් තව නෑ අයියේ...(ඔය අන්තිම ෆොටෝ එක ගත්තේ මගේ හාමිනේ..)

      Delete
  9. ඇත්තමයි, හරිම ලස්සන පින්තූර ටිකක්. මම හරිම ආස විෂයයක් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමිල. ඒ කාලේ ගිහිපුවා තමයි. දැන් නම් මේ වගේ ට්‍රිප් එකක් යන එක හීනයක්.

      Delete
  10. අනේ මමත් කොල්ලෙක් උණා නම් කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි... අඩුම තරමෙ මේ වගේ යන්න මහත්තයෙක්වත් හොයා ගන්න ඕන... විස්තරයත් අපූරුයි. පින්තූරත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනේට වගේ මහත්තයෙක් හම්බ වුණොත් මේ වගේ ට්‍රිප් යන්න පුළුවන් වෙයි. :D
      බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  11. මෙන්න මෙතන පොඩි වැරදීමක් වෙලා,
    "එහෙම එද්දී තමයි ගිනිගත්හේනට මදක් මෙහායින් ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් වලට යාහැකි අතුරු පාරක් අපිට හමුවුණේ"
    ඔයාල මේ ගිහින් තියෙන්නේ ලක්ෂපාන හරහා තියෙන පාරේ නෙමෙයි හගරාපිටිය හරහා තියෙන පාරේ. ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් ගියාම සප්තකන්‍යා පෙන්නේ නෑ.
    (මගේ ගම ලක්ෂපාන ඒකයි මේ දේවල් හරියටම කිවේ)


    තව විස්තර ටිකක් කියන්නම්. කැමතිනම් පොස්ට් එක අප්ඩේට් කරන්න. ඔයාල කිතුල්ගල පහුකරල ගිනිගත්හේන පැත්තට 4Km විතර එනකොටයි ඔය අතුරු පාර හම්බවෙන්නේ. එතන හන්දියට කියන්නේ "කළුගල" කියල. අවිස්සාවේල්ල හරහා ශ්‍රීපාදේ යන පුරුදු අය ලගම පාර විදිහට තෝරගන්නේ මම ඔය කලින් කිව පාර (කළුගලින් හැරිලා ලක්ෂපාන හරහා නොර්ටන් බ්‍රිජ් 0 කනුව ලගින් වමට හැරිලා නල්ලතන්නිය පාර) ඔය පාරේ යනකොට "ගැරඩි ඇල්ල" කියල අප්‍රකට දිය ඇල්ලක් ලගින් යන්න පුළුවන් ඒ වගේම නව ලක්ෂපාන ජල විදුලි බලාගාරය ලගිනුත් යන්න පුළුවන්. ඒ වගේම ලංකාවට තියෙන එකම බින්දුවේ කනුව තියෙන්නෙත් ඔය පාරේ කියල කියනව ඒක ඇත්තද බොරුද කියන්න නම මම දන්නේ නෑ. තව විස්තර ඕන නම් කියන්න ලොරියක් පුරවල දෙන්නම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චම්ලි. ඔන්න පෝස්ට් එක අප්ඩේට් කළා. මේ කියන පාරේ යනකොට අපිට නව ලක්ෂපාන විදුලි බලාගාරය හම්බවුණා. ඒ නිසා මම හිතුවේ මේ පාර ලක්ෂපාන හරහා යන්නේ කියලා. නැවතත් ස්තූතියි මාව නිවැරදි කලාට.

      Delete
    2. නෑ යාලුවා ඔයාලට හම්බවෙලා තියෙන්නේ "සමනල විදුලිබලාගාරය" කියන එක, ඒක තියෙන්නේ ඔය ඔයාල ගිය පාර අයිනේ, ඒක එච්චර ප්‍රසිද්ධ එකක් නෙමෙයි හැබැයි පොඩි එකකුත් නෙමෙයි. ඔයාල ගිය පාරේ ගියාම ලක්ෂපාන වත් නව ලක්ෂපාන වත් හම්බවෙන්නේ නෑ.. ආයේ ඔය පැත්තේ ගියොත් කියල එන්න සලකල යවන්නම් මදි නොකියන්න. මේකෙන් මාව සම්බන්ධ කරගන්න
      https://www.facebook.com/chamli.fb

      Delete
    3. අපි යාලුවො ටිකක් සප්තකන්‍යා තරණය කරන්න පොඩි අදහසක් තියනව.ඔයා කියල තියන විදිහට මේ පාරෙන් කදු පාමුලටම යන්න පුලුවන් නේද?

      Delete
  12. දිල්ශාන් සහොදරයා.

    අපි යාලුවො ටිකක් සප්තකන්‍යා තරණය කරන්න පොඩි අදහසක් තියනව.ඔයා කියල තියන විදිහට මේ පාරෙන් කදු පාමුලටම යන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මම ගිය පාර යන්නේ සප්ත කන්‍යා පාමුලින්. හැබැයි කන්දට නගින්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ ඔය උඩ ඉන්න චම්ලි සහෝදරයා සම්බන්ධ කර ගන්න පුළුවන් නම් විස්තර දැන ගන්න පුළුවන් වෙයි

      Delete
    2. බොහොම ස්තූති සහෝදරයා.මම ඒ සහෝදරයව සම්භන්ද කරගන්න බලන්නම්.ලග පාත ගමක් තියන නිසා උදව්වක් හොයාගන්න පුලුවන් වෙයි කියල හිතනව.

      Delete