ගාල්ල කොළඹ A2 ප්‍රධාන මාර්ගයේ 89 වැනි කිලෝමීටර් කණුව අසළ, අකුරළ හා ගල්දුව ප්‍රදේශයට මායිම්ව මේ අපූරු තෙත්බිම පිහිටා තිබෙනවා.
![]() |
කැටපත.... |
දුම්රිය මාර්ගය හා සමාන්තරව පැතිරී තිබෙන මෙම තෙත්බිමේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර 72ක්. මාදම්පා ගඟටත්, තෙල්වත්ත ගඟටත් යාබදව ඒවායින් පෝෂණය ලබන මේ තෙත්බිම ජීව විශේෂ රාශියකට නිවස්නක් සපයා තියෙනවා.
![]() |
රටාව.... |
![]() |
හිරිගල් කැණීමේ ප්‍රතිඵල... |
![]() |
Fatal beauty..... |
![]() |
පුංචි දියකාවා - Little Cormorant - Phalacrocorax niger |
![]() |
මල් පිළිහුඩුවා... |
මේ තරම් වටින ජෛව පද්ධතියක් වුණත් මීට එල්ල වී ඇති තර්ජනත් සුළුපටු නැහැ. මෙම හෙක්ටයාර 72ම යොදාගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඉදි වන්නට ගිය තරු පන්තියේ හෝටල් සංකීර්ණය නතර වුණේ තෙත්බිම් උරුමය සංවිධානයට පින් සිද්ධ වෙන්නටයි.
මෙම තෙත්බිම පිළිබඳව තවදුරටත් අධ්‍යයන කටයුතු කෙරෙමින් පවතිනවා. එමෙන්ම මෙය අභය භූමියක් බවට ප්‍රකාශ කිරීම සඳහා මූලික කටයුතු කෙරෙමින් පවතින බවද සඳහන්.
මෙම බිමේ තවත් ඡායාරූප ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කරන්නම්.
(මෙම සටහන මිහිතුරු සඟරාවට යැවීම සඳහා මුලදී සකස් කළත් ඊට වඩා පාඨක සමූහයක් වෙත ගෙනයන්නට බ්ලොග් අඩවියට හැකි නිසා මෙහි පළ කෙරුණා.)