Tuesday, April 30, 2019

Camping on a Dream Paradise - සිහින පාරාදීසයක කඳවුරු බැඳීමු

දීර්ඝ කාලයකට පස්සේ ජීවිතේ ඉතා සමීප මිත්‍රයන් දෙදෙනෙක් සමග වනගත වෙන්නට අවස්ථාව උදා වුණා. ඇත්තටම මේ දෙන්නා මුණ ගැහුණේත් මේ වගේම සුන්දර 'දාම ඇලි' ගවේෂණයකදීමයි. බොහෝ කාලයක් මුළුල්ලේ කෙරුණු සාකච්ඡා අවසානයේ පහුගිය දොහක අපි මේ හීනය හැබෑ කරගත්තා. 
අපි මෙවර චාරිකා කළේ දිවයිනේ අතිශය සුන්දරම පෙදෙසක් වන නකල්ස් රක්ෂිතයේ පිහිටි දිය ඇලි දාමයක් නැරඹීම සඳහායි. සුප්‍රකට කෝබට්ස් ගැප් ප්‍රදේශය නැරඹීම ගමනේ එක් අරමුණක් වූ නිසාවෙන් අපි ගමන් ආරම්භ කළේ හුන්නස්ගිරියෙන්. එහි සිට ඩීන්ස්ටන් හරහා මීමුරේ දක්වා දිවෙන මාර්ගය අතිශය අබලන්. ලංගම බස්රියක උඩ විසිවෙමින් අතිශය සුන්දර පාරිසරික කලාපයක් හරහා ගමන් කළ අපි පුංචි කඩමණ්ඩියක් ලඟින් බැහැගත්තා. එතැන් පටන් කෝබට්ස් ගැප් දක්වා කිලෝමීටර හයක පමණ දුරක් ත්‍රීරෝද රථයකින් ගමන් කළ අපි ලංකාවේ සුන්දරතම භූ ලක්ෂණ පෙන්නුම් කරන පෙදෙසකින් බැස ගත්තා. 
ලකේගල කෝබට්ස් ගැප් සිට
පසෙකින් ලකේගලද, තවත් පසෙකින් කෙහෙල්පත් දෝරුව, යහන්ගල වැනි කඳුද, කෙළින්ම ඉදිරිපසින් ස්ෆින්ක්ස් 1, 2 යනුවෙන් නම් ලද ඉතා වෙනස් පෙනුමක් ගන්නා කඳුද, තවත් පසෙකින් මීමුරේ දක්වා දිවෙන සුන්දර මගද කුරුලු ඇහැකින් බලන්නට කෝබට්ස් ගැප් සිට පුළුවනි.
නකල්ස් හිස් පහ සමග අළුගල්කන්ද
මෙම පෙදෙසට නකල්ස් යන නම දෙන්නට හේතු වුණු මිටි කළ අතක ඇඟිලි ඇට මෙන් පෙනෙන හිස් පහකින් යුතු කඳු වැටියත් ඊට මෙහායින් අළුගල්කන්දත් මනාව දකින්නට මෙහි සිට පුළුවනි.
මෙතැන් සිට තංගප්පුව තෙක් ඇති ජීප් ට්‍රැක් එක දිගේ අපි පාගමන පටන් ගත්තා. වනයෙන් වැසුණු මාවත රසකාමීන්ට නම් ඉතා සුන්දර අත්දැකීමක්. මගදිගට පුංචි සමනලුන් හා වෙනත් කෘමීන්ද නයනරංජනීය භූදර්ශනද අපේ ගමන පමා කළා.
සමනලුන්
පළගැටියා
නම නොදන්නා කෘමියෙක්
මේ වන මග ඔස්සේ කිලෝමීටර් කීපයක් ඉදිරියට ගිය අපි අපේ ට්‍රේල් හෙඩ් එක හෙවත් වනමංපෙත ආරම්භයට පැමිණියා. 
 මග දිගටම අතිශය සුන්දර දසුන් වලින් නම් අඩුවක් තිබුණේ නෑ.
බිනර

නම නොදන්නා වනමල්

මුඩ මහණ
 වනමල් වල මිහිර විඳිමින් අපි අවසානයේ දියඇලි දාමයේ මුදුන් ඇල්ල වෙත පැමිණියා. එහි කඳවුරු බැඳීමයි අපේ අරමුණ වුණේ. 
පළමු ඇල්ලේ මුදුන
මෙතැන සිට අපට දක්නට ලැබුණේ අතිශයින්ම රමණීය දර්ශනයක්. 
ඇල්ල මුදුනේ මම
 අද රෑ ගත කරන්නේ මෙතැන බව සිතීම පවා හිත චමත්කාරයෙන් පුරවාලූ බව නොකියාම බෑ. අප කඳවුර සකස් කර මොහොතක් ගත වෙත්ම මහා වර්ෂාවක් කඩා හැලුණා. රාත්‍රී සුන්දර දර්ශන සිහිනයක්ම කරමින් වර්ෂාව බොහෝ රෑ බෝ වන තුරුම පැවතියා.
නමුත් පසුදා උදෑසන දක්නට ලැබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයක්.
උදේ...

වලා වියනට ඉහළින්

ඇල්ල වැටෙන තැන

මිහිර
 ඇල්ලට ඉහළින් තිබුණේ විසල් තැනිතලාවක්... මේ තැනිතලාවේ සිට නකල්ස් කඳුවැටිය ඉතා සමීපව හා සුන්දරව දක්නට හැකියි.
වන පෙතට ඉහළින් පායන හිරු

තැනිතලාව

තැනිතලාවට පහළින් වලාකුළු

නකල්ස්

නොඉඳුල් වලාකුළු වනාන්නතරය
කූඩාරම් ඉදි කළ ස්ථානය ඉතා හොඳින් පිරිසිදු කර, ගෙනා සියලුම දෑ එකතු කර ගැනීමෙන් පසු අපි එන්නට පිටත් වුණා. එතැන් සිට දියඇලි දාමයක් පහළට බසින්නටයි අපට සිදු වුණේ. ගණනින් දියඇලි හතක් නිරීක්ෂණය කරන්නට අපට හැකි වුණා. 
පළමු ඇල්ල






ගමන පුරාවටම මට භාවිත කරන්න වුණේ 70-300 කාචය. මගේ සුපුරුදු 18-55 කාචය දෝෂයකට ලක්ව තිබීම නිසා භූ දර්ශන රූගත කිරීමේදී මා පත් වූ අපහසුතාවය කියා නිම කරන්නට බැහැ.
කෙසේ නමුත් ඉතාම සුන්දර චාරිකාවක් අතුරු ආන්තරාවකින් තොරව නිම කරන්නට අපට හැකි වුණා.

 

13 comments:

  1. විස්තරේ වගේම පින්තූර ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබාපතිතුමා

      Delete
  2. කෝ අර දේශකය කියන එකා.
    මිනිහගෙ ඔළුවටත් චීන කෑල්ලක් කඩා වැටිලද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕකා රොකට් එකක් අස්සේ හිර වෙලා ඇති හැක්

      Delete
  3. උබනම්???????????????????????????????/
    මට අනුව උබ මේ ලොකේ ජිවත් වෙන එකෙක් නෙමෙයි...
    ඇයි...යකෝ....ගෙදරීන් එලියට බැහැලා කඩේට ගියත් අපේ ගැනි කොල් කරනවා....
    උබ මටයි පොඩ්ඩටයි විරයෙක් වගේ පෙන්නේ ඒක නිසා වෙන්න ඇති...
    මේ ...අත්දැකිම විදින්න කවදාහරි මම එනවා උබ එක්ක

    ReplyDelete
    Replies
    1. කවමදාක හරි උඹත් එක්ක ගමනක් යන එක මගෙත් හීනයක්... ඉක්මණටම හැබෑ කරගමු මචං

      Delete
    2. ගියාට කමක් නෑ ඔය මනුස්සය එක්ක ස්කිනී ඩිපිං හෙම කරනව නෙමෙයි.

      Delete
  4. නයනරංජනීගෙ පොටෝ එකක් දැම්මෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොකක් දැකලා කිව්වා උබගේ ගමන පරක්කු උනේ?????????????

      Delete
  5. නයනරංජනීගෙ මොකක් දැකලා කිව්වා උබගේ ගමන පරක්කු උනේ?????????????

    ReplyDelete
  6. නියමයි මචං...
    අර පළඟැටියා කියන නම් කරලා තියෙන එක හරිද...
    ඒකා රැහැයි ඩයල් එකක් වගේනේ...

    ReplyDelete
    Replies
    1. සතසිව්පාවා ගහකොල පරිසරය ගැන සන්වෙදි එකෙක් තමයි ඔය ඉන්නේ...අපේ කරුමෙට ඌ ලියන්නේ නැත්තේ

      Delete