Thursday, July 19, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 2 කොටස


සමනළ ලෝකයේ සොඳුරු පැතිකඩ ගැන මා ලියු පෙර ලිපිය මෙතනින් බලන්න... 
අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂ කිහිපයක් ගැන පසුගිය ලිපියෙන් මම සාකච්ඡා කළා. අද මම ඉදිරිපත් කරන්නේත් එදිනෙදා අපට සුලබව හමුවෙන සමනළ විශේෂ කිහිපයක් සහ වනාන්තර ගතව හමුවෙන තරමක් දුර්ලභ සුවිශේෂ සමනළ විශේෂ කිහිපයක්. 
එහෙනම් මෙන්න අද පළවෙනියා....
4. White Four Ring - Ypthima ceylonica 
White Four-Ring (Ypthima ceylonica
මේ සමනළයාත් රටේ බොහෝ කලාපවල  බහුලව වාර්තා වන විශේෂයක්. කලින් දැකපු විශේෂ වගේම මෙයත් පහතින් පියාඹන (low flyer)කෙනෙක්. මේ සමනළයා තමන්ගේ පියාපත් වල ඇති සුවිශේෂ ඇස් වැනි ව්‍යුහ නිසා ඉතා පහසුවෙන් හඳුනා ගත හැකියි. ඔහු මේ බොරු ඇස් භාවිත කරන්නේ විලොපියකන්(predators) බියකර ඔවුන්ගෙන් ගැලවී සිටීම සඳහායි.
White Four-Ring (Ypthima ceylonica)
මේ කුඩා නමුත් සුන්දර සමනළයා අයත් වන්නේ Nymphalidae කුලයටයි.


5. Plain Tiger - Danaus chrysippus
මේ ඉන්නේ තවත් සුලබ සමනළ විශේෂයක්. මෙයා ආසියාවෙන් විතරක් නෙවෙයි අප්‍රිකාවෙනුත් වාර්තා වෙන කෙනෙක්.  සුපුරුදු ලෙස අයත් වන්නේ Nymphalidae කුලයටමයි. නමුත් මෙයා Danainae කියලා උප කුලයකට  අයත්  බවක් මට යාන්තමින් මතකයි. මම ඒ ගැන හරියටම දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාන්න. අත්තටු අතර දිග සෙන්ටිමීටර අටක් පමණ වෙන මෙයා සාමාන්‍ය ප්‍රමාණයේ සමනළයෙක්. මෙයාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා දීප්තියෙන් වැඩියි. අවාසනාවට මා සතුව තිබෙන්නේ මෙයාගේ මෙම ඡායාරූපය පමණයි. 


6. Ceylon tiger - Parantica taprobana
ඔව් නෝනාවරුනි මහත්වරුනි, මා දැන් ඉදිරිපත් කරන්නේ මෙතෙක් ඉදිරිපත් කල සමනළුනට වඩා සුවිශේෂ සමනළ විශේෂයක්. සාමාන්‍ය ගෙවත්තක දකින්නට ටිකක් අමාරු මේ සමනළයා ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ විශේෂයක්. මෙයා හඳුන්වන්නේ Ceylon tiger කියලා. මෙයා අයත් වන්නේ Nymphalidae කුලයේ Danainae උපකුලයටයි. මම මේ ඡායාරූපය ගත්තේ හෝර්ටන් තැන්නේ කුඩා අඩිපාරක වසා සිටියදීයි. සමනලුන් සාමාන්‍යයෙන් තම ඛනිජ අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙසේ තෙත් පසේ ඇති ලවණ උරා බීම මගිනුයි.
තවත් ඉදිරිපත් කල යුතු සමනළ විශේෂ රාශියක ඡායාරූප මා සතුව තිබෙනවා. නමුත් ලිපියක් ඕනවට වඩා දිග්ගැස්සීමට මා අකමැති නිසා සෙස්ස පස්සට කල් තබනවා. හැකි ඉක්මනින්ම ඒ ඡායාරූපත් රැගෙන ඔබ හමුවෙන්නම්.

8 comments:

  1. ලිපිය ඒ හැටි දිග නැහැ.

    ReplyDelete
  2. ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූති කරනවා. මට මේ විස්තර ගොඩාක් වැදගත් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒක මට ලොකු සතුටක්.

      Delete
  3. මලයා ඔයාගේ බ්ලොග් එකනම් මාර වටිනවා. හරිම සුන්දරයි.ඔයා ලස්සනට ලෝකය දකිනවා. මමත් ලෝකයේ ලස්සන හොයමින් යන කෙනෙක්. මගේ බ්ලොගය පැත්තටත් ඇවිත් යන්න වෙලාවක.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  4. හොඳ ෆොටෝ ටිකක්,

    මල්ලි ඔය macro lens එකක් පාවිච්චි කරන්නේ නැද්ද? ෆොටෝස් වල ශර්ප්නේස්ස් ටිකක් මදි වගේ තේරෙනවා.

    ෆොටෝග්‍රෆ්ය් ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න.

    ReplyDelete
    Replies
    1. මම පාවිච්චි කරන්නේ කම්පැක්ට් කැමරාවක් අයියේ. ඒකෙ ලෙන්ස් මාරු කරන්න බෑ. ස්තූතියි සපෝට් එකට.

      Delete