Wednesday, January 16, 2013

ශෝකයෙන්, ක්‍රෝධයෙන් හා වෛරයෙන් දැනුම් දෙමි.....

තනි දළයා මරා දමා තිබේ. ඒ දළයා මේ දළයාමදැයි තවමත් හරිහැටි නිච්චි නැති නමුත් පසුගියදා හබරණදී දුර්ලභ තනි දළ හස්තියෙකු වෙඩි තබා මරා දමා තිබේ. තොපට ශාප වේවා!  

12 comments:

  1. කාටද ශාප වියයුත්තේ කියල නැහැ උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදිව ගැලපිලා නැහැ..

    ReplyDelete
    Replies
    1. ශාප විය යුත්තේ කාටදැයි උක්ත ආඛ්‍යාත ගළපා ඔලු අතගා කියාදිය යුතු යයි නොහඟිමි. තම නුවණින් විමසා දැනගත යුතු.

      Delete
  2. අමිල ජීවිතේ විහිළුවකට ගන්න එපා.සොබා දහම අපේ ජීවිතේ.
    ශෝකයෙන් ක්‍රෝධයෙන් හා වෛරයෙන් දැනුම් දීමකදි උක්ත ආක්‍යාත නෙමෙයි. අකුරු අඩු උනත් හදල කියවගන්න. මේ වෛරය වෙන කාටවත් නෙමෙයි. අපේ ජීවිතය වගේ තියෙන සොබා දහම නැති කරන එවුන්ට.ඒ දලයා ‍මොකා උනත් ඒ අහිංසක සතා මරදා දාපු කාලකන්නින්ට අපි හැමෝම එකතුවෙලා ශාප කරමු.

    ReplyDelete
    Replies
    1. මම උඹත් එක්ක 100%ක්ම එකඟයි දයියා. උඹ මගේ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එක මේ තරම් ඉක්මනට හැබෑ වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. උඹ වගේ හිතන එකෙක් විතරක් මට කමෙන්ට් කළත් හොඳටම ඇති. මෝඩ ආතල් ගන්න එවුන් සීයකට වඩා.

      Delete
  3. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා යසිරු. ඔයාගේ සිංහ පීඩියාව පැත්තේ ගොඩවුණා. දිගටම ලියන්න. ජයවේවා!

      Delete
  4. මම ඔයාගෙ බ්ලොග් එකෙ කියවන කෙනෙක්. ඔයා සොබාදහම ගැන තියෙන ආදරය, ලැදියාව අගය කරනවා. මටත් ගොඩක් කණගාටුයි මිනිස්සු සතුන්ට කරන මේ අපරාධ ගැන. ඕගොල්ලො වගේ හිතන්න අනෙක් උන්ට බැරි ඇයි කියල හිතෙනවා. ඒ වගේම හොඳ දේවල් කරන අයට තමයි වැඩියෙන්ම මිනිස්සු බනින්නෙ... ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි... බ්ලොග් එක ගොඩක් සාර්ථකයි... දිගටම ලියන්න... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුර. සොබා දහමට ආදරේ කරන මිනිස්සු රටකට සම්පතක්. ඒ වගේ මිනිස්සු බ්ලොග් එක හරහා අඳුන ගන්න ලැබීමත් පුදුම වාසනාවක්.

      Delete
  5. ඕකමැරුනම ආයෙ මනුස්ස වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මනුස්ස ආත්මයක් නම් ආයේ ඔය නරුමයාට ලැබෙන්නේ නෑ.

      Delete
  6. මලේ මට පෙරේදා දැනගන්න ලැබුනු විදියට මින්නේරිය, කවුඩුල්ල, හුරුලු රක්ෂිත අතර ගැවසුනු තනිදළයො දෙන්නගෙන් පොඩි එකා තමයි මරලා තියෙන්නේ. දළය ගන්න උත්සාහ කරලා නෑ. වෙන හේතුවකට වෙඩි තියලා බව පේනවා. සමහරවිට දඩයක්කාරයෙක් පස්සෙ පන්නන්න ඇති කියලා හිතන්න පුලුවන් බව දැනගන්න ලැබුනා.

    මගේ අත්දැකීමෙ හැටියට කැලේ මැද්දෙ සිද්ද වෙන මේ වගෙ අපරාධයකදි වගකිවයුත්තා සොයලා උසාවියකට ඉදිරිපත් කරන්න ප්‍රමාණවත් සාක්ෂි ගොනු කරගන්න අමාරුයි. කොහොම උනත් මම කලින් කිව්වා වගෙ දෙවියො උගෙ දරු පවුලත් එක්කම හැඳිගාලා දාවි.

    ReplyDelete
  7. හරිම වේදනාවක් දැනුන මේක දැක්කම. ඕවායේ ප්‍රතිපල කවද හරි ලැබෙයි.

    ReplyDelete