Sunday, September 2, 2012

සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය part 2

කන්නෙලිය රක්ෂිතයේ පිහිටි අලංකාර දිය ඇල්ලක් වන අනගිමල ඇල්ල මංපෙත ඔස්සේ  සංචරණය කරද්දී දුටු සුන්දර දසුන් තමයි මම මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන ආවේ. ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ නාරන්ගස් ඇල්ල මංපෙත ඔස්සේ ගමන් කරද්දී දුටු දසුන් කීපයක්. පසුගිය දා අපි ගමන් කරපු අනගිමල ඇල්ල මංපෙතට වඩා නාරන්ගස් ඇල්ල මංපෙත දුෂ්කරයි. තාර පාරෙන් බැහැරව ගස් ගල් උඩින් කිලෝමීටර පහක පමණ දුරක් ගමන් කිරීමෙන් පසුව තමයි නාරන්ගස් ඇල්ලට ළඟාවෙන්න පුළුවන් වෙන්නේ.  
මේ වගේ ලස්සන දියපාරවල් රාශියක් මේ මංපෙත ඔස්සේ සංචාරය කරන උදවියට දකින්නට ලැබෙනවා. මේ නොඉඳුල් දියදහරා වල ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ රාශියක් දැක ගන්නට පිළිවන්. රතු පැහැ වල්ගයක් සහිත තල්කොස්සා (Belontia signata), හල්මල් දණ්ඩියා (Rasboraides veterifloris), කොළ කනයා (Channa orientalis), හීතමස්සා (Puntius oleurotaenia), බුලත් හපයා (Puntius nigrofasciatus) ආදී දුර්ලභ එමෙන්ම ආවේනික මත්සයන් මේ දියදහරා වල ඉතාම සුලබව වාර්තා වෙනවා. ගල් තලා මතින් ගලා බසින මෙම දියදහරා වල සුලබම මත්ස්‍යයා වන්නේ ගල් පාඩියාය (Garra ceylonensis).
Ahatulla nasutus
මේ ඉන්නේ ලංකාවේ බොහෝ පරිසර පද්ධති වල ඉතා සුලබව හමුවන සුලුවිෂ සර්ප විශේෂයක් වන ඇහැටුල්ලා (Ahatulla nasutus). රුක්වාසී සර්ප විශේෂයක් වන නිසාම ඊට ගැලපෙන වේශන්තරණයකින් යුතු මෙයා ස්වභාවික පරිසර පද්ධතියකදී හඳුනා ගැනීම ඉතා දුෂ්කරයි. මේ ඡායාරූපය ගැනත් යමක් කිව යුතුයි. මේ සර්පයා අතේ තබාගෙන ඉන්නේ අපිත් එක්ක ගිය මග පෙන්වන්නා. මෙය කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් බවයි මගේ අදහස. මන්ද යත් මේ සතා සීපාවන්ට අපිට වගේ තුන්වේලට කෑම ලැබෙන්නේ නෑ. බොහෝවිට සර්පයෙකුට ගොදුරක් ලැබෙන්නේ දින ගණනාවකට එකවරක්. ඇතැම් විට අපි මේ බාධා කලේ දින ගණනාවක් බඩගින්නේ සිට ගොදුරකට කුරුමානම් ඇල්ලු සතෙකුට විය හැකියි. අපේ මේ බාධාව නිසා ඌට තව දින ගණනක් බඩගින්නේ ඉන්නට වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගොන් පාට් වලට දුටු තැන විරුද්ධ වෙන්න.
Ahatulla nasutus
මේ ඉන්නෙත් එයාමයි. ඇහැටුල්ලගේ සිරුරේ මේ වගේ වෛරම් පේන්නේ සතා කලබල වුනාම බවයි මගපෙන්වන්නා කිව්වේ. ඉතින් එයා තවත් කලබල නොකර අපි එතනින් පිටත් වුනා.
Adenomus kelaartii
මේ ඉන්නේ තවත් ලංකාවට ආවේනික ගෙඹි විශේෂයක්. මෙයා හැඳින්වෙන්නේ කෙලාර්ට්ගේ කුරු ගෙම්බා (Adenomus kelaartii) යන නමින්.
යෝධ පුස් වැල
කන්නෙලියට එනේ බොහෝ දෙනා අනිවාර්යයෙන්ම නරඹන තැනක් තමයි මේ යෝධ පුස් වැල. වනය පුරා බොහෝ ප්‍රදේශයක විහිදී ඇති මෙය වනයට ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයක්.
යෝධ පුස් වැල
මේ තියෙන්නෙත් ඒ යෝධ පුස් වැලේ කොටසක්.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ අපි සොයාගෙන ආපු නාරන්ගස් ඇල්ල. අවාසනාවකට අපි ආවේ වැස්ස අඩු සමයක. ඒ නිසා මෙහි දිය මදක් අඩුයි.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ එහිම තවත් දර්ශනයක්. මගේ ඊළඟ බලාපොරොත්තුව කබ්බලේ කන්ද තරණය කිරීම. එහි ගිය වහාම තොරතුරු ඔබට කියන්නම්.

14 comments:

  1. ඇහැටුල්ලාගේ දෙවෙනි පින්තූරය හරිම දුර්ලභයි.... ඒක ඔයාට ගන්න ලැබුනානම් ඔයා හරිම වාසනාවන්තයි... ඕක විවිධ මත වලට දුඩු දුන් කාරණයක්...

    අර ඇහැටුල්ලෝ අතින් අල්ලන එකනම් එච්චර විශේශයක් නෙවෙයි දිල්ශාන්, එයාලා දන්නවා කොතනද සර්පයා ඉන්නේ එයාගේ ගතිගුණ මොන වගේද ඒවා... ටිකක් මතක් කලොත් එක පාරට කල්පනාවට එයි මග පෙන්වන්නා එක පාරටම ගිහින් ගහකින් මෙයාව ගත්තනේ කියලා.. මොකද එයාලට ඔය වැඩේ පුරුදුයි.. බැරි වෙලාවත් එතන පොළගෙක් වගේ හිට්යොත් කොච්චර චන්ඩි උනත් එයාලා අතක්වත් තියන්නේ නෑ.... :

    ReplyDelete
  2. ස්තූතියි අභීත මේ පැත්තේ ආවට.
    ඇහැටුල්ලගේ දෙවෙනි ෆොටෝ එක නම් ගත්තේ ටිකක් වෙලා එතන බලන් ඉඳලා. ඇත්තටම එක නම් වාසනාවම තමයි.
    සර්පයා ඇල්ලීම ගැන මම අදහස් කලේ ඒකෙන් එයාගේ ස්වභාවික හැසිරීම් වලට බාධාවක් වෙයි කියලා. පොළඟා වුනත් ආරක්ෂාකාරීව අල්ලන මිනිස්සු මම දැකලා තියෙනවා. මම හිතන්නේ රක්ෂිතයක නිවී සැනසිල්ලේ ඉන්න සත්තු මිනිස්සුන්ගේ ආතල් වෙනුවෙන් ප්‍රදර්ශන භාණ්ඩ නොවිය යුතුයි කියලා. (අභීත අයියා මම හිතනවා උඹට මාව මතක ඇති කියලා.)

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙම උඹ විභාග දෙපාර්තමේන්තුවේ එකා කියලා... එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :D :D

      Delete
  3. හරිම ලස්සනයි අනර්ගයි.පිංතූර ටිකත් මරේ මරු

    ReplyDelete
  4. වැදගත් තොරතුරු ‍බොහොමයක් දැනගත්තා. ඊළඟ අගෝස්තුවෙ ලංකාවට ආවම යන්න හිතාගෙන ඉන්න නිසා, හැම තොරතුරක්ම මට ගොඩක් වටිනවා. බෙදාගත් වටිනා ඡායාරූප වලටත් ‍බොහොම ස්තුති!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා! කන්නෙලියේ යනදාක උදව්වක් ඕන වුනොත් කියන්න.

      Delete
  5. පින්තුර ටිකනන් පට්ට මචන්... යන්න හොද පැත්තක් වගේ ..... හිතල බලන්න ඕනේ ..... :D :D :D

    ReplyDelete
  6. මම මේ බ්ලොග් එකට ආවේ බොහොම කාලෙකින් .. පුදුමයි බං මට හිතාගන්න බැරි තරමට උඹ දියුණු වෙලා . දැන් මාර ලස්සනට ලියනවා මාරම ගති පින්තූරත් එක්කම .. ජය වේවා මචං .

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ මචන්. උඹේ සපෝට් එක මම මේක පටන් ගත්ත දා ඉඳලම තිබුනා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

      Delete
  7. Lovely Trip report !!1
    I have never been to Kaneliya,

    should try to visit next year.

    What is the best time to got there?

    ReplyDelete
    Replies
    1. Thanks a lot for visiting Rajiv. February to April is the best period as the lack of the rain.

      Delete
  8. //ඇහැටුල්ලගේ සිරුරේ මේ වගේ වෛරම්// ඇහැටුල්ලෝ දැකල තිබුනට මේ විදිහට ඉන්නවා නම් දැක්කම යි. ඇහැටුල්ලා මරු බඩුවක්. ඌට හය මාසෙකට වත් කන්න බැරි තඩි ගෙම්බෙක් ව වෙලාගෙන ඉන්නවා මං දැක්ක දවසක්. පැය ගාණක් හිටිය. පස්සේ නම් මොනවා උනාද දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ගෙම්බාට ඌ වැඩේ දෙන්න ඇති. මුන් කොච්චර හීනියට හිටියත් ඌ වගේ දෙකක් විතර මහත සතෙක් වුනත් අල්ලාගෙන ගිලින්න පුළුවන්. උන්ගේ හකුපාඩා ගොඩක් ප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ හොඳට ඇදෙන සුළුයි.

      Delete