Monday, June 24, 2019

The Motorcycle Diaries... ස්කූටර් චාරිකා - අයගම දියඇලි දඩයම්


දියඇලි දඩයමක් ආයෙත්....
කොටගඟ දියඇලි දාමයේ චාරිකාවට පස්සෙ කොහෙවත් යන්න බැරි වුණා. රටේ පැවති අයහපත් තත්ත්වය වගේම දරුවන්ගෙ අසනීප තත්ත්වයන් එක්ක ගෙදරින් එළියට බහින්න පුළුවන් කමක් තිබුණේ නෑ. නමුත් ඔය අතරෙ මගේ කාර්යාලයේ නිලධාරිනියකගෙ ඥාතියෙකුගෙ මරණයක් නිසා පසුගිය බ්‍රහස්පතින්දා රත්නපුරේ යන්න සිදුවුණා. ඔන්න මගේ සංචාරක ඉත්තෑවාට අවස්ථාවක් එළඹුණා. සෙසු සගයන් බස් රථයකින් එද්දී මම තීරණය කළා හික්කඩුවේ සිට බයිසිකලයෙන් රත්නපුරේ යන්න.
සුපුරුදු පරිදි මම් ගමන් මාර්ගය තෝරා ගත්තේ බටපොළ, ඇල්පිටිය, පිටිගල, හෙවෙස්ස හරහා බදුරලියට එන්න...
පැලවත්ත - බදුරලිය මාර්ගය
පැලවත්ත හන්දියෙන් කළුගල හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගය අතිශයින්ම සුන්දර එකක්. දෙපස වැඩුණු වන ගහනය මැදින් දිවෙන පටුපාර එකවර වාහන දෙකකට මාරු වෙන්නට අසීරු එකක්. නමුත් ස්කූටරයේ සිහින් නාදයත්, සුළඟට නැළවෙන ගහකොළවල සිරිසිරියත්, අතුපතර නදදෙන කුරුලු කූජනයත්, ලහිලහියේ ගලාහැලෙන දියදහරා වල සිලිසිලියත් විඳිමින් යන මේ ගමන හරියට භාවනාවක් වගේ. මේ ධ්‍යානය බිඳින්නේ ඉඳහිට මා පසුකර යන හෝ ඉදිරියට එන යම් රියක් පමණයි.
ස්වර්ග මාර්ගය
වැසිසමය නිසා මේ මග දෙපස සියලු දියදහරා සක්‍රීයව තිබුණා. බදුරලියෙන් කලවාන ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වුණු මම මොරපිටියේ මට සුපුරුදු කඩ පොඩ්ඩෙන් උදෑසන ආහාරය ගත්තා. ඉන්පසු කෙළින්ම මට හුරුපුරුදු අතිසුන්දර ශ්වේත සළුව සොයන්නට අත්වැල්තොට අහස්බෝක්කුව අසළින් ඉහළට ඇදුණා.
අහස්බෝක්කුව
අහස්බෝක්කු ඇල්ල එහෙම නැත්නම් කබරගොයි දොළ ඇල්ල එතරම් උස නැති නමුත් සුන්දරත්වයෙන් අනූන ඇල්ලක්. වැසිසමය නිසා එහි සුන්දරත්වය දෙගුණ වී පෙනුනා.
අහස්බෝක්කු ඇල්ල/කබරගොයි දොළ ඇල්ල
අතරමග තව බොහෝ දියඇලි තිබුණත් මම ඒවායේ නතර නොවී කෙළින්ම රත්නපුරයට පැමිණියේ ඒ වන විටත් මද වැසි ඇද හැළෙමින් පැවතුණු නිසා. 
වැහි මන්දාරම් අහස
මළ ගෙදරට සහභාගි වී මද වෙලාවක් එහි ගත කර මම නැවත එන්නට පිටත් වුණේ රත්නපුර පානදුර මාර්ගය හරහා. ඉඩන්ගොඩ පාළම ළඟින් වමට හැරවූ මම අයගම දක්වා පැමිණියා. 
චොක්ලට් පාට රත්නපුරයේ ගංගා
රත්නපුරයේ සියලු ගංගා දක්නට ලැබෙන්නේ චොකලට් පැහැයෙන්. ගං ඉහත්තාවේ මැණික් ගැරීමත්, වන සංහාරයත් ඊට හේතු වෙනවා. අයගමින් ඈගල්ඔය පාරට හැරී කිලෝමීටර් කීපටක් ගියවිට ගමික්කන්දට හැරෙන පාර හමු වෙනවා. ඒ පාරේ මද දුරක් ගියවිට මේ අතිශය සුන්දර ඇල්ල මුණ ගැහුණා.
එතරම් උස නැති නමුත් පළලින් වැඩි මෙය හඳුන්වන්නෙ 'මිනී ඇල්ල' නමින්. 
මිනී ඇල්ල
මිනී ඇල්ල මුදුන
ඊට කිලෝමීටර් එකහමාරක් පමණ ඉහළින් රිටිගස් ඇල්ල නමින් තවත් ඇල්ලක් ඇති බව මම දැන හිටියත් වැහි දෙයියා නපුරු වී ගෙන ආ බැවින් අකමැත්තෙන් වුණත් ආපසු හැරෙන්නටයි සිදුවුණේ.
බිනර
අතරමග හමුවුණ බිනර මලක්
පොද වැස්සේම ගවරගිරියට ආපු මම තවත් සුන්දර ඇල්ලක් ගාව මදක් නැවතුනා. 
මියුණු ඇල්ල මුදුන
මෙය හැඳින්වෙන්නෙ 'මියුණු ඇල්ල' නමින්. 
මියුණු ඇල්ල
මීමන ප්‍රේමතිලක කවියා මියුණු ඇල්ල පදනම් කරගෙන නිල්දියේ නළඟන නමින් කවි පංතියක්ද රචනා කර තිබෙනවා.
“අල්ලා අතින් පා වෙන වනමල් කළඹ
නිල් වතුරෙන් නැඟුණු අතිසුන්දර නළඹ
ගල්පර නමැති උස් රඟමඬලට එළඹ
සොල්වාපන්! තවත් දිය සුළි මිණි සලඹ!
(නිල්දියේ නළඟන)
අතරමගදී හමු වුණු ඒ ගමේ ග්‍රාම නිලධාරී මහත්තයා මාව නවතාගෙන හැඳුනුම්පතත් පරීක්ෂා කළා...
අයගම කියන්නෙ දියඇලි පාරාදීසයක්. මීට කලිනුත් මම මේ අවටම දියඇලි කීපයක් නරඹා තිබෙනවා.
නමුත් ඒ වනවිටත් බොහෝ ප්‍රමාද වී තිබුණ නිසා මට ආපසු එන්නට සිදු වුණා.
අද සියලු පින්තූර මගේ ජංගමයෙන්...

26 comments:

  1. හැමදාම වගේ තවත් ලස්සන සංචාරක සටහනක් .

    දියඇලි දඩයම අගේට කරලා තියෙනවා .

    :)

    ReplyDelete
  2. Replies
    1. හුගකාලේකට පස්සේ උබගේ බ්ලොග් එක හම්බයුනා..අඩෝ..ඇයි බන් උබ ඒක ලියන්නේ නැත්තේ...බලපන් කලු කොටියා ගැන ලියපු පොස්ට් එකට මොනතරම් කෙමෙන්ට් වැටිලාද කියලා ..ඉතින් ඇයි බන් උබ ලියන්නේ නැත්තේ.....
      මම හැමදාමත් කියනවා වගේ උබලා ලියන දේව්ල් උබලට අපිට වඩා වෛන්නේ අපේ පොඩි එඋන්ට...උබ නොලියා ඉන්න එකෙන් උබ රට වෙනුවෙන් කරන්න තියන වගකිමක් අතපසු කරන්වා...
      මදුමාදවි බැන්කු ගැන අර්තික විදාව ගැන ලිව්වා..ඒ ලිපි අදටත් උසස්පෙල කරන ලමයේකුට මොනතරම් වටිනවාද

      Delete
    2. ලොකු පුතා අර පහල කෙමෙන්ට් එක උබගේත් අවදානය පිනිසයි...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපූරු සංචාරයක් ... පින්තූර හරිම ලස්සනයි

    ReplyDelete
  5. මට උබගේ පොස්ට් වලට කෙමෙන්ට් ලියන්න නිකන් මොකක්ද මොකාක්දෝ වගේ...අද මම ගෙදර නිසා පොඩි මෙන්ඩා ඉස්කෝලේ ගියාට පස්සේ බ්ලොග් වලට ආවාම උබගේ පොස්ට් එකක් දකිනකොට හිතට හෙන සතුටක් දැනේනවා...මමත් ලන්කාවම වටේම යනවා..සමහර විට මේ වගේ (උබ දකින සුනදර පරිසරය) දේවල් මමත් දකිනවා ඇති ඒත් කරුමේ කියන්නේ උබට වගේ ලස්සන ඇහැක් මට නැති එක...
    උබ මට පොඩි මෙන්ඩාට පරිසරේයේ සුන්දරත්වය දකින්න හුරුකරා..
    ලොකු පුතා සර්පයන් ගැන හොද ඇහැකින් දකින්න හුරු කරා..
    උබලාට ආදරේ ඒකයි

    ReplyDelete
    Replies
    1. හැමදාම වගෙ උඹෙ කමෙන්ටුව බෝම බරසාරයි. ඇත්තට මචං දැං අපට ට්‍රිප් එකක් කියලා ගමනක් යන්න හරි අමාරුයි. යන ඕනැ ගමනක් ට්‍රිප් එකක් කර ගන්නයි තියෙන්නේ

      Delete
  6. Replies
    1. තව දිල්ශාන් කෙනෙක්.... වෙල්කම් වෝම්ලි

      Delete
  7. Replies
    1. යුරේකා යුරේකා...කෙමෙන්ට් කිරිමේ කලාවේ අලුත්ම සොයාගෑනිම

      Delete
  8. සමහර බ්ලොග් තියනවා ඒ බ්ලොග් ලියන එවුන් පොස්ට් එකක් ලියන එකේන් කරන්නේ රට වෙනුවෙන් අනාගත පරම්පාරාව වෙනුවෙන් යුතුකමක් ඉ‍ටුකරන එක...
    ලොකුපුතා අපේ ගෙදර ආපු දවසක සර්පයෙක් මරන්න හදනකොට ඌ මැදිහත් වෙලා ඒ සරපයාව බේරලා යැව්වා..අදටත් පොඩි මෙන්ඩා සර්පයේක් මරන්න හදනකෙනුකුට කියලා දෙනවා " හැම සර්පයාම විස නැහැ එයලා මැරුවොත් පරිසරේ සමතුලිතතාවය බිද වැටෙනවා" කියලා (අනේ ඌයි මමයි දන්න පරිසර සමතුලිතතාවය) (ඌ කොහෙන් හරි ඔය කැල්ල අහුලගේන) (සමහරවිට ලොකු පුතාගෙන් වෙන්නත් පුලුවන්). උබ කියපන් ඒ පාඩම මට ඌව පන්ති යවලා හරි වෙන ක්‍රමෙකට හරි ඔය තරම් හොදට කියලා දෙන්න පුලුවන්ද?
    උබගේ පොස්ට් කියවලා ඌ ගහට කොලට සතා සිව්පාවට ආදරය කරනවා...පරිසරය ගැන ලස්සන ඇහැකින් බලනවා.
    උබ කියපන් ඒ පාඩම මට ඌව පන්ති යවලා හරි වෙන ක්‍රමෙකට හරි ඔය තරම් හොදට කියලා දෙන්න පුලුවන්ද?
    මදුමාදවිගේ පොස්ට් වල පන්තියකින් ඉගනගන්න බැරි කොමස් ඉකෝන් මොනතරම් තිබුනද?
    උබ කියපන් ඒ පාඩම මට ඌව පන්ති යවලා හරි වෙන ක්‍රමෙකට හරි ඔය තරම් හොදට කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අම්මෝහ් මචං....
      මේ වචන හරිම බරයි බං
      ඇත්තට ලොකුපුතා නොලියන එක පට්ට අඩුවක්
      කියලා බලමු ලියයිද කියලා

      Delete
    2. මොනවදඩෝ...එහම මග ඇරලා නොයා මම කියන එක ගැන මොනවාහරි කියපන්

      Delete
  9. නියම සංචාරයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිඹුලී

      Delete
  10. //රත්නපුරයේ සියලු ගංගා දක්නට ලැබෙන්නේ චොකලට් පැහැයෙන්//
    ඉහලින් එන ඔක්කොම වගේ ඔය ප්‍රශ්නය තියනවා. පහුගිය අවු 100 ඇතුලත ලංකාවෙ ඉහල ප්‍රදේශවල ටොප් සොයිල් එකෙන් අඩියක් ගිහිල්ලයි කියනවා. අවු 20කට වඩා කලින් මං දැක්කා ගලපිටමඩ ප්‍රදේශයේ පිරිසිඳුවතුර හා කොල පැහැ තණකොල වලින් වැසුන ඉවුරු සහිත ගංගාවක් , හරියට ඉන්ගලන්තෙ වගේ. ඒ කාලෙත් ඒක දුර්ලභ දර්ශනයක්

    ReplyDelete
    Replies
    1. හරිම කණගාටුදායක තත්ත්වයක් ප්‍රා ජේ...
      මං හිතන්නෙ ඉහළ වන විනාශයත්, මැණික් ගැරීමත් තමා ප්‍රධාන හේතුව

      Delete
  11. සින්හරාජේ ඇතුලේ නවතින්න දෙන්නේ නැද්ද? එහම නවතින්න තැනක් තියනවද

    ReplyDelete
    Replies
    1. පුළුවන්. වන සංරක්ෂණ බංග්ලෝ එකක් තියෙනවා. දරුවො එක්ක යන්න පුළුවන් හොඳ තැනක්. මට ෆ්‍රී වෙලාවක කෝල් එකක් දියං
      මං විස්තර කියන්නං

      Delete