Monday, July 6, 2015

අවාරේ සිරිපා - අවසාන කොටස


අවාරෙ සිරිපා චාරිකාවේ දෙවන කොටස අරගෙන එන්න සෑහෙන්න පරක්කු වුණා. ඡායාරූප ටික ගබඩා කරල තිබුණු පරිගණක යන්ත්‍රයේ ඇති වෙච්ච කාර්මික දෝෂයක් තමයි ප්‍රමාදයට හේතු වුණේ. ඉතිං තරහ අවසරයි...! ඕං ඉතිරි ටික...

එදා රාත්‍රිය අපි ගත කළේ උඩ මළුවට පඩි කීපයක් පහතින් තියෙන කුස්සියේ. ඇත්තටම ඊට පෙර දවසේ රාත්‍රී හරිහැටි නින්දක් නොතිබීමත්, ගමන් මහන්සියත්, පරිසරයේ සුවදායී සිසිලසත් නිසා අපි හැන්දෑවේ හයහමාර හත වෙද්දිම නින්දට ගියා.

නමුත් මහරාත්‍රියේ හදිසියේම අප ඇහැරුණේ හුස්ම ගැනීමේ අපහසුවකින්. මුළු කුස්සියම දුමෙන් පිරිලා. දුම පිටවෙන්නට තැනක් නැති කමෙන් අපට හුස්මක් අරගෙන එහි ඉන්නට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ උදවිය උදේ බුද්ධ පූජාවට ආහාර සකස් කරනවා. වෙලාව බැලින්නම් පාන්දර 2.30යි. ඉන්පසු අපි හෙමින් උඩමළුවට ගියා. අධික සැඩ සුළං ධාරා හා දරාගත නොහැකි සීතල නිසා එහි රැඳී සිටීම ඉතාම අසීරු කරුණක් වුණා. 
පාන්දර තුන‍ට පමණ මරහීතලේ උඩ මළුවේ...

සීතලේ ගුලිවෙමින් අප නැගෙනහිර අහස දෙසම බලා සිටියේ කොයි වෙලේ ඉර සේවය දකින්නට හැකි වේදැයි සිතමිනුයි.

ඉර උදාව...
අවාසනාවකට වගේ අහස වළාකුලින් බරව තිබීම නිසා ඉර සේවයේ පැහැදිලි දසුනක් නැරඹීමේ භාග්‍යය අපට අහිමිව ගියා. මා සතුව තිබූ කැමරාවේ දුර්වල තත්ත්වයත් මනා ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව මට අහිමි කළා.

කෙසේ නමුත් ඉර උදාවෙන් පසුව අවට පරිසරය නම් වර්ණනා විෂයාතික්‍රාන්තයි මිත්‍රවරුනි. මම කියනවාට වඩා හොයි ඡායාරූප වලට කතා කරන්නට ඉඩදෙන එක.
අරුණැල්ලේ නැහැවෙන කඳු වළල්ල...

සිරිපාදයේ සෙවණැල්ල (නිල් පැහැයෙන් ත්‍රිකෝණාකාරව)
යන්තම් එළිය වැටෙද්දී අපි රත්නපුර පාරෙන් පහළට කරුණා කිරීම ආරම්භ කළා.
කුණුදිය පර්වතය
අවාර සමයේ රත්නපුර පාරෙන් ගමන්කිරීම තරමක් අනතුරුදායකයි. වනයෙන් වැසී ඇති පඩිපෙල, ඇතැම් විට ලිස්සායන සුළු බෑවුම් නිසාත්, නිරන්තරයෙන් සරන වනසතුන් නිසාත් මේ මග ගමන් කිරීම කල්පනාකාරීව කළ යුත්තක්. දින කිහිපයක් පැරණි අලි වසුරු අප කිසිසේත් බලාපොරොත්තු නොවුණු බෑවුම් ප්‍රදේශයකදී අපට හමුවුනේ සිතට‍ යම් බියක් ගෙනදෙමින්.
අලි වසුරු
එතැන පසුකර මද දුරක් යද්දී මේ දැන් බිඳ දැමුණු කුරුබට ගහණයක් දක්නට ලැබුණා. මහඇත්තන් මේ අවටම සිටින බවට එය නිසැක සාක්ෂියක් වූයෙන් අපි එතැන් පටන් ඉදිරියට ගියේ ඉතාම විමසිල්ලෙන්...
මල්බර වන‍ මං පෙත...

ස්නානය සහා සුදුසු දියපහරවල් රත්නපුර මංපෙතේ ඕනෑතරම් තියෙනවා. නමුත් මේවායෙන් දියනෑම ඉතා කල්පනාකාරීව කළ යුත්තක්. මොකද කන්ද ඉහළට ඇදහැළෙන මහවැසි නිසා කිසිදු අනතුරු ඇවීමක් නොමැතිව මේවායේ සැඩපහර ක්ෂණිකව ඉහළ යන නිසා.
සුන්දර චාරිකාවක් අවසානයේ අපි සිරිපාගමට පැමිණියේ මහවැසි මධ්‍යයේ. එතැනින් රත්නපුරයටත්, රත්නපුරයෙන් පානදුරත් පැමිණි මම ගෙදර ගියේ පහුවදා පාන්දර යාමයේ...

18 comments:

  1. නියම ගමන් විස්තරයක්.
    අපිට හිතන්න බැරි තරං කඳු පල්ලං වල අලි ගැවසෙන බව මාත් අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපිටම පුදුමයි අලි ඒවගෙ බෑවුමක කොහොම නැග්ගද කියල. ගාමිණි අයියගෙ 'යාල නැගෙනහිර අහිමි වනමං' පොතේ තියනවා අලියා කන්දට නගින්නෙ බොහොම සීරුවෙන් බවත් උෟ කන්ද බහිද්දි කොයිතරම් ඒකට අවධානය යොමුකරනවද කිව්වොත් පිටිපස්සෙන් ගිහින් උගෙ වල්ගෙ අල්ලන්න වුණත් පුළුවන් කියලා

      Delete
  2. එල ද බ්‍රා...
    මොන තරම් අනතුරැදායක වුනත් උඔ ඡිවිතය විදිනවා...මැරෙන දවසක උඔට ඡිවිතය දිහා බලලා හිනාවෙලා මැරෙන්න පුලුවන් උඔ ඒ තරම් වාසනාවන්තයි...
    මම දවසක මේ හිනය හැබැ කරගන්නවා..

    ReplyDelete
    Replies
    1. මේව දැන් අතිසුන්දර හීන මෙන්ඩා. ඉස්සර වගේ දැන් ගමන් යන්න තියෙන අවකාශය අඩුයි. පහුගිය සති අන්තෙත් අපේ කට්ටිය ගිය අතිසුන්දර ගමනක් මට මිස් වුණා. මේ තියන ආර්ථික ක්‍රමයත් එක්ක දැන් වීක් එන්ඩ් එකක් ට්‍රිපකට කැප කරන්න අමාරුයි මචං. දවස් දෙකක් ටියුෂන් පාඩු වුණොත් කෙළ වෙනවා. අනිත් අතට මගෙන් ඉගෙන ගන්න ළමයින්ට ඒක අසාධාරණයක්

      Delete
  3. සමහර අය මේ දවස් වල අවාරේ නගින්නෙ ට්‍රෙන්ඩ් එකට වගේ කසිකබල් පත්තර කාරයො තමයි ඒ තත්වෙ ඇති කලේ...
    තව කාලයක් යද්දි සිරිපාදෙ අවාරයක් නැතිවෙනව..
    අනික තමයි බං අපේ මිනිස්සු තමන් ගැන විතරමයි හිතන්නෙ හරිම තුච්චයි.. පොලිතින් කසල සුන් බුන් තැන තැන.. උං අඩු ගානෙ මේ පරිසරයෙ ලස්සන උංගෙ පොඩි උංට වත් විදින්න ඉතුරු කරන්නෙ නෑ...
    අපි කලිං පාර ගිය වෙලාවෙ නඩයක් කෑම කනව දැක්ක උංට පල්ලෙන් හිටයෙ අපි.. කාල කාල අර පොලිතිං එහෙම්ම බිම දාල ගියෙ අපි එතනිං යනකොට දැක්කෙ එතන වවුල් පොලක් වගේ අපිටම ලැජ්ජයි ඒ මදිවට තරහයි අන්තියේ අර පොලිතිං ටික එක් කරල එතනම තිබ්බ කුණු කූඩෙකට දාල කොල අත්තකිං අතු ගාලත් තමා ගමන පිටත් වුනේ..
    ඇත්තමයි අන්තිමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. වගකිවයුතු සංචරණය කියන සංකල්පය අපේ සංචාරකයෝ අහලවත් නෑ. අනිත් අතට සිරිපාදෙ වගේ තැන්වලට තිබිච්ච ආගමික වටිනාකම දැන‍් ඉස්සර වගේ නොලැබීමත් මීට හේතුවක්. ඉස්සර නම් ගිය මිනිස්සු කට වරද්ද ගන්නවත් බයයි නෙ. දැං යන එවුන් කුණු වෙන්න බීලා බයිල ගගහ සිරිපාදෙ යන්නෙ.
      මම හෞතික වාදියෙක්. ඒත් සිරිපාදෙ යනකොට ඒ සිරිත් අකුරටම රකිනවා. ඒ මං ඒවයෙන් පිහිටක් බල‍ාපොරොත්තුවෙන්වත්, ඒව විශ්වාස කරන නිසාවත් නෙවෙයි. ඒවගේ සුවිශේෂ සහ කාටවත් කරදරයක් නැති සංස්කෘතිකාංග රැකිය යුතුයි කියන අදහස නිසා.
      හැබැයි අවාරෙ සිරිපා නම් ට්‍රෙන්ඩ් එකක් වෙන එකක් නෑ මං හිතන්නෙ. මොකද එච්චර කට්ටක් කාගෙන යන්න සාමාන්‍ය මිනිස්සු උනන්දු‍ වෙන එකක් නෑ. හැබෑවටම කට්ට කා ගෙන යන එකෙක් ඔය වගේ පරිසරයට හානියක් කරන එකක් නෑ.
      නමුත් එහෙම හරි අවාරෙ යන එක පුළුවන් තරම් සීමා සහිත විය යුතුයි කියල මාත් හිතනවා.
      //අන්තියේ අර පොලිතිං ටික එක් කරල එතනම තිබ්බ කුණු කූඩෙකට දාල කොල අත්තකිං අතු ගාලත් තමා ගමන පිටත් වුනේ..// Respect you Brother....

      Delete
  4. චාරිකා සටහන හදිස්සියේ වගේ ලියල තියෙන්නේ, තව විස්තර තිබ්බනම් හොඳයි...

    උඹටත් මට වෙලා තියෙන දේවල්ම වෙලා තියෙනවා. ගියපු හොඳ ගමන් වලදී ෆොටෝ එකක් ගහ ගන්න එක්කෝ හොඳ කැමරා එකක් නැහැ, එහෙම නැත්නම් කැමරා එකක් තිබිලම නැහැ.
    කාලෙකින් සිරීපාදේ යන්න බැරි උනා. අන්තිමට ගියේ 2006 දී.

    අපි ගියපු ගමන් වලදී පරිසරයට වෙච්ච එකම හානිය තමයි වැසිකිළි පහසුකම් නැති අවස්ථා වල එළි මහනේ එළි බැහැපු එක.
    ඒකත් ඉතින් දිරාපත් වෙන නිසා අවුලක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඇත්තට ලොකූ ටිකක් හදිසියෙ තමයි ලිව්වෙ...
      ඔය කාලෙ වෙද්දි මා ගාව තිබුනෙ Mytech කියලා කැමරාවක්. යාන්තම් ෆෝන් කැමරාවක් වගේ තමයි කොලිටිය.

      //අපි ගියපු ගමන් වලදී පරිසරයට වෙච්ච එකම හානිය තමයි වැසිකිළි පහසුකම් නැති අවස්ථා වල එළි මහනේ එළි බැහැපු එක.//
      අම්මප ඇත්ත මචං...

      Delete
  5. පින්තූරු ටික නං මල් මසුරං. තව දාන්න තිබ්බා.
    ඇත්තටම මචෝ ගියපාර කිව්වා වගේ ඔය කොතැනටත් යන්න ඕනි ඕෆ් සීසන්. මොන මගුලට වුණත් එහෙමයි. ළමයි ඉස්කෝලෙට දාන්න ඕනි අනික් උන් එන්න කලිං. වැඩට යන්න ඕනිත් එහෙමයි. උඹ එදා කිව්වා වගේ පෝය නැති දාකයි පන්සල් යන්න ඕනි. සතියෙ දවස්වලයි ට්‍රිප් එකක් යන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචං. ඕෆ් සීසන් ගියාම ප්‍රශ්න ගොඩක් අඩුයි. අත්දැකීමෙන් කියන්නේ. හැක්

      Delete
  6. ෆොටෝස් ටික නම් ඉස්තරම්... මං තාම ගිහින් නෑ(ලැජ්ජාවෙන් කියන්නෙ). සිරිපා වාරෙට නම් ඔහොම සුන්දරත්වය විඳින්න අමාරු ඇති සෙනග නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට. ඡායාරූප ශිල්පියෙක්ගෙන් ලැබෙන අගය කිරීමක් කොහොමත් වටිනවා.
      අනිවාර්යයෙන් එක පාරක් හරි යන්න. වාරෙත් සෙනග අඩු කාල තියෙනවා. පෙබරවාරි වගේ. ඒ වගේ කාලෙක ගියොත් එච්චරම අවුලක් වෙන එකක් නෑ.

      Delete
  7. එදා කියපු දේ තමයි අදත් කියන්න තියෙන්නෙ...කවදාවත් සිරීපාදෙ ගිහින් නැති නිසා යන්න හරිම ආසයි..මම ලංකාවට එන දවසක අවාරෙ උදා වෙලා තිබුනොත් මේ ලිපිය නැවත්ත කියවනවා යන්න කලින් අනිවා..

    ReplyDelete
    Replies
    1. එළ....ලංකාවට ආව දාක අනිවා යං...

      Delete
  8. හරිම වටිනා ‍විස්තරයක් සහ දැනුම පිරි රසවත්ව ලියැවුණ චාරිකා සටහනක්...
    පිංතූරත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇගයුමට....චාරිකා සටහන් ලියන කෙනෙක් හමුවීම සතුටක්

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සීසන් එකේනම් තාම යන්න බැරිඋනේ සදගල තැන්න හරහා විතරයි.ඕෆ් සීසන් කවදාකවත් ගිහින් නෑ..ආයිත් යමුකො?

    ReplyDelete