Tuesday, November 13, 2018

Kethigahana Ella Revisited - කැතිගහන ඇල්ල සොයා නැවතත්


මේ ගෙවී යන්නේ සංචාරකයන්ට යහපත් කාලසීමාවක් නොවෙයි. එක දිගට මේ සතිය තුළ වාර්තා වුණු සංචාරක මරණ සංඛ්‍යාව හතරක්. එයින් තිදෙනෙක් පහන්තුඩාව ඇල්ලෙන් පහළට වැටී මිය ගිය අතර තවත් එක් විදේශික කතක් ලෝකාන්තයෙන් පහළට ඇදවැටී මිය ගියා. ඒ නිසා මේ සංචාරක සටහන අරඹන්නට පෙරාතුව මට ඔබට කියන්නට දෙයක් තිබෙනවා. එනම්, ෆේස්බුක් එකේ වැටෙන ලයික් එකකට, හාට් රියැක්ට් එකකට, සාවෑව් වගේ කමෙන්ට් එකකට තමන්ගේ ජීවිතය පරදුවට තැබීම තරම් අමු අනුවණ කමක් තවත් නැති බව. නියම සංචාරකයා කිසිදිනෙක පින්තූරයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවදානමේ හෙළා ගන්නේ නැති බව... 
මෙවර මගේ සංචාරක ගමනාන්තය කැතිගහන ඇල්ල හෙවත් ගලගම ඇල්ල. මිනිස් ඇසින් වහං වුණු ඉතා දුෂ්කර මේ දියඇල්ල බලන්නට මීට පෙරත් මා ගියත් එවක තිබුණු නියං සමය නිසා ඇල්ලේ නියම සුන්දරත්වය විඳින්නට බැරි වුනා. ඒ සටහන මෙතැනින් බලන්න පුළුවන්...
http://sobaroo.blogspot.com/2017/07/waterfall-hunting-in-sabaragamuwa.html
ඒනිසා නැවතත් එම ඇල්ල සොයා යන්නට මා තීරණය කළා. මෙවර ගමන හුදෙකලා හෙවත් සෝලෝ එකක්.
පුංචි ඇල්ලක්
මේ ගමන අතරමග මා දුටු පුංචි ඇලි කුමරියක්. වස්සාන සමය එළඹ තිබීම නිසා මග දිගට සීසනල් ෆෝල්ස් හෙවත් වැසි සමයට පමණක් සක්‍රිය වන දියඇලි රාශියක් නරඹන්නට හැකි වුණා.
මේ මාර්ගය දිව යන්නේ රටේ අතිශය සුන්දරතම පළාත හරහා... මගේ මගදිගට අභිරමණීය දර්ශන රාශියක් මෙහිදී ඔබට නරඹන්නට පුළුවනි.
සබරගමු නිම්නය
මේ සුන්දරත්වය දෑසින් උරා බොනවා විනා වචනයෙන් විස්තර කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්...
දඩයම්...
දුෂ්කර ගමනකින් පසු වනයට ඇතුළු වූ මම පෙර මතකයෙන් ඇල්ල සොයා යෑම ඇරඹුවා. ගස් කඩා වැටී මං සළකුණු වෙනස් වී තිබුණත් වැඩි අමාරුවක් නැතිවම ඇල්ල සොයා ගන්නට මා සමත් වුණා.
ගුප්ත වනය
ගිය වතාවේ යාන්තම් සලකුණක් ලෙස දිස් වූ ඇල්ල මෙවර ගුම් නද දෙමින් හාත්පස පිනි පොදින් නහවාලමින් ගලා හැලුණේ මගේ හිත සතුටින් පුරවමින්. කොටින්ම කැමරාව එළියට ගැනීමත් අභියෝගයක් වුණේ විසිරෙන පිණි කැට නිසාමයි. මගේ මුලු සිරුරම දියේ ඔබා ගත් කලෙක මෙන් තෙත් වෙන්නට ගත වුණේ මොහොතයි.
පිණි විසුළ මොහොතක
විසිරෙන පිණි පොද මත වැටුණු හිරු එළිය දේදුණු වර්ණ මවාලමින් මා චමත්කාරයෙන් පුරවාලන්නට සමත් වුණා.
දේදුණු
දියඇල්ල අසළ බොහෝ වේලාවක් ගත කර තෙමුණු ගතිනුත් පිරුණු සිතිනුත් යුතුව මා ආපසු හැරුණා. චමත්කාරජනක සංචාරයක් නිමවමින් ඉතා තෘප්තිකර මනසිනුයි මා නැවත නිවසට පැමිණියේ..

20 comments:

  1. මරු.. උඹට හොද කැමර් එකක් නැද්ද බං

    ReplyDelete
    Replies
    1. එන්ට්‍රි ලෙවල් ඩීඑස්එල්ආර් එකක් තියේ...

      Delete
    2. @ දේශක යා,

      ඇයි නැත්තං උඹ එකක් අරන් දෙන්නද?

      Delete
    3. අපි තවුසෙල ඕන නෑ. නඩීස් එක හිනාවක් දාපු ගමන් ඒ ඉනාවට අහුවෙන නංකිල ඕන තරං ඉන්නේ. හැක්

      Delete
    4. හෑ ඕයි... මොකක්ද ඒ තවුසෙ කියාපු කුප්ප කතාව... හැක්

      Delete
    5. මං කිව්වේ තවුසේ එක හිනාවක් දාලා කවුරු හරි නංකි කෙනෙකුට කිව්වනං හොද කැමර් එකක් දෙයි කියලා. හැක්

      Delete
  2. සා වෑව් ඔහේ ඇල්ලෙන් පහලට පනින ගමං ෆොටෝ එකක් ගත්තනං කොච්චර ලයික්ස් ගන්න තිබ්බද. හැක්..

    ඇත්තටම ගොඩක් දෙනෙක් තැනකට ගියාට පස්සෙ මෙලෝ සිහියක් නැතුව හැසිරෙන හින්ද තමයි ඔයවගේ අනතුරු සිද්ද වෙන්නෙ. නියම සංචාරකයෙක්නං අවට පරිසරය ගැන හොඳ විමසිල්ලක් තියෙන්න ඕන.

    අගේ ඇති පින්තූර ටිකක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොඳ අදහසක්... හැක්
      ස්තූතියි ප්‍රසා ජයවේවා

      Delete
  3. එක්කරගෙන යන්වා කියලා මේ සැරෙත් දාලා ගිය ‍තෝ කැති ගහන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මේක හදිසියේ ගියේ මචං...

      Delete
  4. නියමයි මචං...

    මම සෝලෝ ගමන් ගිහිල්ලම නැහැ, පාළුව දැනෙන්නේ නැද්ද බං...

    ReplyDelete
    Replies
    1. මේකට ඇඩික්ට් වුණොත් තනියමම තමා යන්න හිතෙන්නෙ... සමහර වෙලාවට බය චකිතය දැනෙනවා. විශේෂයෙන් කැලේ තනියම ඉද්දි...

      Delete
    2. යාලුවෙක් නෑයෙක් නැති අසරණයන්ට තියෙන එකම දේ නේ ලොකු පුතේ. ඕක. නඩීස්ට අනුකම්පා කරන්න. හැක්

      Delete
  5. මේ සැරේ දිය ඇල්ලෙන් නෑවෙ නැද්ද අය්යෝ...........අපරදෙනේ.skinny diving එකක් කරලා photo එකක් upload කරන්‍න තිබුනනේ........

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි... මෙදා පොටේ නාන්න ගියා නං සමණල වැවෙන් තමා බොඩි එක මතු වෙන්නේ... එච්චර සැරයි වතුරපාර

      Delete
  6. ලස්සණ දිය ඇල්ලක් . වැස්සත් එක්ක ගමන අමාරු උනේ නැද්ද? කැලේ ඇතුලේ කුරුල්ලොත් ඉන්න ඇතිනේ. ලස්සන මල් එහෙමත් තියෙන්න ඇතිනේ. ඒවගේ පොටෝ ටිකකුත් තිබුණ නම් ගොඩක් හොදයි. කොහොම උනත් හොද විස්තර ටිකක් ඩිල්ෂාන්.

    ReplyDelete
    Replies
    1. ගමන නම් ටිකක් නෙවෙයි සෑහෙන අමාරු වුණා. ස්තූතියි ඇත්තටම මේ පාර වෙනදා වගේ මග දකින පුංචි පුංචි ලස්සන දේවල් මට මිස් වෙලා

      Delete
  7. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ

      Delete
  8. ඔය ගමන් ම, ඔබ යන සුන්දර තැන් වලට ලගා වෙන්න ඇහැක් විදියත් කෙටුවා නම් පන්කාදුයි ,අපිටත් බලන්ට යන්න

    ReplyDelete