දෙවැනි කොටස මෙතනිනුත් බලන්න.
පසුදා උදෑසනින්ම අවදි වුණු අපි දෙන්නා මුලින්ම ගියේ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි අපේ ප්‍රියතම වෙජිටේරියන් හෝටලය වන ශ්‍රී අම්බාල්ස් එකට. බඩ පිරෙන්න තෝසේ, වඩේ වලින් සප්පායම් වුණු අපි වඩේ කීපයක් පාර්සල් කරගත්තා. අපි ළඟ තිබුණු පුංචි උණුවතුර බෝතලේ වේටර්ට දුන්නු මම "මල්ලි තේ හතරක් දාන්න හැබැයි අඩු සීනි" කියලා කිව්වා. මේකා කැඩිච්ච සිංහලෙන් මගෙන් අහනවා "අයියේ තේ හතරම අඩු සීනිද කියලා" හයියෝ සල්ලි..
මහගස්තොට, බ්ලැක්පූල්, මීපිලිමාන හරහා අපි කන්දේ ඇලට ලඟා වුණා. කන්දේ ඇල ජලාශයේ ඒ වන විට ඉතිරි වෙලා තිබුණේ බොහොම අඩු ජල ප්‍රමාණයක්. ඒ වන විට මාස ගණනකින් නුවරඑළියට වැහි පොදක් වැටිල තිබුනේ නෑ.
දිය සිඳුණු ජලාශය |
සුන්දර අඹේවෙල..... |
මේත් අඹේවෙලමයි... |
ස්වර්ගයට යන මාර්ගය... |
Blue star - විනාශකාරී සුන්දරත්වය |
මේ විදිහට අවට පරිසරය ගැන විමසිලිමත් වෙමින් හෙමින් හෙමින් අපි හෝර්ටන් තැන්නට ළඟා වුණා.
තව ටිකයි..... |
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ... |
අනන්තයට යන පාර දිගේ... |
ඝනව වැඩුණු ulex පඳුරු |
Nice pics + story ...
ReplyDeleteමේ ආක්‍රමණික ශාක ඉක්මනට මර්ධනය කරන්න ඕනේ.
ReplyDeleteThank you for the story
මේ ආක්‍රමණික ශාක මර්ධනය කරන්න වනජීවී නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන අවස්ථා කීපයකදීම උත්සාහ කළා. ඔය යුලෙක්ස් ශාකය මර්ධනය කරන්න තියෙන එකම ක්‍රමය උගුල්ලලා දාල ගිනි තියන එක. කොයිතරම් උත්සාහ කළත් තාමත් හෝර්ටන් තැන්නේ යුලෙක්ස් බොහොම සරුවට දකින්න තියෙනවා. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.
Deleteලෝකෙම ZIP කරල හදපු පුංචි රට. මීදුම නැති දවසක ගිහ එක ගොඩක් වටිනවා. මම හොර්ටන් තැන්නේ 5 පාරක් ගිහින් තියනවා 4 පාරක් කූඩාරම් වල. 1 පාරක් ඔහිට ස්ටේෂමේ නිදියගත්ත දවස් 2 ට්‍රිප් එකකදි. කිව්වත් වගේ ඡායාරූප ලස්සනයි. ඒකාලේ මතක් කරනවා. ගොඩක් ස්තූතියි.
ReplyDeleteහෝර්ටන් තැන්නේ කූඩාරමක රැයක් ඉන්න එක මගෙත් හීනයක්. ඔයාගේ ඒ අත්දැකීම බ්ලොග් එකේ ලියන්න.
Deleteමම හෝර්ටන් තැන්නට ගිය දවසේ පුදුම මීදුමක් තිබුනේ. ආදී කීපයකට වැඩ ඇත පෙනුනේ නැහැ.
ReplyDeleteෆොටෝ ටික ගොඩක් ලස්සනයි. මල්ලි ඔයා පාවිච්චි කරන්නේ Canon PowerShot SX10 IS කැමරා එකක්නේ, ඉතින් landscape ෆොටෝස් ගන්නකොට wide angle පැත්තට zoom out කරන්න.
අර තනි ගහ තියන ෆොටෝ එක wide angle lens එකකින්, high angle ෂොට් එකක් විදිහට ගත්තනම් මරු කියලා හිතෙනවා.
මෙහෙම කීවට තරහ නැහැ නේද?
බොහොම ස්තූතියි අයියේ. (මම කොහෙවත් ෆොටෝග්‍රෆි කෝස් එකක් කරලා නැති නිසා මෙහෙම උපදෙස් මට සෑහෙන වටිනවා.) මේ ට්‍රිප් එක යනකොට මට කැනන් කැමරාව තිබ්බේ නෑ. යාලුවෙකුගේ සෝනි කැමරාවක් ඉල්ලගෙන ගියේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩක් සුන්දරයි. ඒ වගේම මේ වගේ ආක්‍රමණික ශාක ගැන දැනුවත් කිරීමත් ගොඩක් අගය කරනවා... ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයිනෙ. මොකද හැම අයටම ඒ ගැන දැනුමක් නැහැනෙ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතිරි ටිකත් ඉක්මණින්ම කියවන්න ලැබුණා නම් හොඳයි...
ReplyDeleteබොහොම ස්තූතියි අගය කළාට. නිකම්ම පරිසරයේ සුන්දරත්වය වනනවාට වඩා ඒ අවට තියෙන වැදගත් දේවල්, ඒවගේම පරිසරයට තර්ජනයක් වන දේවල් ගැනත් ලියන එක සුදුසුයි කියලයි මගේ හැගීම. නොදැනුවත්කම නිසා අපි කොයිතරම් හානිකර ශාක වර්ග ගෙවත්තට වැද්ද ගන්නවද කියලා ඉස්සරහට ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා. මේ චාරිකාවේ ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නම්.
Deleteමහඑලිය, එහෙම නැත්නම් හෝටන් තැන්න කියන්නේ මමත් හරිම ආසකරන පැත්තක්. අපි එකපාරක් ඔහිය පාරේ පයින් ගියා far-inn එන්ට්‍රන්ස් එක ලඟට යනකම්ම. මට දැනෙන විදිහටනම් පට්ටිපොළ පාරට සාපේක්ෂව ඔහිය පාර ලස්සනයි. ඔහේ යන අයට මග ඇරෙන දේවල් තම කිරිගල්පොත්ත සහ තොටුපල කඳු දෙක. දවස් දෙකක් විතර කැම්ප් ගහල ඔය දෙකේත් නැගල එන්න තියේනම් ගොඩක් වටිනා අත්දැකීමක් වෙයි.
ReplyDeleteඔහිය පාරෙන් මම එකපාරක් ගියා. ඇත්ත ඔහිය පාර හරිම ලස්සනයි. කිරිගල්පොත්ත සහ තොටුපොල කන්ද නගින එක මගෙත් හීනයක්. බලමු කවදාහරි හැබෑ වේද කියලා. එදාට ආරාධනා කලොත් එනවද යන්න?
Deleteහෝටන් තැන්න ට කොච්චර ගිහින් තිබුනත්, කියවලා තිබුනත්, දකින කියවන හැම වතාවකම නැවුම් බවක් දැනෙනවා. අපූරු විස්තරේ මලේ. දෙපාර්තමේන්තුව යුලෙක්ස් ඉවරකරන්න කොච්චර උත්සාහ කළත් තවම බැරි උනා. හැම ආක්‍රමණික ශාකයක්ම ඒ වගේ. ඉතාම වේගයෙන් පැතිරෙනවා.
ReplyDeleteසහතික ඇත්ත ගාමිණි අයියේ. මාත් කීපවතාවක්ම හෝර්ටන් තැන්නේ ගිහින් තියෙනවා. ඒත් ආයේ යන්න තියෙනවානම් කොයිතරම් හොඳද කියලා නිතරම හිතෙනවා. යුලෙක්ස් නම් වඳ කරන එක ලේසි නෑ. ඒත් දිගටම උත්සාහ කරොත් බැරි වෙන එකකුත් නෑ. හෝර්ටන් තැන්න නරඹන්න එන අයත් ඔය වැඩේට හවුල් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පුලුවන්නම් හොඳයි.
Deleteහෝර්ටන් තැන්නේ දෙසරයකට වඩා යන එක මටනම් හිතෙන්නේ බොරු වැඩක් වගේ.හරියට සිරිපාදේ දස වතාවක් යනවා වගේ..
ReplyDeleteහෝර්ටන් තැන්නේ සියපාරක් ගියත් මටනම් මදි කියලයි හිතෙන්නේ. දෙයියනේ කොයිතරම්නම් දේවල් තියෙනවද බලන්න. මේ පාර මම නිල්බිනර මලකුත් දැකගත්තා. ඒක ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්. සිරිපාදෙත් එහෙම තමයි. ලක්ෂ වාරයක් ගියත් අලුතෙන් බලන්න දේවල් සැහෙන්න තියෙනවා.
Deleteමම නම් මෙ විස්තර අදමයි දන්නේ.ස්තුතියි දැනුවත් කිරීමට.ඔබගේ තුන්වන ඇසට අසුවු සුන්දරත්ව කදිමය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. තව හොඳ හොඳ දේවල් ඉස්සරහට දානවා.
Deleteමේ ආක්‍රමණකාරී ශාක පැතිරෙන්න අපේ අයගේ තියන දැනුවත් වීමේ මදි කමත් හේතුවක් කියල මට හිතෙනවා. මල් කිව්වම අපි ඕන එකක් ගෙනල්ල හිටව ගන්නවා නේ.
ReplyDeleteදැනට ලංකාවේ තියන ඇකේසියා ගස් වල මල් නිසා මී මැස්සෝ අඩු වෙනවා කියල මං අහල තියනවා. එහෙම එකක් තියනව ද..?
ඇකේසියා විතරක් නෙවෙයි චන්දන පිහිඹියා, ඒවගේම ගොඩක් ක්‍රෝටන් වර්ග නිසාත් දේශීය සමනල හා මීමැසි විශේෂවලට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා. මම තාම මේ ගැන විස්තර හොයනවා. ඉස්සරහට ලිපියක් ලියන්නම්.
Delete