සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට පුළුවනි. රටේ ඉතිහාසයේ පමණක් නොවෙයි මානව ඉතිහාසයේත් සුවිශේෂ මංසලකුණු රාශියක් දක්නට ලැබෙන සොඳුරු සබරගමුවටයි මෙවර සොබාරූ චාරිකාව.
අපේ ප්‍රධානතම අරමුණ වුණේ ‘කැතිගහන ඇල්ල' හෙවත් 'ගලගම ඇල්ල' නැරඹීමයි. මිනිස් ඇසින් වහංව ගන කැලයක් මැද පිහිටි මෙම ඇල්ල ඉතා අප්‍රකට එකක්. තාමත් මිනිස් පහසින් ඉඳුල්ව නැති නිසාම මෙම ඇල්ලට ලඟාවිය හැකි ආකාරය පිළිබඳ මං සලකුණු මම මෙහි සටහන් කරන්නේ නෑ. සැබෑම සංචාරකයෙකුට පමණක් පෞද්ගලිකව මගෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
බෙලිහුල්ඔය |
ගමනේ අපගේ පළමු නවාතැන වුණේ සුන්දර බෙලිහුල් ඔයයි. එහිදී උදෑසන ආහාරය ලබාගත් අපි පහන්තුඩාව ඇල්ල නරඹන්නට පිටත් වුණා. සංචාරකයන් අතර ඉතා ප්‍රකට ඇල්ලක් වන පහන්තුඩාව පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයට ඉතා ආසන්නයෙන්. පහසුවෙන් ළඟාවීමට ඇති හැකියාව නිසාම පහන්තුඩාව ඇල්ල අවට අප ගිය දිනයේත් බොහෝ රසකාමීන් රැඳී සිටියා.
පහන්තුඩාව |
බෙලිහුල්ඔයේ නිර්මාණයක් වන පහන්තුඩාව එතරම් විශාල ඇල්ලක් නොවෙයි. නමුත් එහි පාමුල ඇති අඳුරු ඉතා ගැඹුරු තටාකයත්, පහන් දැල්ලක හැඩය ගත් දිය දහරත්, වටේ ඇති විශාල ඛාදිත ගල් පර්වතත් මේ පරිසරයට අපූරු හා ගුප්ත හැඩයක් එකතු කරනවා.
පහන්තුඩාව ඇල්ල අවට පරිස්සමෙන් හැසිරෙන්නට වගබලා ගත යුතුයි. යාන්තම් පය ලිස්සා ගියහොත් ඇද වැටෙන්නේ පතුල සිතා ගන්නටත් නොහැකි ආගාධයකටයි.
අපි ඊළඟට ගමන් කළේ සමනල වැවේ බැම්ම නරඹන්නටයි. රටේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන මෙයින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන ධාරිතාව ගිගාවොට් 450ක්.
සමනල වැව |
එහි බැම්මේ ඇති වී තිබෙන කාන්දුවක් නිසා අතිවිශාල ජලකඳක් පිටතට ගලා යනවා. නමුත් එය අපතේ යාමක් නොවන්නේ එමගින් පහළ කෘෂිකාර්මික ප්‍රදේශවලට දියවර සැපයෙන නිසා.
අපේ එදින නවාතැන්පොළ වුණේ හිරිකටුඔය පාරිසරික කඳවුරයි. බොහෝම සුන්දර කඳු නිම්නයක පිහිටා ඇති මෙම කඳවුර අසලින්ම හිරිකටුඔය සිලිසිලියේ ගලා බසිනවා.
කඳවුරේ දොරටුව |
සියලු මූලික පහසුකම්වලින් සමන්විත මෙම කඳවුරේ ආහාර පිළියෙළ කර ගැනීම සඳහා සේවක මහතුන් දෙදෙනෙකු සිටිනවා.
කඳවුර |
හිරිකටුඔයේ රිද්මික නාදයත්, රෑසියන් හා වෙනත් නිශාචර සතුන්ගේ නාද මැද හඳපානේ ගත කළ එම රාත්‍රිය අතිශයින් සුන්දර එකක්.
හිරිකටුඔයේ සිලිසිලියේ... |
පසුදා පාන්දරම අප ගමන් ආරම්භ කළේ අපේ අරමුණ ඉතා දුෂ්කර හා දුරබැහැරින් පිහිටා තිබුණු නිසා. අතරමග පරිසරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගමන් කළා.
සුන්දර දසුන්... |
කඳු බෑවුමේ ඉහළට යත්ම අවර පරිසරය වඩාත්ම සුන්දර වෙන්නට පටන් ගත්තා. පහළ බෑවුමේ බොහෝ දුරට යනතුරු විහිදී තිබුණේ සශ්‍රීක සබරගමු නිම්නයයි.
පහළ සබරගමු නිම්නය |
සුන්දර සමනල වැව පමණක් නොවෙයි උඩවලවේ ජලාශයත්, හම්බන්තොට තෙක් පැතිරී ගිය තැනිතලාවත් මුහුදු මට්ටමේ සිට අඩි හාරදහසක පමණ ඉහළ සිට දැක ගන්නට අපට පුළුවන් කම ලැබුණා.
සමනළ වැව හා වලවේ නිම්නය |
ක්‍රමයෙන් ඉහළ නැගි අප අතරමගදී ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයකට පිවිසියා. Baker's Bend නමින් ප්‍රකට මේ සුවිශේෂ වංගුව ඉතා සුන්දර පිහිටීමක්.
බේකර්ගේ වංගුව |
අතරමගදී දුටු කණගාටුදායක සිදුවීමක් තමයි මේ.
බ්ලූ ස්ටාර්... |
මේ සුන්දර පුෂ්පය අමිහිරි එකක් වන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් ඇති වන්නට ඇති. මෙය පෙනුමෙන් කෙතරම් සුන්දර වුණත් දැඩි ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්වන විදේශීය ශාකයක්. මා මීට පෙරත් මේ පිළිබඳ බ්ලොග් ලිපිවල සඳහන් කොට තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ Blue Star - (Aristea acklonii) නමින්. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය දැන් මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධතීන්හි පැතිර යනවා. මීට වසර හතරකට පමණ පෙර පට්ටිපොළ හෝටන් පිවිසුම් මග දෙපස දක්නට ලැබුණු මේ ශාකය දැන් හෝටන් තැන්නෙන් පහළටත් ගමන් අරඹා තිබෙනු දක්නට ලැබුණා.
වනය මැදින් දිගටම |
එක්තරා සීමාවකදී මගින් බැහැරව වනාන්තරයට ඇතුළු වූ අපි අපේ ඉලක්කය සොයා ගියා. ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අරමුණට ළඟා වුවත් දිය ඇල්ලේ ජලය තිබුණේ ඉතාම ස්වල්පයයි.
වැහැරුණු සොඳුරිය |
මේ එම ඇල්ලේම දිය පිරුණු සමයක පින්තූරයක්. ඡායාරූපයේ අයිතිය - කසුන් ලක්මාල් ප්‍රේමදාස
පිරුණු සුන්දරත්වය - කසුන් ලක්මාල් ප්‍රේමදාසගේ පින්තූරයක් |
කෙසේ නමුත් අතිදුෂ්කර ගමනක් අවසානයේ අපි අපේ අරමුණ ජයගත්තා. මේ ඇල්ල ලොවින් සැඟවී ඇති එකක් නිසාම එහි නොඉඳුල් බව තාමත් සුරක්ෂිතව පවතිනවා. ඒ සුන්දරත්වය හැමකල්හිම රැකී පවතීවා යන්න අපගේ එකම අපේක්ෂාවයි.
(කැමරා උපකරණ සැපයූ සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බෝම පිං...
ගමනේ පුංචි වීඩියෝ එකකුත් තියෙනවා බලන්න.
ගමනේ පුංචි වීඩියෝ එකකුත් තියෙනවා බලන්න.
The Valley කියල තියෙන ෆොටෝ එකේ කන්ද සුද්ද වෙලා තියෙන්නෙ ෆයිනස් වවල අයින් කරල නිසාද?
ReplyDeleteසමනල බන්ට් එක ඕන කෙනෙකුට බලන්න දෙනවද, අවසර ගන්න ඕනද?
මිනිස්සුන්ගෙ ඇස නොගැටිලා තියෙන තැන් වලට පාර නොකියන එකනං හොඳ දෙයක්.
මේ හරියෙ ෆයිනස් නම් දැක්කෙ නෑ මචෝ...
Deleteසමනල බන්ට් එක බලන්න දෙන්නෑ... අපිත් ඒක ළඟට ගියා විතරයි
මල්ලි, Baker's Bend හමුවන්නේ මොන පාරෙන් ගියාමද?
ReplyDeleteවිස්තරය ඉතා අගෙයි ඒ වගේම ෆොටෝ ටික සුපිරි.
https://www.facebook.com/profile.php?id=100008343486861&sk=photos&collection_token=100008343486861%3A2305272732%3A69&set=a.1670482056573228.1073741987.100008343486861&type=3
Deleteතෑන්ක්ස් ප්රෙසා... සාලිය අයියට උත්තරේ ප්රහසන්න දීලා. මේ නන්පේරියල් පාර. ඔය අනුර පල්ලෙමුල්ල අයියා යන කාලෙ හොඳට වතුර තිබිලා තියෙනවා.
Deleteපින්තූර අගය කළාට බොහෝම ස්තූතියි අයියා
හිරිකටුඔය පාරිසරික කඳවුර ගැන විස්තරයක් ඕනේ ..
ReplyDeleteඋබ දන්න හැම විස්තරයක්ම ඕනේ ..වෙනම පොස්ට් එකක් විදිහට ලිව්ව්වත් කමක් නැහැ..
වෙන් කරගන්න විදිහ
මුදල
පහසුකම්
දුරකතන අංක
අනිවාර්යයෙන් විස්තර ටිකක් වෙනම දාන්නම් මචං
Deleteඒ වගේ තැන් වල නවතින්න්න ප්ලුවනම් ලොකු දෙයක් හෝටල් වල හිර වෙනවට වඩා
Deleteලස්සන ලිපියක්. ලස්සන පින්තූර ටිකක්.
ReplyDeleteජයවේවා!!!
Thanks Dumi
Deleteගොඩක් හොද විස්තරයක්. සබරගමුව කොහොමත් ලස්සනඊ.උඩවලව ජලාශය පේන පින්තුරයක් දාලා තිබුණා නේද .උඩවලව වනෝද්‍යානය ලස්සනඊ.බලන්න එන්න කැලේ ඇතුලේ නවතින්න බංගලා තියනවා. තව බලන්න. දේවල් ගොඩක් තියනවා වවුල්පනේ බලන්නත් පුළුවනි උනුදිය පොකුණු බලන්නත් ලගඊ .ඔන්න මම දන්න දේවල් ටිකක් කිඋවා.
ReplyDeleteගොඩක් හොද විස්තරයක්. සබරගමුව කොහොමත් ලස්සනඊ.උඩවලව ජලාශය පේන පින්තුරයක් දාලා තිබුණා නේද .උඩවලව වනෝද්‍යානය ලස්සනඊ.බලන්න එන්න කැලේ ඇතුලේ නවතින්න බංගලා තියනවා. තව බලන්න. දේවල් ගොඩක් තියනවා වවුල්පනේ බලන්නත් පුළුවනි උනුදිය පොකුණු බලන්නත් ලගඊ .ඔන්න මම දන්න දේවල් ටිකක් කිඋවා.
ReplyDeleteකෝ අර හෝටල් විස්තර
ReplyDeleteඅළුත් ලිපියක් ඕනි.
ReplyDeleteඇවිත් ගියා
ReplyDeleteලොකු පුතාගේ බ්ලොග් එකෙන් තමයි මේ පැත්තට ආවෙ, ඩිල්ශාන් මට පොඩි විස්තර ටිකක දන ගන්න අවශ්‍යයි, පුළුවන් නම් උදව් කරන්න :
ReplyDelete- හිරිකටුඔය කඳවුර වෙන්කර ගන්නා විදිහ ගැන විස්තර දෙන්න පුලුවන්ද ?
- කඳවුර තියන හරියේ නාන්න තරමට වතුර තියන තැන් හිරිකටු ඔයේ තියනවද ?
- මේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම් අවුරුද්දේ හොඳම කාලය කුමක්ද ?
Sorry for English machan. Sinhala doesn't work.
DeleteHirkatuoya must be booked from Forest Department Battaramulla
From Feb. to Aug. It is very dry.
January is ideal I suppose
ඇයි බන් ලියන්නෙ නැත්තෙ ..
ReplyDeleteFriday, July 14, 2017 - Friday, January 06, 2018 ?
ReplyDeleteමම හමදාම ක්යනවා වගෙ ..දහ සැරයක් කියෙවත් එපා වෙන්නෙ නැති මෙ වගෙ පොස්ට් උබලා ලියන්නෙ නත්තෙ අපෙ කරුමෙට බන්
ඒක නං පපුවටම දැනුණා මෙන්ඩයියෙ... ඉක්මණටම ලියනවා බං... කොහෙවත් යන්න වෙලාවක් සෙට් වුණේ නෑ.. ඒකයි ලිව්වෙ නැත්තෙ... දැං කැමරාවත් තියනවා
Deleteඇයි අලුත් පෝස්ට් එකක් ලියන්නේ නැත්තේ???
ReplyDeleteජය වේවා !!!!!
ReplyDeleteලෝකාන්තෙට යන පාර නෙද?